Skip to main content

බුද්ධ චරිතය අවිචාරවත් ලෙස ප්‍රශ්න කිරීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ සැබෑ ජීවනකථාව නිවැරදිව දන්නා කෙනෙකු මේ මිහිපිට නැත. උන්වහන්සේ ඉපදුණේ කොහේද, කුමන කලෙකද, අම්මා තාත්තා කවුද, විවාහ වුණේ කවද්ද, ගිහිගෙය අතහැරියේ කවද්ද, කොහොමද, මේ ආදි දහසක් ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු සැපයිය හැකි කෙනෙකු නැත. විවිධ පුරාවිද්‍යා සාධක, පශ්චාත් සාහිත්‍ය සටහන් ආදිය පාදක කර ගනිමින් උන්වහන්සේගේ චරිතකථාව විවිධ භූමිප්‍රදේශ අළෙලා ප්‍රතිනිර්මාණය කිරීමට අනාදිමත් කාලයක සිට විවිධ පාර්ශ්වයන් උත්සාහ ගන්නා බව පෙනේ. භාරතීය කථාව එබඳු ප්‍රතිනිර්මාණයක් වන අතර එය ලෝකයේ වැඩියෙන්ම පිළිගැනුණ කතාවත් වෙනවා. එයට අභියෝග කරමින් මෑත කාලයේදී ලංකාව පාදක කර ගත් කථාවක් ගොඩනැඟුණු බව කවුරුත් දන්නවා. ලංකාවේ කතාවට වඩා තරමක් ශක්තිමත් පසුතලයක් ඇති කතාවක් තායිලන්තයේත් තියෙනවා. බුදුදහම ව්‍යාප්ත වී ගිය සෑම රටක්ම අඩු වැඩි වශයෙන් තමන්ගේ රටේ බුදුහාමුදුරුවන් උපන් බව කියා ගැනීමට උත්සාහවත් වී ඇති බව තේරෙන්නේ එවැනි රටවල් කීපයක සංචාරය කළ අයෙකුටය. එය එක්තරා ආකාරයක උමතුවක් මිස වෙන කිසිවක් නොවේ. කෙසේ වෙතත් මට මෙහිදී කියන්නට අවශ්‍ය වන්නේ අවසාන වශයෙන් මේ සියල්ල ‘කතන්දර’ පමණක් වන බවය. ඉදිරිපත් වන සාධකවල බර කිරා බලා මැන කැමති කතාවක් බාර ගැනීමට කාටවත් බාධාවක් නැත. ඇයිද යත්, ඒ කුමන කතාවක් බාර ගත්තත් ඒ මනුස්සයා එමඟින් බෞද්ධයෙකු නොවන නිසාය.

අප අද දන්නා බුද්ධ චරිතය සම්පූර්ණයෙන්ම සාහිත්‍ය ප්‍රබන්ධයකි. එම ප්‍රබන්ධය ගෙතීම ආරම්භ කර ඇත්තේ ආසන්න වශයෙන් බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා වසර 400ක් පමණ ගත වූ පසුවය. කෙටියෙන්ම කියතොත් බුද්ධචරිතය ලියූ කිසිදු ලේඛකයෙකු බුදුහාමුදුරුවන්ව ජීවමානව දැක නැත. මේ වගේ චරිත කථාවලට කියන්නේ hagiography කියාය. බුද්ධචරිතය මෙසේ කතාවක් ලෙස ගෙතීමේදී ත්‍රිපිටකයේ තැනින් තැන හමුවන සිදුවීම්ද, ජෛන සාහිත්‍යයෙන් උපුටා ගත් කොටස්ද එකතු කර ඇත. වඩාත් ම වැදගත් වන්නේ, එකී ලේඛකයන් එවක සමාජය විසින් සම්මත, සම්භාවිත, ‘සාධු, සත්පුරුෂයෙකුගේ ගති ලක්ෂණ, මහාපුරුෂයෙකුගේ ගති ලක්ෂණ’ සලකා බලා ඇති බවය. මේ හැර ඒ කතාවල මේ මේ කොටස් ඇත්තය, මේ මේ කොටස් සාහිතකරුවා අතින් දාලාය ආදි වශයෙන් සොයා බැලීමට අපට පැහැදිලි නිර්ණායක නැත.

මෙන්න මේ නිසා, කිසියම් නොදරුවෙකු විසින් ‘දරුවවයි ගෑනිවයි දාල ගිය මිනිහෙකුගේ ධර්මයක් අදහන්න උඹලට ලැජ්ජ නැද්ද’ ‘යශෝදරාට රාහුල ලැබුණේ ඡන්නගෙන්ද’ වගේ ගොං ප්‍රශ්න අහන කොට අපට සත්භාවයෙන් යුතුව මතක් කර දෙන්නට වෙන්නේ ‘ඔය දරුවන් ඔය ප්‍රශ්න කරන්නේ බුද්ධචරිතය නොවේ’ ‘බුද්ධ චරිතය මේ යයි සිතා කිසියම් ලේඛකයෙකු ලියූ කතාවක් බව’ය. ඒ නිසා අහන ප්‍රශ්නය වැරදිය. අනෙක් අතට මෙසේ ලියූ කතා ඇත්තේ එකක් නොවන බවත් එබඳු කතා ආසන්න වශයෙන් 100ක් පමණ ඇති බවත් ඒ කතාවල එකම සිදුවීම කීප ආකාරයකින් ලියා ඇති බවත් මා මීට බොහෝ ඉස්සර ලියා තැබූ බවද මතක් කළ යුතු වෙනවා.

