Skip to main content

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2



ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා.

ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද?

පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ.

ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම?

පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හෙළ යන්න සිහළ බවට පත් වී පසුව අයථා බින්දුවක් යොදා ගෙන සිංහල කියා ලිව්වා විය හැකියි කියලා. ඒ අනුව එතන තියෙන්නේ හෙළ නම් වූ ගෝත්‍ර 4ක එකතුවක්. ඒවා යක්ෂ, රාක්ෂ, නාග, දේව කියන හතර ලෙස සාමාන්‍යයෙන් පිළිගන්නවා.



ප්‍ර: සිංහල, සිංහළ මේ දෙකෙන් වඩා නිවැරදි කෝක ද?

පි: සිංහ කියලා පදයක් පාලියේ නැහැනේ. එහෙම එකක් තියෙන්නේ සංස්කෘතයේ විතරයි. නමුත් සංස්කෘතයේ ළ යන්න නැහැ. ඒ නිසා සිංහල කියා ලියන එක වඩා නිවැරදියි. පාලි පොත් මුද්‍රණය කරන විට දැන්නම් බොහෝ දෙනා ලියන්නේ සීහළ කියලා. නමුත් මං පුස්කොළ පොත් බැලුවා, ඒවායේ එක විදිහක් නැහැ. ගොඩක් තැන්වල තියෙන්නේ සීහල කියලා. සමහර තැන්වල සීහළ කියලත් තියෙනවා. නමුත් සිවු හෙළ සිහළ වුණා කියන අර්ථ කථනයට අනුව අපි සිහළ යනුවෙන් ද සංස්කෘත ක්‍රමයට සිංහල කියා ද ලිව්වාම හරි. ඒකේ ලොකු දෙයක් නැහැ.

ප්‍ර: එතකොට හෙළ කියන්නේ?

පි: මහින්දාගමනයටත් කළින් ලියවුණු බ්‍රාහ්මණ සාහිත්‍යයේ එන කතාවක් පතඤ්ජලී පූ.ව්‍ය.ව 2 සියවසේ දී ආපහු ලියනවා. එහි ඔහු කියනවා සුර අසුර යුද්ධයෙන් පැරදී පලා ගිය පිරිස ‘හෙලයෝ හෙලයෝ’ ලෙස හැදින්වුණා කියලා. අප පිළිගත්තොත් සුර අසුර යුද්ධය යනු පැහැපත් හමක් ඇති ආර්යයන් සහ තද හමක් සහිත අනාර්යයන් අතර ඇති වූ දෙයක් කියලා, අපට නිගමනය කරන්න වෙනවා මේ කතාවට අනුව දකුණු ඉන්දියාව, ලංකාව ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වුණ ස්වදේශිකයන් තමා හෙල / හෙළ කියා හැදින්වුණේ කියලා. මෙතනදීත් අප මූර්ධජ ළ ලිව්වට දන්තජ ල ලිවිය යුතුයි කියලා මතයක් තියෙනවා. එළු කියන්නේ හෙළ හෙළු යන්නේන් කැඩිලා එන පදයක්. නමුත් එලු සඳැස් ලකුණ ලියද්දී සෝ්රත හාමුදුරුවන් භාවිත කරන්නේ දන්තජ.

ප්‍ර: දැන් ඔබ කියන විදිහට සිංහල කියන්නේ සම්මුතිජාතියක් නම් ඒ ජාතිය බිහි කරන සම්මුතීන් මොනවාද කියලා කියන්න බලන්න?

පි: සිංහල ජාතිය බිහි වෙන්නේ සම්මුතීන් තුනක් පාදක කර ගෙන.

1. අම්මා හෝ තාත්තා යන දෙන්නාගෙන් එක් අයෙක් හෝ දෙන්නාම හෝ පණ්ඩුකාභය යුගයේ සිට පැවැත එන මෙරටේ පරපුරකට සම්බන්ධ වෙන්න ඕනේ.

2. සිංහල භාෂාව පළමු භාෂාව වෙන්න ඕනේ.

3. සිංහල-බෞද්ධ සංස්කෘතිය තමාගේ සංස්කෘතිය ලෙස පිළිගත් අයෙක් වෙන්න ඕනේ.

