Skip to main content

Posts

Showing posts from 2015

සිංහලභාෂාවට එබී බැලීම - ජාතිකචින්තනය 3

පසුගිය ලිපියෙන් අප කතා කළා සිංහල භාෂාව සිංහලයෙක් බිහි කිරීමේ දෙවන වැදගත්ම සාධකය කියා. අද අපි සිංහල භාෂාව ජාතික චින්තනයට බලපාන ආකාරය ගැන ඉතා සමීපව කතා කරමු. ප්‍ර - අපි ‍කෙළින්ම මාතෘකාවට බහිමු. මට කියන්න මේ ජාතික චින්තනය ගොඩ නැඟීමේ දී සිංහල භාෂාව වැදගත් වෙන්නේ කොහොම ද? පි - ජාතිකචින්තනයට සිංහල භාෂාව වැදගත් වෙන්නේ කරුණු දෙකකින්. 1. සිංහල ජාතියේ අනන්‍යතාව රැක ගැනීම 2. සිංහල ජාතියේ ඉතිහාසය හා සංස්කෘතිය සොයා යෑම. මෙන්න මේ කරුණු දෙකින් තමා භාෂාව අපට වැදගත් වෙන්නේ. ප්‍ර - මං වෙන වෙනම ඇහුවොත්, මට කියන්න, ජාතියේ අනන්‍යතාව රැක ගැනීම සම්බන්ධයෙන් සිංහලභාෂාව වැදගත් වෙන්නේ කොහොම ද?

ප්‍රශ්න ඇසිය යුතු ආකාරය හා බුදුහාමුදුරුවන් පිළිතුරු දෙන ආකාරය

මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත වේ. මින් පළමු කොටස අප යමෙකුගෙන් ප්‍රශ්නයක් අසන විට එය ඇසිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි කරයි. දෙවැන්න නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කළ විට ඒවාට පිළිතුරු දීමේදී අනුගමනය කළ පියවර පිළිබඳ පෙන්වා දෙයි. 01. ප්‍රශ්න ඇසිය යුතු ආකරය මෙහිදී කරුණු දෙකක් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය. 1. ප්‍රශ්න ඇසීමට පෙර අප ප්‍රශ්න අහන්නේ කුමක් ගැන දැයි දැන සිටිය යුතුය. එසේ නොමැති නම් අප අසන ප්‍රශ්න එකී විෂයට අදාළ නොවන්න පුළුවනි. බැලු බැල්මටම අදාළයි වගේ පෙනෙන කරුණු එම විෂය ගැඹුරින් විමසා බැලීමේදී අදාළ නැති බව වැටහී යා හැක. 2. අප අසන ප්‍රශ්නය ඉතිහාසයේ මීට පෙර කිසිවෙකු විසින් අසා තියෙන ප්‍රශ්නයක් ද එසේ නම් ඉතිහාසය තුළ එයට දී ඇති පිළිතුරු මොනවාද යන්න සොයා බලා දත යුතුය.

‘ගෞතම‘ කියන්නේ ‘මහගොනා‘ ද එහෙම නැත්නම් ‘ගොන්නායකයා‘ ද?

‘දොරමඩලාව‘ කියන්නේ මේ රටේ පොදු ජනවිඥානය අවුල් කරන්න අතිශයින් දායක වුණු රූපවාහිනී වැඩසටහනක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මං එහෙම කියන්නේ කිසියම් විෂයක්ෂේත්‍රයක ප්‍රවීණයන් ගෙන්වාගෙන ඒ අයගේ ප්‍රවීණත්වයට අදාළ විෂය හරහා ප්‍රශ්න මතුකරමින් වැඩසටහන කරනවා වෙනුවට බොහෝවිට සිදුවන්නේ කුමන හෝ ක්ෂේත්‍රයක යමක් කමක් උගත් අය ගෙන්වා ගෙන මොනවා හෝ දෙයක් ගැන කතා කිරීම ඔවුන්ගේ පුරුද්ද වී ඇති නිසා. මේ නිසා, ඉතාම සාර්ථක ලෙස වැරදි වූ අභූත වූත් තොරතුරු සමාජගත කරමින් රටත් සමාජයත් විනාශ කරන්න ‘දොරමඩලාවට‘ ඇත්තේ අපූරු හැකියාවකි. අපගේ බුදුරජාණන්වහන්සේගේ නම වන ‘ගෞතම‘ (පාලියෙන් ලියන විට ගෝතම) යන්න විකෘති කරමින්, මැදගොඩ අභයතිස්ස, සුමනපාල ගල්මංගොඩ, අත්තනායක එම්. හේරත් වැනි අය සිදු කළ මහා වියවුලක් නිරවුල් කිරීමටයි මං මේ ලිපිය ලියන්නේ. මං අද මේ කියන්න සූදානම් වන ගැටලුව පාසල්, දහම්පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාලය මට්ටම දක්වා ඔඩු දුවා ඇති පිළිලයක් වන නිසා මා ඉදිරිපත් කරන නිවැරදි කිරීම වඩා සාර්ථකව සමාජය වෙත ගෙන යාමට ඔබ සැම උපකාරී කරන බව මම විශ්වාස කරමි. ඔවුන් පෙන්වා දී ඇති පරිදි, ගෞර් (හෙවත් පාලියෙන් ‘ගෝ‘) ය