එහෙනම් අපි මේ ප්‍රශ්න නිවැරදිව අහන්නේ කොහොමද කියා දැන් බලමු. උදාහරණයක් වශයෙන් ඉහත කී, බිරිඳවයි දරුවාවයි අතහැර දැමීමේ ප්‍රශ්නය අපට මේ විදිහට අහන්න පුළුවනි. එදාම ඉපදුණ දරුවෙකුයි, බිරිඳවයි අතහැර දා යාම අතිශය සාහසික ක්‍රියාවක්. බුදුහාමුදුරුවන් වගේ ‘මහා කාරුණික ධර්මයක් දේශනා කළ කෙනෙකුට’ මේ වගේ දෙයක් ආරෝපණය කරන එක එතරම් සුදුසු නැහැ. එහෙමනම් ඇයි, බුද්ධචරිතය ලියූ ලේඛකයා මේ වගේ දෙයක් ඇතුළත් කළේ? ඔන්න දැන් අපට ඉතා නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්. උපනිෂද් යුගයේ සිටම පුරාණ උත්තර භාරතීය වැසියන් දැඩි සේ විශ්වාස කළ දෙයකි, ‘මහාපුරුෂයෙකු වීමට සියල්ල අතහැර දැමීමට හැකි විය යුතුයි’ යන්න. උපනිෂද්, ජෛන, සාංඛ්‍ය, යෝග ආදි උත්තරභාරතීය දර්ශන සම්ප්‍රදායයන් කීපයකම මේ මතය දැඩි සේ පිළිගෙන තියෙනවා. ඉතිං මේ අත්හැර දැමීම්වලදී අතහරින්න අමාරුම දේ ලෙස ඒ අය දැක්කේ තම බිරිඳ, දරුවන් වැනි කරුණු. ඉතින් බුද්ධචරිතය ලියූ ලේඛකයාට ඕනැ වුණේ මිනිසෙකුට කරන්න පුළුවන් අමාරුම කාර්යයක් වන බිරිඳ සහ දරුවන් අතහැර දැමීමත් සිද්ධාර්ථ කුමාරයා කළ බව කියන්න. ඒ අමාරුකම වඩාත් තීව්‍ර කර පෙන්වන්න තමා දරුවා උපන් දවසේම මේ දේ කළ බව කියන්න ඕනැ වුණේ. ඒ හැර ඔහු එතැනින් එහාට මතුවන සාංස්කෘතික හෝ සදාචාරත්මක හෝ ගැටලුවක් ගැන හිතුවේ නැහැ. ඔහු කළේ තත්කාලීන සමාජය පිළිගත් නිර්ණායකයන්ට අනුව ‘මහාපුරුෂයෙකු’ නිර්මාණය කිරීම පමණයි.

ඇයි අපට මෙය මේ තරම් දැනෙන්නේ? ඒක බොහෝ දුරට සාංස්කෘතික කාරණයක්. උදාහරණයක් ලෙස අපි ඇඟිලිවලින් කන්න හුරුවී සිටින ජාතියක්. මේ නිසා, දකුණු ඉන්දියාවේ මිනිසෙකු අතින් කන බව දැක්කාම අපේ කෙනෙකුට ඇතැම්විට පොඩි ජිගුප්සාවක් ඇති වෙන්න පුළුවන්. ඒත් එය දකුණු ඉන්දීය සංස්කෘතිය තුළ හැදී වැඩුණු මිනිසෙකුට දැනෙන්නේ නැහැ. මෙන්න මේ වගේ, ‘ආත්මය සාක්ෂාත් කර ගන්න, බ්‍රහ්මන් තත්වය අවබෝධ කර ගන්න, සත්‍ය පසක් කර ගන්න’ තම දෙමාපියන්, අඹුදරුවන් ආදි සියල්ල අතහැර දා වනයට යා යුතුයි කියා විශ්වාස කළ උත්තර භාරතීය ජනතාවට සිද්ධාර්ථ කුමාරයාගේ කතාවේ කිසිම අවුලක් පේන්නේ නැහැ. අපටත් අතීතයේ දී මේක ප්‍රශනයක් වුණේ නැහැ. ඒත් වර්තමානයේ දී අප, අපගේ අතීත භාරතීය චින්තනය කඩා බිඳගෙන බටහිර හෝ වෙනත් චින්තතන ප්‍රවාහයක් සමග වැඩෙන්න පටන් ගෙන තියෙන නිසා අතීතයේ තිබු සාංස්කෘතික ඇගයීම් අදවන විට ගුප්ත ලෙස දැනෙනවා. මේ නිසා අඟහරු ලෝකයෙන් ආවා වගේ හැඟීමකින් අද අපට මේ ප්‍රශ්න මතු වෙනවා. (බුදුහාමුදරුවන් තායිලන්තය හෝ වෙනත් රටක හෝ උපන් බව පිළිගැනීමත් සමග මතුවන එක් දාර්ශනික ප්‍රශ්නයක් නම් උන්වහන්සේගේ චරිතය මෙබඳු සාංස්කෘතික කාරණා සමග ස්ථාන ගත කිරීමය. මේ නිසා බුදුහාමුදරුවන් තායිලන්තයේ උපන් බව කියන අයෙකුට වුවද ‘බුද්ධචරිතය’ ලියැවුණේ උත්තර භාරතයේ බව පිළිගන්න වෙනවා.)

