Skip to main content

Posts

Showing posts from May, 2014

කාලාම සූත්‍රය හා චින්තනනිදහස

අද ඇතැමුන් සිතන්නේ කාලාම සූත්‍රයට අනුව සියලුම ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කළ යුතු බවකි. ඇත්තටම එසේ සිතන්නේ, ඔවුන්ට ඇතැම්විට පාලිභාෂාව ගැන දැනුමක් නැතිව සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට යෑම නිසා ඇතිවූ වැරදි අවබෝධයකින් විය හැක. ඇතැම්විට භාරතීය දර්ශන සම්ප්‍රදායයන් ගැන නොදන්නාකමින් විය හැක. නැති නම් මේ දෙකම නිසා යැයි මම සිතමි. බුදුදහමට අනුව ඥානමූලාශ්‍රයය යනු එකකි. ඥානනිර්ණය හෙවත් නිශ්චයාත්මකඥානය යනු වෙනත් දෙයකි. මිනිසෙකුට යම් දැනුමක් ලබා ගැනීමට නම් එය කිසියම් ආකාරයකින් උගත යුතුය. ඉගෙනීම සඳහා, ගුරුවරයකුගෙන් අසා දැන ගැනීම, වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීම, පොත්පත් කියවීම, වෙනත් ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යයන් ඇසුරු කිරීම වැනි ක්‍රම ගණනාවක් ඇත. මේ සෑම ක්‍රමයකින්ම අපට දැනුම ලබා ගත හැක. බුදුදහම මෙලෙස දැනුම ලබා ගැනීම වරදක් කියා පෙන්වන්නේ නැත. එය නොකළ යුතුයැයි කියන්නේ ද නැත. ඉදින් කියම් මූලාශ්‍රයයක් ඇසුරු කරමින් අප දැනුම ලබන්නේ නැති නම් අපට දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් හෝ අවස්ථාවක් හෝ නැත. සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් අවශ්‍ය බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඉන් පළමුවැන්න නම් 'පරතෝඝෝෂය'ය

භාෂාවේ මායාව

භාෂාව කියන්නේ හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. අප ඉතා දක්ෂ වුණේ නැති නම්, භාෂාව භාවිත කරමින් මිනිසුන් නොමඟ යැවීමට පෙළඹෙන පිරිස ඉතා වැඩිය. බලන්න එකම සිදුවීම දෙදෙනකු වාර්තා කර ඇති අයුරු. "බුදුදහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය. මෙම අධිකරණ තීරණයට ඔබ... එකඟයි / එකඟ නැත." "වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් මෛත්‍රිය සහ උපේක්ෂාව මත පදනම් වූ ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් ශික්ෂණය ලත් ලංකාවේ සිංහල බෞද්ධයන්, සුද්දියකගේ පච්චයක් දැකීමෙන් 'කැළඹීමට පත්වේයැයි' ලංකාවේ උසාවිය විසින් නිගමනය කිරීම, බෞද්ධයන්ට කළ අපහාසයකි / නිවැරදි තීන්දුවකි. " මා මෙහිදී කියන්න උත්සාහ කළේ, සිංහල භාෂාවේ ව්‍යාකරණය වැනි කරුණුවලට වඩා ලේඛන ශෛලිය මත සිදු කරන බරපතල වරදක් ගැන. කාටවත් අපහාසයක් නොවේ, අප

ත්‍රිපිටකය හැදෑරීමෙන් එය විනාශ කිරීම

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවනේ කුලපති භවන සහ එයට ඉදිරියෙන් ඇත්තේ ධර්මසංගායනා වේදිකාව අටුවාචාරී බුද්ධඝෝස තෙරුන් විසුද්ධිමග්ගය බාර දුන් අවස්ථාව - කැලණි බිතුසිතුවම් බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව සංස්කරණය කිරීමේ සංගායනාවේ අධ්‍යක්ෂ ලෙස ක්‍රියා කළ විද්‍යාලංකාර පිරුවනේ හිටපු අධ්‍යක්ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි (ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ, 2500 බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව සංස්කරණය කිරීම සඳහා සංගායනාව පැවත්වූ වේදිකාවය. එම සංගායනාවට යොදා ගත් සියලු භාණ්ඩ සහ පරිෂ්කාර නිධන් වස්තු ලෙස තැන්පත් කොට වර්තමාන ප්‍රතිසංස්කරණය සිදු කර ඇත.) "ත්‍රිපිටකය යම් තාක් කටපාඩමින් පවත්වාගෙන ආවා ද ඒ තාක් එය මනාව රැකුණි. යම් දිනෙක එය පොත්වල ලීවා ද එතැන් සිට එය විනාශ වුණි" යනුවෙන් දැනට වසර කීපයකට පෙර ජපන් ජාතික මහාචාර්ය එන්ඩෝ කළ ප්‍රකාශයක් මා දෙසවන් තුළ තවමත් රැවු දේ. එය 100%ක් ඇත්තය. එහිම වෙනත් පැතිකඩක් මම අද දිගහරිමි. එදා ත්‍රිපිටකය තිබුණේ පන්සලේ විතරය. එයත් අල්මාරියක තැන්පත් කොට ලොකු ඉබ්බෙක් ද දමා ආරක්ෂා කර තිබිණි. ත්‍රිපිටකය කියවන්නට යමෙකුට අවශ්‍ය වී නම් ඔහු පන්සලට ගොස් හා