මෙවැනි බැඳුම් අදහනු බැරි

ආදරය හරි අමුතු දෙයක්.. ඒක හිත ඇතුළට රිංගන්නේ දඟකාර කිරිකැටියෙක් මවු දෙතන තුඩු අතර අත් ගසා හුරතල් වෙනවා වගේ. ඒක හිත ඇතුළේ පදිංචි වෙන්නේ දුරුත්තේ හීතලට ඇද වැටෙන බෝපතක් වැලිමළුව සිප ගන්නවා වගේ.. මේ පුදුම ආදරය කවදා කොයි වෙලේ පීදෙයි ද කා වෙනුවෙන් පීදෙයි ද කියා සිතා ගන්න බැරි බඩවැටියේ තලමල වගේ.. ආදරයටත් වඩා පුදුමයි ගැහැනු ළමයෙකුගේ හිත. මට හිතෙන්නෙම, ඇල කණ්ඩිය දිගේ පිපුණු කුමුදු මල් යායට පිනි ඉහළ ඒ මත්තෙන් සඳ එළිය කැටි ගැහුණ වගේ නේද ඒ හිත කියා. වරෙක ඒ හිත බලා ගෙන ඉන්නවා පහන් තරුව දෙස, වරෙක සඳවටොර දෙස, පුංචි සමනලුන් දෙස.. ඒ හැම තැනකටම ඒ හිත ලෝබ නැතිව දන් දෙන්න ඇය හරි ආසයි. නමුත් පිරිමි ළමයෙකුට ඒ හිත දෙන්න ඇය හරිම ලෝබයි.. නමුත් කවදා හරි දවසක, කොයියම් හෝ මොහොතක ඒ හිත දීලා ම දානවා ආයේ ඉල්ලන්නේ නැතිව ම ඉන්න.. අන්න එදාට ලස්සන කතාවක් ගොඩ නැඟෙනවා. ඒ කතාව ඇත්තටම හරිම ලස්සනයි.. ඇය ඒ කතාව තුළ හැමදා ජීවත් වෙනවා. නමුත් අහල පහල ඉන්න බොහෝ දෙනාට ඒ කතාව ලස්සන වෙන්නේ හිත දන් දුන්නේ කාට ද කියා දැන ගන්න ලැබුණාට පසුවයි.. බන්දුල නානායක්කාරවසම් එහෙම ලස්සන නැති කතාවක් අහිංසක ගැහැනු ළමයෙකුගේ හිතට මුවා වෙලා අප

හාරිත - පළමු කොටස

(හාරිත ජාතකය ඇසුරෙන් කොටස් වශයෙන් දිගහැරෙන කෙටිකතාව) “හත්ථක..., හත්ථක...” අන්ධකාරය අතර හීමිට නමුත් බොහොම සීරුවට හමා ගිය කටඬහකි. අහලපහල නිවසක් තබා බලුකූඩුවක්වත් පේන්නට නැති තරම්ය. හතරවටින් වට වුණු පොල්ගස්වලින් මුර කරන පුංචි පැල්පතකි. පැල්පතේ දොර අසල නිසොල්මන්ව රැක සිටින උත්තුංග සෙවණැල්ලකි. ඒ සෙවණැල්ල අතරින් ඇදී එන සිහින් කටහඬකි. “හත්ථක... හත්ථක... උඹ නිදිද බං, නැඟිටලා වරෙන්කෝ... පොඩි වැඩක් තියෙනවා. නැඟිටලා වරෙන්කෝ...” කීපවාරයක් එක දිගට කතා කිරීමෙන් පසුව ගේතුළින් මතුවුයේ කැඩුණු බිඳුණු කටහඬක්ය. “කවුද ඔය, කවුද මේ මහ රෑ?” “මේ මම බං, ඇවිල්ල බලපංකො පොඩ්ඩක්” හිමීට දොර පළුවක් විවෘත විය. ඊටත් වඩා හෙමීට හත්ථක එබී බැලුවේ සොරෙකු දෙස බලන්නා මෙන් සැකයෙනි. ඔහුගේ අතෙහි කඩුවක් ද විය. “කවුද තෝ...?”

අපේ හාමුදුරුවනේ...!