ප්‍ර: මේ කොන්දේසි සපුරනවා නම් සිංහල නැත්නම් නැහැ, එහෙම ද?

පි: මේ කොන්දේසි තුනෙන් එකක් හෝ සපුරන්න බැරි පුද්ගලයා සිංහලයෙක් නෙවේ.

ප්‍ර: මේ කොන්දේසි ඔබගේ පෞද්ගලික විග්‍රහයක් ද?

පි: අපෝ නැහැ. අවුරුදු 2000කට අධික කාලයක් මේ රටේ සෑම රජකෙනෙක්ම පිළිගත්ත කරුණු තුනක් තමා මං එකතු කරලා තියෙන්නේ.

ප්‍ර: මේ කාරණා තුනම අද කතා කරනවා ද?

පි: නැහැ. අපි පළමු කාරණය විතරක් කතා කරලා ඉතිරි දෙක වෙනම ලිපි දෙකකින් කතා කරමු.

ප්‍ර: ඇයි ඔබ පණ්ඩුකාභය යුගයෙන් පැවත එන කියලා කියන්නේ?

පි: පණ්ඩුකාභය තමයි ලංකාවේ පළමු වැනි සිංහලයා.

ප්‍ර: එතකොට විජය නෙමෙයි ද පළමු සිංහලයා?

පි: විජය ගැන කතාව මහාවංශයේ එන කතාවක් නේ. ඒක හැමෝම පිළිගන්නේ නැහැ. පිළිගන්න කීපදෙනකුත් ඉන්නවා. නමුත් පණ්ඩුකාභය කියන්නේ ඊට වඩා වෙනස් කතාවක්. කුමාරතුංග මුනිදාස පඬිරුවන තමයි මුලින්ම මේ මතය ගෙනාවේ. මං ඒක කෙටියෙන් විස්තර කරන්නම්.

උන්මාද චිත්‍රා කියලා මිනිසුන්ට නම් තියන්නේ නැහැ. ඒක සමාජයෙන් ලැබුණ නමක්. මහානාම හාමුදුරුවන් මේ ලියන්නේ තමන්ට වඩා අවුරුදු 900කට කළින් සිදුවන සිදුවීමක් ගැන. එතකොට ඔහුට ලැබෙන්නේ සමාජයෙන් හදපු (අපි කියන්නේ කාඩ් ගහනවා කියලා, අන්න ඒ වගේ) නම් විතරයි. චිත්‍ර කියන්නේ පණ්ඩුවාසුදේව රජු ලංකාව පාලනය කරන කාලයේ ස්වදේශික අපේ ජනතාවගේ රජතුමා. ඒ නිසා තමයි චිත්‍රරාජ කියන්නේ. කතාවක් පැතිරෙනවා පණ්ඩුවාසුදේවගේ දුවට ලැබෙන දරුවා මේ රට එක්සේසත් කරනවා කියලා. මේක අවස්ථාවක් කර ගන්න හිතන චිත්‍ර රජතුමා තමාගේ ඇමති කාලවේලගේත් උදවු ඇතිව පණ්ඩුවාසුදේවගේ දූ කුමරිය එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. ස්වදේශිකයන්ගේ රජතුමාට තමාගේ දුවව බන්දලා දුන්නොත් ඉබේම තමන් අල්ලාගත් රාජධානිය ස්වදේශිකයන්ට දෙන්න වෙන බව දැන ගත්ත පණ්ඩුවාසුදේව රජතුමා ඇයව එක්ටැම් ගේක සිර කරනවා. චිත්‍ර කියන රජතුමාට උමතුවෙන් මෙන් ආදරය කළ නිසා තමා ඇයට උන්මාද චිත්‍රා කියන නම පට බැඳෙන්නේ. මේ අතර චිත්‍ර සහ කාලවේල දෙදෙනා නැගෙනහිර හිටිය රජුගේ ඥාති පුතා වන ගාමිණිව යාළු කර ගෙන මැද නුවරට එනවා. ඒ එන අතරේදී චිත්‍ර කොහොම හරි එක් ටැම් ගෙට යනවා. ඒ අනුව චිත්‍රට දාව උපදින පුතා තමයි ‘පණ්ඩුකාභය’ කියන්නේ. නැතිව ඔය මහාවංශය කියන කතාව බොරුවක්.

ලැබුන දරුවාගේ අම්මා කවුරු වෙතත් තාත්තා ස්වදේශික අපේ රජතුමා බවත් මේ ඉන්නේ අපේ රජ පවුලේ කුමාරයා බවත් දන්න නිසා තමයි දොරමඬලාවේ මිනිස්සු ජීවිත පූජා කරලා හරි කුමාරයාව රැක ගන්නේ. නැත්තං අපේ එවුන්ට පිස්සු වෙන්න ඕනේ තමන්ගේ දරුවන්ගේ ජීවිත බිල්ලට දීලා මේ අනුන්ගේ කොල්ලෙක්ව රැක ගන්න. ජැක්සන්ටත් ඇත්තටම මේ කතාව තමයි කියන්න ඕනේ වෙන්නේ. නමුත් ඒක කෙළින් කියා ගන්න බැරිව නා ගන්නවා. මහානාම කියන්නේ ඉන්දියාවෙන් ආපු හාමුදුරු නමක්. උන්වහන්සේට ඕන වෙනවා ලංකාවේ රජ කරන්නේ ඉන්දියාවෙන් ආපු අය බව කියන්න. ඒ නිසා උවමනාවෙන් කතාව වෙනස් කරනවා.

කුමාරතුංග මුනිදාස මහත්තයාගේ මේ කතාව ඓතිහාසිකව සනාථ වන බව මැන්දිස් රෝහණධීර මහත්තයා මහාසිංහලේ වංශකතාවේ දී කිව්වා. ඔහු කියනවා කතරගම ප්‍රදේශයෙන් හමු වුණ සෙල්ලිපියක සඳහන් වන බව ‘පණ්ඩුකාභය වංශයෙන් පැවත එන සිංහල පරපුරේ’ කියලා. ඒ කියන්නේ ඓතිහාසික වශයෙන් අපේ උදවිය සිංහල කියා හදුනා ගන්නේ පළමුව පණ්ඩුකාභය රජතුමා බව. ඇත්තටම සිවු හෙළය එක් සේසත් කළ නිසා සිංහල හැදුණා නම් එය සිදු වුණේ පණ්ඩුකාභය සමයේ දී තමා. ඒ නිසා තමයි පණ්ඩුකාභය යුගයේ සිට කියා කීවේ.

ප්‍ර: මේ කතාවෙන් මීට වඩා වැඩි යමක් කියවෙන බවයි මටනම් හිතෙන්නේ,...?

පි: ඔහු ඔබ හරි. කුමාරතුංග මුනිදාස මහතා අපට කියා දෙන තව වැදගත් කාරණයක් තමයි පණ්ඩුකාභය කියන්නේ මිශ්‍ර දරුවෙකු බව. විදේශයෙන් ආ ජාතිය සමග ස්වදේශීය යක්ෂගෝත්‍රික නායකයාගේ මිශ්‍ර වීම තමයි එතන තියෙන්නේ.

ඊළඟට අපට හමු වෙන වැදගත්ම මිශ්‍ර චරිතය තමා දුටුගැමුණු රජතුමා.

ප්‍ර: ඒ කොහොම ද?

පි: මුලින්ම කියන්න ඕනේ දුටුගැමුණු කියන්නේ දුෂ්ට ග්‍රාමිණී කියන එක නෙවේ ඒකෙන් කියන්නේ ධෘෂ්ට ග්‍රාමීණි බව මං උගුර කඩා ගෙන කියලා ඇති. නමුත් තාම කාටවත් මගේ හඬ ගිහිං නැහැ. ධෘෂ්ට කියන්නේ නිර්භීත කියන එක. ඒ අනුව දුටුගැමුණු කියන්නේ නිර්භීත ගාමිණී කියන එක. ඔය දුෂ්ට කතා පසුව පහළ වුණු පණ්ඩිතයන් ගොතාපු කතා. නැතිව කිසිම භාෂා පදනමක් ඇති කතා නෙවේ. රටක් එක්සේසත් කළ අභීත නායකයෙක්ට දුෂ්ට කියලා අපහාසාත්මක නාමයක් පට බැඳලා ඒක වසර ගාණක් පවත්වාගෙන එන්න අපේ රටේ හිටියේ පිදුරු කන එළ හරක් ද?