දාර්ශනිකයා සහ පිස්සා

දාර්ශනිකයා සහ පිස්සා අතර ඇත්තේ කෙස් ගහකටත් වඩා පොඩි වෙනසකි. මේ නිසා අප සමාජයේ සිටින දාර්ශනිකයන් (විශේෂයෙන් ම මූණුපොතේ) පිස්සන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසු බව මගේ වැටහීම විය. නමුත් මෑතකදී මා කළ අධ්‍යයනයකට අනුව දාර්ශනිකයකු සහ පිස්සකු අතර කැපී පෙනෙන වෙනස්කම් කීපයක් ද ඇති බව අනාවරණය විය. මේ සටහන ඒ වෙනස්කම් ගැනය. 01. දාර්ශනිකයා තමා සියල්ල දන්නා අයෙක් යැයි නොසිතයි. පිස්සා එසේ සිතයි. 02. දාර්ශනිකයා තමාගේ අතින් වරදක් වූ විට එය හදුනාගෙන හෝ වෙනකෙනෙක් පෙන්වා දුන් පසු පිළිගෙන නිවැරදි කර ගනී. පිස්සා තමාගේ වරද සාධාරණීකරණය කරයි. 03. දාර්ශනිකයා අනුන්ගේ දැනුම අගයයි. පිස්සා අනුන්ගේ දැනුමට ගරහයි. 04. දාර්ශනිකයා මුලින් ඉගෙනගනියි, පසුව සිතයි. පිස්සා මුලින් සිතයි, පසුව තමාගේ සිතුවිලිවලට ගැලපෙන පොත් ටිකක් හොයාගෙන කියවයි. 05. දාර්ශනිකයා හා පිස්සා අතර ඇති ලොකුම වෙනස නම් දාර්ශනිකයාට ඥානවිභාගයක් ඇත. එනම් තමා දැනුම ලබා ගත්තේ කෙසේ දැයි තමාම විමසා බලන අතර වෙන කෙනෙකු ඒ ගැන විමසූ විට නිවැරදිව පැහැදිලි කර දෙයි. තමා දැනුම ලබා ගත් අයුරින් වෙන අයෙකුටත් එම දැනුමම ලබා ගත හැකි බව ඔහු පිළිගනියි. පිස්සාට ඥානවිභාගය

නපුංසකයෝ තුන් දෙනා

මේ ලෝකයේ නපුංසකයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාට තියෙන්නේ කාලය, දේශය, පුද්ගලත්වය යන ප්‍රශ්න තුනය. පළමු වැනියා මෙහෙම කියනවා. "ඕවා ඒ කාලේ කළාට මේ කාලේ කරන්න බෑ." එයාට තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. රජකාලේ කළාට දැන් බෑ. සුද්දගෙ කාලේ කළාට දැන් බෑ වගේ දේවල් තමා ඔහු/ඇය කියන්නේ. දෙවැනියා මෙහෙම කියනවා, "ඕවා එහෙ කළාට මෙහෙ කරන්න බෑ". එයාට තියෙන්නේ දේශය පිළිබඳ ප්‍රශ්නයක්. රුසියාවේ කලාට ලංකාවේ බැහැ. ඉන්දියාවේ කළාට ලංකාවේ බැහැ. උඩරට කළාට පහතරට බැහැ වගේ දේවල් තමා එයාගේ අදහස්. තුන් වැනියා මෙහෙම කෙනෙක්. "ඕවා එයා කළාට උඹට බැහැ/මට බැහැ" ආදී වශයෙන්. එයාට තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක්. ධර්මපාලතුමා කළාට උඹට බැහැ. ලෙනින් කළාට උඹට බැහැ. ගාන්ධි කරපු දේවල් මට කරන්න පුළුවන් ද ආදී වශයෙන් තමා එයා කතා කරන්නේ. විප්ලවය කියන්නේ හැම විටම ආයුධ සන්නද්ධ අරගලයක් නෙවේ. මට අනුව විප්ලවය කියන්නේ සමාජය දැන් පවතින තත්වයට වඩා උසස් තත්වයකට ගෙන ඒමට දරන වෑයමයි. ඉදින් ඔබ යම් විප්ලවයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, පළමුව මේ නපුංසකයන් තුන් දෙනාව හොයා ගෙන පිටුවහල් කරන්න. නැත්තම් වැඩේ හරිම අමාරුයි. සෝම හාම