හසර නැති කලට දුටු දාගැබ සේ ය ‘අමාවතුර‘ වාගෙයි දුක් සිත ගාව පද ලකුණක් ය ඔබ නිවනට මඟ කියන බුදු පුත, ඔබයි ලක් දෙරණට ජන නාථ උපුල්වන් දෙවිඳු දුන් වරයක් සේ ය නෙළුම් පතක් වාගෙයි යස කිත් ගාව හිරු මඬලක් ය ඔබ ගොයමට රැස් පුදන බුදු පුත, ඔබයි ලක් දෙරණට ගණ නාථ හෙළ මුතු ඇටය සුරකින මිණි වැට සේ ය සොරොව්වක් වගෙයි හෙළ වැව් දිය ගාව මහ පිරිතක් ය ඔබ ගම් බිම් මැද ඇසෙන බුදු පුත, ඔබයි ලක් දෙරණට මුනි නාථ

මුතුරාජවෙල මුර කරයි

බැලුම්ගල වසා ගෙන සිරි මැදුරු          ඉදිවෙලා පරාක්‍රම කුමරුවා නැත එතැන            සැඟවිලා මුතු සහල් මුතු වපුළ වගුරු බිම       ගොඩවෙලා අද අමුතු ගොඩනැගිලි වැලි පිටින්     මතු වෙලා නිල් පඳුරු යට කරන් වැලි කතර      මතු වෙලා සීතලට හමා ගිය සුළඟ අද                  වේලිලා තණ මඩුළු උලා කෑ ගව රෑන             වඳවෙලා අද එතැන වැලි පිටින් හුඹස් තණ     බිහි වෙලා කඩොලාන, බඩ වැටිය තිබුණ තැන් මුඩු වෙලා පන් කුකුළු හඬ තලයි බේරෙ වැව     දෙස බලා හැමිල්ටන් ඇල පසෙක ගඳ ගහයි  බොර වෙලා වගුරු බිම සමග බැඳි විරසකය         තර වෙලා කොක් රෑන, ගිරවු පෙළ කොහේදෝ  ඉගිළිලා කබරයන් දිය සොයයි මුඩු පොළොව    පීරලා හෙණ ගහන වැහි වතුර වැලි කන්ද   සෝදලා වැලි අතර ගිල ගනියි මඩ වගුර        බල බලා දියකාවො දිය සොයයි සිවු දෙසින්     පියඹලා කාවයියො, පොකිරිස්සො මඩ අස්සෙ හිර වෙලා තැනින් තැන දිය අගල් ගුමු ගුමුව      නවතලා ගං වතුර උඩ බලයි පොද වැස්ස        ඉවසලා මඩ පාට රස විඳපු මිනිස් කැල    ගොළු වෙලා වැලි පිටින් නැගිණු දෑ මඩවලට       බරවෙලා වගුරු බිම මුර නො කළ අවි එතැන   එසවිලා වැලි කතර මුර කරයි බීත

බුදුහාමුදුරුවෝ වැරදිකාරයෙක් ද?

නොයෙකුත් චෝදනා මැද බුදුරජාණන්වහන්සේව වැරදි කාරයෙකු කොට එල්ලා මැරීමට අද විශාල පිරිසක් කැස කවන බව පෙනෙන නිසා සංවේගයෙන් යුතුව මේ වචන ටික ලියමි. ගැහැනියක සහ දරුවෙකු දාලා හොරෙන් පැනලා ගිහිං බුදුවෙලා හරියනවා ද? අර කසාද බඳින්න හිටිය නන්ද කුමාරයාව මහණ කරපු එක හරිද ආදී වශයෙන් මෙකී නොකී නොයෙකුත් පොර ටෝක් දාලා බුකියේ ලියන ‘බෝධිසත්වයන්’ ගේ පෞද්ගිලික ජීවිත ගැන මං නොදනිමි. නමුත් උන්දැලාගේ කතා මුඩුක්කුවක ගලා යන හුජ්ජවතුර ටිකක් ලෙව කන සොක්කි බල්ලන්ගේ උඩු බිරුමක් තරම්වත් වටින්නේ නැත. ඒ ඇයි කියලා මං කියන්නම්. 01. බුදුදහම කියන්නේ එය දේශනා කළ කෙනාගේ උත්පත්තිය මත පදනම්ව අර්ථ ගැන්වෙන දහමක් නොවේ. කතෝලික දහම රැදෙන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියා පිළිගන්නා තාක් පමණි. මුස්ලිම් දහම පවතින්නේත් නබිතුමා ‘අකුරු නූගත් අයෙක්ය’ දෙවියන් ඔහුට කතා කළහයි යනාදී විශ්වාසය තියෙන තාක් පමණි. මේ නිසා මේ ධර්මයන් පවත්වාගෙන යන අයට ඒ අයගේ ආගමික කර්තෘව අරගෙන යන්න සිදු වුණා. නමුත් බුදුදහමට එන කිසිවෙක් බුදුහාමුදුරුවන්ගේ අම්මා කවුද, තාත්තා කවුද කසාද බැඳල ද ආදී තොරතුරු අහලා ඒ අනුව ආවේ නැහැ. ඒ අය ආවේ බුදුහාමුදුරුවන් දේශනා