කොහොම වෙතත් පණ්ඩුකාභයගෙන් පැවත එන වංශය වැඩිය නැඹුරු වුණේ යක්ෂයන්ට. මොකද තාත්තා යක්ෂ අම්මා විදේශික. එහෙම නේ. මේ පරපුරේ පාලනයට එවක රටේ දෙවන වැඩිම ජනතාවක් නියෝජනය කළ නාගයින් කැමති වුණේ නැහැ. ඒ අය අනුරාධපුර රාජධානියට සහය නොදක්වා දකුණු දිගට රාජ්‍ය කළා. කාවන්තිස්ස කියන්නේ අර පණ්ඩුකාභය පරපුරෙන් පැවත එන රජෙක්. එයා විවාහ වෙන්නේ විහාරමහාදේවිය සමග. ඇය නාග කුමාරියක්. ඒ අනුව දුටුගැමුණු කුමාරයා යක්ෂ නාග කියන දෙපිරිසේ එකතුවක්. ඒ නිසයි හැකි වුණේ බහුතරයකගේ සහය අරන් රට දිනන්න. ඒක කරන්න කාවන්තිස්සට බැහැ. මොකද නාගයන් සහය දැක්වූයේ නැහැ.

ප්‍ර: ඔබ කියනවා අම්මා හෝ තාත්තා යන දෙන්නාගෙන් එක්කෙනෙක් ඒ යුගයේ සිට පැවත එන පිරිසයට අයත් වෙනවා නම් ඇති කියා. ඇයි ඒ? මේක තාත්තාගෙන් පුතාට උරුම වන දෙයක් නෙවේ ද?

පි: කොහෙත්ම නැහැ. අපේ ඉතිහාසය කවදාකවත් පිරිමි ජානවල විශේෂයක් දැක්කේ නැහැ. ගැහැනු පිරිමි දෙපැත්තම එක වගේ තමයි සැලකුවේ.

ප්‍ර: ඒ කතාව ටිකක් පිළිගන්න අමාරුයි. ඔබ කියන කාරණය ඓතිහාසිකව සානථ කර පෙන්වන්න පුළුවන් ද?

පි: ඔවු. දැන් බලන්න මහාපරාක්‍රමභාහු රජතුමාගේ පරපුර. ඔහු පළමු විජයාබා රජුගේ නංගිගේ පුතාගේ පුතා. පළමු විජයාබා රජුගේ නංගි ඒ කියන්නේ මිත්තා කුමරියව විවාහ කරලා දුන්නේ පාණ්ඩුකුමාරයෙක්ට. ඒ කියන්නේ හරියට බැලුවොත් මහාපරක්‍රමභාහුරජතුමාගේ සීයා පාණ්ඩ්‍ය ජාතිකයෙක්. සිංහල නෙවේ. එහෙමයි කියලා අප එතුමාව විදේශිකයෙක් විදිහට ද සලකන්නේ. ඉතිහාසයේ කවද්ද අපි එතුමාව සිංහල නොවේ කියලා හිතුවේ. ඔහුව අප සිංහලයෙක් කියලා සලකනවා නම් ඒ අම්මාගේ පැත්ත ගැන විතරක් හිතලා නෙවෙයි ද?

ප්‍ර: ඕක එක සිදුවීමක් නේ. තවත් තියෙනවා ද?

පි: අපොයි ඔවු. පරාක්‍රමභාහුරජතුමා වගේම තමයි මොණරවිල කැප්පෙටිපොළ නිලමෙතුමා. කැප්පෙටිපොළ මහාදිකාරම්ගේ සීයා ඒ කියන්නේ තාත්තාගේ තාත්තා දකුණු ඉන්දියාවේ මලබාරි ජාතිකයෙක්. එහෙමයි කියලා අපි කැප්පෙටිපොළ තුමා මලබාරි කියනවා ද නැත්නම් සිංහල කියනවා ද?