වැරදි නිවැරදි කිරීම

ඇත්ත කතා තුනක්. 01. ජැක්සන් ඇන්තනි වරක් පොළොන්නරුව ප්‍රදේශයේ වාර්තා වැඩසටහනක් කරනවා. ඒ කාලේ ඔහු ජාතික රූපවාහිනියේ නිවේදකයෙක්. ඒ වැඩ සටහන අතර තුර ඔහුට අවස්ථා කීපයකදීම කියැවෙනවා "වැව් තාවිල්ල" කියන වචනය. පස්සේ ඔහුට එය වැටහී "වැව් තාවුල්ල" කියා තරමක් බර කොට කියනවා. මේ සිදුවීමෙන් දින කීපයකට පසු එක්තරා පාසල් දරුවෙක් තමාගේ සිංහල රචනාවට වැව් තාවිල්ල කියන වචනය ලියනවා. එය දුටුව ගුරුවරයා "මේක වැරදියි පුතා, නිවැරදි පදය වැව් තාවුල්ල" කියා හදනවා. නමුත් දරුවා කියනවා, ජැක්සන් ඇන්තනීත් මේ වචනය භාවිත කළේ මෙහෙමයි කියා. ගුරුවරයා කියනවා, එහෙමනම් තමා පොඩ්ඩක් ඒ ගැන සොයා බලන්නම් කියා. ඒ ගුරුවරයා අදාළ සිදුවීම ලියලා ජැක්සන්ට ලිපියක් එවනවා, "මහත්මයාණෙනි, මේ වචන දෙකෙන් කුමක් ද නිවැරදි කියා පහදා දෙන්න" යනුවෙන්. අතිශය මනස්තාපයට පත් වන ජැක්සන් එවේලේම ලිපියක් ලියනවා එම ගුරුවරයාගෙන් සහ ශිෂ්‍යයාගෙන් සමාව ඉල්ලමින්, වැව් තාවුල්ල යන පදය නිවැරදි බව දක්වමින්. එක කතාවක් ඉවරයි. 02. මා සරසවියේ ඉගෙන ගන්නා කාලයේ අපට මහායාන බුදුදහම ඉගැන්වූයේ මහාචාර්ය එච්.එම්. මොරටුවගම මහතා. ඒ වන විට විශ්ව

පාන්තික පරිසරය

තාත්තා එකින් එක ඉවත් කරයි අස් කරයි එකින් එක විසික්කර මා වෙතට ගෙවීගිය ටයර් මළ බැඳුණු කම්බි කැඩී ගිය පුටුකබල් බර‍ට තැබූ කළු ගල් වියළි දරදඬු පොල්කෝම්බ දිරා ගිය තහඩු කෑලි ඉටිකොළ. මේක අපේ ගෙයි වහල වැස්සට තෙමෙනවා ඒකයි තාත්ත මේ හදන්නෙ. මේවා ඉවත් කර හොඳ තහඩු ටිකක් දා ගමු යැ යි කියන්නට හිතුන ද කට පියා ගතිමි මම්. මේවා තාත්තා අමාරුවෙන් හම්බකරපුවා විසිකරන්න බෑ එක පාරට ඩෙංගු, මැලේරියා බෝ වුණත්....