ලංකාවේ බෞද්ධ-අධ්‍යාපනයේ පෙනෙන කල් ඉකුත් වූ බුදුසමය

ලෝකයේ දිනෙන් දින බුදුසමය ගැන අධ්‍යයන සිදු වේ. මේ නිසා කාලයක් තිස්සේ පැවැත ආ ආකල්ප දැන් දැන් වෙනස් වෙමින් පවතී. නමුත් ලංකාව යනු තවමත් ආධ්‍යාපනික වශයෙන් නො දියුණු තත්වයක පසු වන පසුගාමී අධ්‍යාපනයක් ඇති රටකි. හැම විටම ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළ කල් ඉකුත් වූ දැනුම පමණක් ගෙන ඇවිත් පාසල් පද්ධතිය තුළත් දහම්පාසල් පද්ධතිය තුළත් ව්‍යාප්ත කිරීම අපේ අධ්‍යාපන බලධාරීන්ගේ අරමුණ වී ඇති බව පෙනේ. මේ තත්වය ක්‍රමයෙන් විද්‍යා හා තාක්ෂණ විෂයධාරාව තුළ වෙනස් වන බව පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. නමුත් ශාස්ත්‍රවිෂයධාරාව තුළ එහි වෙනසක් දකින්නට තබා එවැනි දියුණුවක් ඇති කරන්නට හිතන අයෙකුවත් නැති තරම්ය. ඔවුන් කරන්නේ හැකි තාක් දුරට ශාස්ත්‍රවිෂයධාරාව අගාධයට ඇද දැමීමය. අද ලංකාවේ සා/පෙ සිංහල කරන දරුවන්ට ලංකාවේ මුලින්ම සිව්පද ආරින් ලියවුණ පද්‍යකෘතිය ‘සඳකිඳුරු දා කව’ බව ඉගැන්වීම එයට හොඳ උදාහරණයකි. එයට හේතුව වී ඇත්තේ කුරුණෑගල යුගයේ සිටි සිංහල බෝධිවංශය ලියූ විල්ගම්මුල නායක හාමුදුරුවන් සහ මහනුවර යුගයේ සිටි එම පරපුරට අයත් භික්ෂුව, දෙදෙනෙකු නොව එක් අයෙකු බව පාසල් පොත් හැදූ බලධාරීන් සහ මහාචාර්යවරු සිතීමය. කුරුණෑගල යුගයේ

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ

මෙත්තාගමනයේ පසුවිපරම

අපි දන්න දේවල් ගැන කතා කරමු. තිරයෙන් පිටුපස වුණ දේවල්, ගොසිප් අඩවිවලින් අහුලා ගත්තු දේවල් කතා නොකර අපේ ඇස් දෙකෙන් දැක්ක කන් දෙකෙන් අහපු දේවල් ගැන කතා කරමු. බොබසේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය ද? අපි දන්නේ නැහැනේ. බොබසේ කළේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ද? අපි දන්නේ නැහැනේ. හෙළ උරුමය කළේ රට පාවා දීමක් ද? අපි කොහොමද හරියටම කියන්නේ. මේ නිසා අපි දන්න අපට තහවුරු කර ගත හැකි දේවල් අපි කතා කරමු. 01. මහින්දව එළවා දැමීමේ සාර්ථක වෙඩිමුරය පත්තු කළේ බොබසේ. තිස්වසරක ත්‍රස්තවාදී අරගලය හෝ යුද්ධය නිමා කළ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මේ රටේ මිනිසුන් බහුතරයකට රජකු වාගේ දැනුණා. සැලකුවෙත් කතා කළේත් ගරු බුහුමන් දැක්වූයේත් ඒ වගේ. මහින්ද මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ටික කලකින් එම හැඟීම ඇතුළු වුණා. මෙහෙම හිටපු රජතුමාව වසර දහයක් යන තැන එපා වුණේ කොහොම ද? කොටි ත්‍රස්තවාදයෙන් අනතුරුව මේ රටේ ඇති විය හැකි ප්‍රධානම උවදුර ලෙස මුස්ලිම් ජාතිවාදය ඇවිස්සී ඇති බව රටට ම ඒත්තු ගැන්වූයේ බොබසේනාවයි. එය රට පුරා පිළිකාවක් මෙන් පැතිරී යන බවත් ඔවුන් බෞද්ධ උරුමය විනාශ කරමින් මේ රට ‘සපරිස්ථානයක්’ කරන්න යන බව ජනතාවට ඒත්තු ගැන්වූය