කොට්ටේ යුගයේදීත් උලකුඩය දේවියට ලැබෙන ගජබාහු කුමාරයාගේ තාත්තා දෙමළ. නමුත් අප කුමාරයාව දෙමළ කියලා සැලකුවේ නැහැ.

මේ විදිහට බැලුවොත් ඉතිහාසයේ ඕන තරම් උදාහරණ තියෙනවා, අප බැලුවේ අම්මා තාත්තා යන දෙන්නාගෙන් එක්කෙනෙක් විතරක්, අර කියන විදිහට පණ්ඩුකාභය යුගයේ සිට පැවත එන සිංහලයන්ට නෑදෑකම් කිව්වා නම් ඇති කියා ඔප්පු කරන්න.

ප්‍ර: මේ කාරණයෙන් විතරක්ම කෙනෙක් සිංහලයෙක් වෙනවා ද?

පි: අපොයි කීයටවත් නැහැ. ඒකයි මං මුලින්ම කරුණු 3ක් කිව්වේ. ඒ කරුණු තුනම සම්පූර්ණ වෙන්න ඕනේ. නැතිව මේ කාරණය විතරක් තිබිලා බැහැ.

ප්‍ර: අපට උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන් ද?

පි: අපි ගමු හැමෝම දන්න උදාහරණයක්. තිලකරත්නගේ අම්මා සිංහල, තාත්තා මුස්ලිම් එතකොට මං කියන කොන්දේසි තුනෙන් පළමු කරුණ සම්පූර්ණ වෙනවා. ඒ වගේම තිලකරත්න කතා කරන්නේ හිතන්නේ සිංහලෙන්, ඒ කියන්නේ පළමු භාෂාව සිංහල. ඒ වගේම ඔහු අනුගමනය කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය. මේ නිසා අදාළ කොන්දේසි තුනම සපුරනවා. ඔහු සිංහලයෙක් වෙනවා. තව දුරටත් තිලකරත්න දිල්ෂාන් කියන්නේ මුස්ලිම් නෙවේ, සිංහල.

ප්‍ර: දැන් ඔබ කියන විදිහට මේ රටේ සිංහල කෙල්ලො සිංහල කොල්ලන්ට දාව දරුවෝ පස් හය දෙනා හදලා ජාතිය බේරන්න ඕනේ නැහැනේ, නේ ද?

පි: ඇත්තටම ඔවු. ඔය දරුවෝ හදන කතාව මේ රටේ ඉතිහාසය දන්නේ නැති, මෙලෝ විචාරයක් නැති කතාවක්. අපේ රටේ සිංහල කෙල්ලෝ දෙමළ මුස්ලිම් තරුණයන්ව සමග විවාහ වෙන එක නෙවේ ප්‍රශ්නේ. විවාහයට පස්සේ ඒ අයත් හින්දු, කතෝලික, ඉස්ලාම් විදිහට නම් ගම් වෙනස් කරගෙන බෞද්ධ සංස්කෘතිය අමතක කරනවා. එහෙම නොවී දිල්ශාන්ගේ අම්මා කළා වගේ, කා සමග විවාහ වුණත් තමන්ගේ සිංහල බෞද්ධ අනන්‍යතාව තියා ගන්න පුළුවන් නම්, තමන්ට ලැබෙන දරුවාව තමගේ අනන්‍යතාව ඔස්සේ ගෙන යන්න පුළුවන්නනම්, පරම්පරා දෙකක් තුනක් යනකොට අවශ්‍ය සිංහල බහුතරය හැදිලා ඉවරයි.

මේ කාරණය නිසා නේ විමලධර්මසූරිය රජතුමා කිව්වේ, දියවී යාමක් ගැන. විමලධර්මසූරිය රජතුමා ලංකාවේ මුස්ලිම් පවුල් පදිංචි කරන කොට කිව්වේ, උඹලා පරම්පරා හතරක් ඇතුළත සිංහලයන්ට දියවී යන්න ඕනේ කියලා. එහෙම කිව්වේ දියවී යන්න යාන්ත්‍රණයක් මේක ඇතුළේ තියෙන නිසානේ. මං මෙච්චර වෙලා පැහැදිලි කළේ ඒක තමයි.