බුදුදහම බටහිරට හඳුන්වා දීමේදීත් මේ වගේම ප්‍රශ්න මතු වුණා. ‘ඇස් දෙක පියාන, බිම බලාන ඉන්න මනුස්සයෙක් ලෝකයට සේවය කළ කෙනෙක් වෙන්නේ කොහොමද කියා’ ඇමරිකානු කාන්තාවක් පිටිගල ගුණරතන හාමුදුරුවන්ගෙන් ඇසූ බවක් මට මතකයි. එහෙම ප්‍රශ්නයක් මතු වෙන්නේ ‘ලෝකයට සේවය කිරීම’ යන සංකල්පය බටහිරින් හඳුනා ගත් ආකාරය බුදුපිළමය තුළින් නිරූපණය නොවන නිසායි.

අන්තිමට මා මතු කරන කාරණය නම් බුද්ධචරිතය පිළිබඳව අපට නිශ්චිත දැනුමක් තිබිය යුතුද නැද්ද යන්නයි. පුරාවිද්‍යාව හෝ ඉතිහාසය හෝ හදාරන ශිෂ්‍යයෙකුට එය ඉතා වැදගත් මාතෘකාවක් විය හැකියි. ඒ වුණාට, බුදුදහම අනුගමනය කරමින් සැබෑ බෞද්ධයෙකු වීමට සිතන අයෙකුට බුද්ධචරිතය පිළිබඳ දැනුම තඹ සතේකට වැඩක් නැත. ඇයි ද යත්, බුදුදහම කිසිසේත්ම පුද්ගල බද්ධ නොවන නිසාය. කොටින්ම කිසියම් පුද්ගලයෙකු බුදුහාමුදරුවන් කියා කෙනෙකු මේ ලෝකේ කවරදාකවත් ඉපදුණේ නැහැ කියා සනාථ කර පෙන්වන බව හිතන්න. ඒ කළත්, බෞද්ධයෙකු වීමට, බුදුදහම අනුගමනය කිරීමට එයින් බාධාවක් නැත. ඇයි ද යත්, යම් පුද්ගලයෙකු බෞද්ධයෙකු නම් ඔහු හෝ ඇය එම දහම අනුගමනය කළ යුත්තේ ඔහුට හෝ ඇයට එය නිවැරදි බව වැටහෙන නිසා මිස කිසිදු බලපෑමකට යටත්ව නොවේ. බුදුහාමුදුරුවන් කියන්නේ හුදෙක් මග කියා දෙන්නෙක් පමණයි. ‘උඹලා මෙහෙම කරන්න ඕනැ, නැතිනම් දේව උදහසට ලක් වෙනවා, අපායේ යනවා’ ආදි ලෙස මිනිසුන්ව බිය වද්දමින් ආගමික සංස්ථාවක් හදන්න උන්වහන්සේ උත්සාහ කළේ නැහැ. එසේ කරන වැද්දන් අතර බුදුහාමුදුරුවන්ව ස්ථාන ගත කරන්නත් බැහැ. මොකද බුදුහාමුදුරුන් කියන්නේ ‘පරමාදර්ශී සංකල්පයක්,’ ඓතිහාසික පුද්ගලයෙකුට වඩා එහා ගිය ‘දෙයක්.’

Comments

  1. එක්තරා පුද්ගලයෙක් පළකරල තිබ්බ බුදුරජානන්වහන්සේ ගැන නියම පැහැදීම ඇතිවෙන්නෙ විදර්ශනා වඩන්න පටන්ගත්තහම කියල. මමත් හිතනවා ඒක ඇත්ත කියල.

    ReplyDelete
  2. ඔබගේ පැහැදිලි කිරීම සේම ස්ථාවරය ද නිවැරදිය................. බුදු දහමේ අරමුණට අනුව ඉදිරිපත් කළ බුද්ධ චරිතයක් සූත්තර අතර සොයා ගත හැකිය............ එය තේරුම් ගත හැකිවන්නේ විදර්ශණා මනසකින් බලන අයට ය.

    ReplyDelete
  3. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප