Skip to main content

වැලි කැට




රතු පා‍ට හිරු මඬල හූල්ලන
කාෂ්ටකයේ
නියං සායට
කළු, දුඹුරු, බොර පාට වැලි කැට
තැලී පොඩි වී විසිරී
උනුන් නාඳුනන සේ
පදම් වී ඇත
පොළෝ කුහරෙටම.

හීනියට හමා යන
කරවෙච්ච හුළඟටත්
විසිරී යයි
වැලි කැට
ගඳ ගහන දූලියක් උඩ විසිකරමින.

ඕනැ කර තිබේ
සුසුම් ලන පොළොවට
පැහැයක් නැති දිය බිඳක්
මුන් හැම දෙන බැඳ ගන්නට.

වඳ අහසක්
නොදෙන කල දිය බිඳක්
රතු පාටට
කිරි මෙන් උකුවට
ගලා ගොස් තිබුණිය
නාඳුනන මිනිසෙකුගෙ
රුධිරය
එකතු කරමින්
වැලි කැට
මැලියමක් සේ බැ‍‍‍ඳෙමින.

ඔහු හෙළා තිබූ රුධිරය
නිසල කරවා තිබුණි
ඔහු ගේම සිරුර
ෂෙල් වෙඩි පහරකට ලක් වී
හිස අතුරුදන් කර තිබූ බැවින.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ...

ඊනියා යන පදයේ භාවිතය - අරුත් පහදුව 1

සිංහලෙන් මූණු පොතේ සහ බ්ලොග් ලියන මගේ හිතවතුන් වෙනුවෙන් මම අලුත් වැඩක් ආරම්භ කරන්න සිතුවෙමි . නිතර අපට හමුවන සිංහලභාෂාමය වැරදි නිවැරදි කර ගන්න සරල පිටිවහලක් සැපයීම එම කාර්‍ය්‍යයි . ව්‍යාකරණය , අක්ෂරවින්‍යාසය පමණක් නොවේ විවිධ භාෂාශෛලීන් සහ සම්ප්‍රදායයන් ගැනත් මෙහිදී කතා කරන්නට මම අපේක්ෂා කරමි . ඉදින් ඔබට හමුවන එවැනි ගැටලු වෙතොත් කරුණාකර එය මට දන්වා එවන්න . මම ඒවා එකතු කර මෙවැනි අරුත් පහදුව සටහනකින් එය පැහැදිලි කරමි . මෙය එම ලිපි පෙළේ පළමු වැන්නය . ඊනියා යන පදය ඔබ සැම අසා ඇති යැයි සිතමි . නමුත් බොහෝ අයෙකු මෙහි අර්ථය නිවැරදිව දැන භාවිත කරන බවක් නොපෙනේ . ඊනියා සමාජවාදය , ඊනියා කාන්තා නිදහස වැනි යෙදුම්වලදී මෙය භාවිත වන්නේ ' අන්තවාදී ' හෝ ' ආදානග්‍රාහී ' වැනි අර්ථයකිනි . තවත් සමහරුන් එය ' ඉහත දක්වන ලද ', ' එසේ කියන ලද ' වැනි අර්ථවලිනුත් එය භාවිත කරන බව පසුව මට දැන ගන්නට ලැබුණි . නමුත් එවැනි අර්ථය මේ පදයේ නැත . ඊනියා මෙන්ම මීනියා යන පදයත් විද්‍යාචක්‍රවර්තී විසින් බුත්සරණ ලිවීමේදී යොදා පද දෙකකි . ඊනියා යන්නෙහි අර්ථය ' එම න්‍යාය ' යන්නයි මීනියා ...