ප්‍ර: එතකොට සිංහල කියන්නේ මේක. අප ඉදිරියට කතා කරන්නේ මොනවා ද?

පි: භාෂාව ගැනයි, සංස්කෘතිය ගැනයි ලිපි දෙකකින් කතා කරලා අපි කතා කරමු අපේ රටේ නම සකස් වුණු හැටි ගැනයි, පුරවැසිභාවය ගැනයි. දැනට මේ ඇති. තෙරුවන් සරණයි.

Comments

  1. I am not very educated to write a comment on the post but one thing, this "ජාතික චින්තනය" series is free and priceless at the same time. Thank you for sharing your knowledge.

    ReplyDelete
  2. Disagree!
    If the father is Sinhalese the child can be accepted as a Sinhalese.

    ReplyDelete
    Replies
    1. හිතවත් නමක් නැති තැනැත්තාණෙනි,
      ඔබ හොදින් කියවූ වා නම් මා කියන්නේ අම්මා හෝ තාත්තා යන දෙන්නාගෙන් එක් අයෙක් සිංහල වීම ප්‍රමාණවත් බවයි. හැබැයි එය එය එක කොන්දේසියක් පමණයි. සිංහලයෙක් වීමට කරුණු තුනම සම්පූර්ණ කරන්න ඕනේ. ඔබ කියන්නේ තාත්තා සිංහල වීම පමණක් ප්‍රමාණවත් අනෙක් කරුණු අදාළ නැහැ කියලා නම්, මෙහෙම හිතන්න.
      අපේ සිංහල බෞද්ධ කොල්ලෙක් යුරෝපයේ දී ඉංග්‍රීසි කතෝලික කෙල්ලක් සමග විවාහ වෙනවා. ඒ දෙන්නාට ලැබෙන දරුවා උපන් දා සිට කතා කරන්නේ ඉංග්‍රීසි, හැදෙන්ෙන් වැඩෙන්නේ යුරෝපා සංස්කෘතිය තුළ. ඒ ළමයට කීයටවත් සිංහල සංස්කෘතිය තේරෙන්නේ නැහැ. සිංහල ජන විඥානය තේරෙන්නේ නැහැ. බුත්සරණ කියවලා රස විදින්න බැහැ. පැන් වඩලා මිය ගිය අයට පින් දෙන්න බැහැ. එහෙම කෙනෙක්ට අප සිංහල කියා කිය යුතු ද? ඒ වගේ අයව අප සිංහල කියා තෝරා ගන්නවා නම්, අපේ රටට අත්වන කල දසාව කුමක් වෙයි ද? ජාතියට කුමක් වෙයි ද? ඒ නිසා තාත්තා සිංහල වීම ප්‍රමාණවත් නැහැ. අනෙක් කරුණු දෙකත් තියෙන්න ඕනේ.

      Delete
  3. What if we remove the fist but keep last two requirements? I would like to know your opinion.

    ReplyDelete
  4. මූ මහනාම හමුදුරුවෝ ලියපුවා පිළිගන් නැතුව කුමරතුංග කියන ඒව පිලිගන්ටලු😂, පණ්ඩුකාභය කුමාරයා ඔය කියන විදියට මේකේ ඉදපු කැතම කැත අනාර්යයෙක් උන චිත්‍ර රාජ කියන ගෝත්‍රිකයට ජාතක උන පුතෙක් නෙමෙයි. Fuck

    ReplyDelete
  5. BetVictor, Gambling and the gambling industry - Dr
    › gambling 통영 출장안마 › casino › gambling 수원 출장마사지구리 출장마사지 casino Apr 7, 2016 — Apr 7, 2016 BetVictor, Gambling and the gambling industry - Dr. Sam Harris has just revealed that 전라남도 출장샵 one of the biggest names in gambling industry, 경상남도 출장안마 BetVictor.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප