Skip to main content

Posts

Showing posts from 2019

බුද්ධ චරිතය අවිචාරවත් ලෙස ප්‍රශ්න කිරීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ සැබෑ ජීවනකථාව නිවැරදිව දන්නා කෙනෙකු මේ මිහිපිට නැත. උන්වහන්සේ ඉපදුණේ කොහේද, කුමන කලෙකද, අම්මා තාත්තා කවුද, විවාහ වුණේ කවද්ද, ගිහිගෙය අතහැරියේ කවද්ද, කොහොමද, මේ ආදි දහසක් ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු සැපයිය හැකි කෙනෙකු නැත. විවිධ පුරාවිද්‍යා සාධක, පශ්චාත් සාහිත්‍ය සටහන් ආදිය පාදක කර ගනිමින් උන්වහන්සේගේ චරිතකථාව විවිධ භූමිප්‍රදේශ අළෙලා ප්‍රතිනිර්මාණය කිරීමට අනාදිමත් කාලයක සිට විවිධ පාර්ශ්වයන් උත්සාහ ගන්නා බව පෙනේ. භාරතීය කථාව එබඳු ප්‍රතිනිර්මාණයක් වන අතර එය ලෝකයේ වැඩියෙන්ම පිළිගැනුණ කතාවත් වෙනවා. එයට අභියෝග කරමින් මෑත කාලයේදී ලංකාව පාදක කර ගත් කථාවක් ගොඩනැඟුණු බව කවුරුත් දන්නවා. ලංකාවේ කතාවට වඩා තරමක් ශක්තිමත් පසුතලයක් ඇති කතාවක් තායිලන්තයේත් තියෙනවා. බුදුදහම ව්‍යාප්ත වී ගිය සෑම රටක්ම අඩු වැඩි වශයෙන් තමන්ගේ රටේ බුදුහාමුදුරුවන් උපන් බව කියා ගැනීමට උත්සාහවත් වී ඇති බව තේරෙන්නේ එවැනි රටවල් කීපයක සංචාරය කළ අයෙකුටය. එය එක්තරා ආකාරයක උමතුවක් මිස වෙන කිසිවක් නොවේ. කෙසේ වෙතත් මට මෙහිදී කියන්නට අවශ්‍ය වන්නේ අවසාන වශයෙන් මේ සියල්ල ‘කතන්දර’ පමණක් වන බවය. ඉදිරිපත් වන සාධක

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වීමේ වැදගත්කම

එ කෙචි භංතෙ භගවතා බුධෙන භාසිතෙ සර්වෙ සෙ සුභාසිතෙ වා ස්වාමීනි, භාග්‍යවත් වූ බුදුන් වහන්සේ විසින් යම් කිසිවක් දේශනා කරන ලද ද ඒ සියල්ල සුභාෂිත ම වේ. අශෝක අධිරාජයෝ -භෛරාට් සෙල්ලිපිය. හැඳින්වීම ‘මා පිටකසම්පදානෙන’ යනුවෙන් කාලාම සූත‍්‍රයේ දී පිටක යන පදය භාවිත වූයේ කිසියම් ආගමිකග‍්‍රන්‍ථ (scriptures) හැඳින්වීමට බව අටුවාව ලබා දෙන ‘පිටකතන්ති’ යන තේරුම අනුව අපට සිතා ගත හැකි ය. එහෙත් විනය පිටකයේ ද පෙළේ බොහෝ තැන්වල ද අපට නිතර හමු වන්නේ ‘පිටක’ යන පදය ‘භාජනය/පැස’ යන තේරුමකින් භාවිත වූ බව ය. ‘පිටක’ යන පදයෙන් මෙලෙස භාජන යන්න අදහස් වූයේ නම් එය ආගමිකග‍්‍රන්‍ථ සඳහා භාවිත වූයේ කෙසේ ද යන්න විමසිය යුතු කරුණකි. වී. ට්‍රෙන්ක්නර් පඬිතුමාගේ අදහස වූයේ මෙහි පිටක යන්නෙන් අදහස් වන්නේ වැඩබිමක පස් ආදිය පුරවාගෙන යාමට භාවිත කරන තාච්චි වැනි භාජන සඳහා බව ය. එවැනි තැනක තාච්චියට පස් පුරවා අතින් අත හුවමාරු කර ගෙන යාම පෙරදිග මිනිසුන් අතර පවතින බැවින් ඒ අයුරින් ම ‘පිටක’ යන්නෙන් කිසියම් ධර්ම කොට්ටාසයක් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පවරමින් ඉදිරියට ගෙන යාමක් අදහස් වේ. වින්ටර්නිට්ස් පඬිතුමාගේ අදහස