උදේ නැගිට්ට වෙලේ ඉඳං
රෑට නිදා ගන්න තුරුම
තොරතෝංචියක් නැතිව
උඹේ කංකරච්චලය
මට දැං ඇති වෙලා.
උඹ හැමදාම කියන්නෙ එකම සින්දු
එකම බණ
එකම විචාර
උඹ හදන්නෙ රට හදන්න
ලෝකෙ හදන්න
දේශපාලකයන්ට උගන්වන්න
ආර්ථික විද්‍යා විශ්ලේෂණ
න්‍යායාත්මක මතවාද
අරක ද මේක ද
රටේ නැති බහු බූත
ඇති වෙන්නැද්ද බං ඔය කියවිල්ල
දැං කොච්චර කාලයක් වෙනවද?
මට නං අහං ඉන්න බෑ.
ඇයි උඹට තේරෙන්නැත්තෙ
උඹට ඕව කරන්න බෑ.
උඹ දුප්පත්...
ඉගෙන ගත්තෙ ගමේ ඉස්කෝලෙ.
ගියෙ ලංකාවේ කැම්පස් එහෙකට.
උඹ කියන දේ
අහන්නෑ කවුරුවත්.
කරුණාකරල දැං වත් කට වහගනින්.
නැත්තං මං උඹව දාල යනවා.
නැත්තං මං උඹව දාල යනවා.
සියදහස් වරක්
දාලා යන්නට සිතුනත්
මට ඒකටත් බයයි.
ධෛර්යයක් නෑ.
ආත්මවිශ්වාසයක් නෑ.
මං කොහොමද උඹව දාල යන්නෙ.
උඹ මගේ ‘හිත’ නෙ.
දාලා යන්නට සිතුනත්
මට ඒකටත් බයයි.
ධෛර්යයක් නෑ.
ආත්මවිශ්වාසයක් නෑ.
මං කොහොමද උඹව දාල යන්නෙ.
උඹ මගේ ‘හිත’ නෙ.
Comments
Post a Comment