මවු සෙනෙහස

ඇඳගෙන පරණ ඇඳුම් ඔසවාගෙන දෑතින් විශාල බෑග් දෙකක් බරට බරේ මොනවා ද ඔබා ගෙන ගත පුරා දහදියෙන් නැහැවී නහයට උනන හොටු වැටෙන්නට නොදී ඉහළට ඇද ඇද පුංචිම පුංචි කොලු පැටියෙක් ඉකි ගසමින් ඇවිද ගෙන යයි රූටමින් ඌට ඉදිරියෙන් උගේ තරම්ම කිළිටි ඇඳුම් ඇඳ ගත් ගැහැනියක් තවත් පුංචි කෙළි පැටික්කියක් වඩා ගෙන ඇදෙයි ඉදිරියට කොලු පැටියා ළං වී කියයි ඇයට බැගෑපත් ස්වරයෙන් ඇස් අග කඳුළු පුරවාගෙන 'අම්මේ මට බරයි' කෝපයෙන් ඌ දෙසට හැරුණු ඈ ටොක්කක් ඇන්නාය ඌට හයියෙන් "අම්මෝ....." කොලුවා මර ළතෝනි දෙයි. අවට ගසක හුන් කාක්කෝ ඉහළට ඉගිළ ගියහ. මඟතොට යනෙන අයගේ ඇස් හැරිණි උන් දෙසට. කොලුවා නිහ ඬ විය ටික වේලාවකින්   හුස්ම ගත නොහැකි සේ පපුව හිර කරමින් ඉකිගසමින් ඇය අදෙයි ඉදිරියට පෙර සේ... (රාගම දුම්රියපොලදී දුටු සත්‍ය සිදුවීමකි.)

මාධ්‍ය වාර්තාකරණය

මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි... සේකරයන්ගේ ඒ පබැඳුම දැන් දැන් ඉඳහිටවත් කිසිදු මාධ්‍යයකින් ඇහෙන්නේ නැත. නන්දා මාලනිය වැරදීමකින්වත් දැන් එය ගයන්නේ නැත. මේක ජාතිවාදී ගීයක්! කලාකරුවන් ජාතිවාදයෙන් ඉවත් විය යුතු. කලකට රහ ලු කලකට වහ ලු. සුනිල් ආරියරත්නයන් ඉගෙන ගෙන දෙමළ දැන් ලියන්නෑ ඔය බහු බූත. ඒ වෙනුවට පරිවර්තනය කරනවා දෙමළ රාමායණය සිංහලට කියා දෙන්න අපේ අයට ඉන්දියාවේ රාම ලංකාවේ රාවණව මැරූ හැටි. මේ හින්දයි අප උද්ඝෝෂණය කරන්නේ කෑගහමු අපි මේ....... සිංහල අපේ රටයි අප........ ඉපදෙන මැරෙන රටයි තෙරුවන් වැඳ පන්සිල් ගෙන ඇරඹුවෙමු අපි අපේ ගමන විහාර මහාදේවි උද්‍යානයේ බුදුරුව අසලින් බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවට... “අද අපට වීරයෙක් අවශ්‍යයි දියසේන ඉපදෙනකං බලං ඉන්න බෑ අනගාරික ධර්මපාල හික්කඩුවේ සුමංගල නාහිමි වගේ ශ්‍රේෂ්ඨ නායකයන් අපට අවශ්‍යයි අද ඒ මිනිස්සුන්ට ඉපදෙන්නවත් දෙන්නෑ තිඹිරි ගෙදරදීම මරල දානවා” මට මතකයි මීට ටික දවසකට ඉස්සර හම්බවුණා මට දියසේන කුමාරයව. නම ටිකිරි බණ්ඩාරලාගේ දියසේන තාත්තා බෞද්ධ අම්මා කතෝලික අම්මාගේ බල කිරීමට ත

වැලි කැට

රතු පා‍ට හිරු මඬල හූල්ලන කාෂ්ටකයේ නියං සායට කළු , දුඹුරු , බොර පාට වැලි කැට තැලී පොඩි වී විසිරී උනුන් නාඳුනන සේ පදම් වී ඇත පොළෝ කුහරෙටම . හීනියට හමා යන කරවෙච්ච හුළඟටත් විසිරී යයි වැලි කැට ගඳ ගහන දූලියක් උඩ විසිකරමින . ඕනැ කර තිබේ සුසුම් ලන පොළොවට පැහැයක් නැති දිය බිඳක් මුන් හැම දෙන බැඳ ගන්නට . වඳ අහසක් නොදෙන කල දිය බිඳක් රතු පාටට කිරි මෙන් උකුවට ගලා ගොස් තිබුණිය නාඳුනන මිනිසෙකුගෙ රුධිරය එකතු කරමින් වැලි කැට මැලියමක් සේ බැ‍‍‍ඳෙමින . ඔහු හෙ ළා තිබූ රුධිරය නිසල කරවා තිබුණි ඔහු ගේම සිරුර ෂෙල් වෙඩි පහරකට ලක් වී හිස අතුරුදන් කර තිබූ බැවින .

මරණය උඹ කොහි ද?

මට මතකයි මීට බොහෝ කලකට පෙර හුඟාක් ඉස්සර මං පුංචිම පුංචි කාලෙ මං උඹව හෙව්වා අම්ම මට බණින කොට තාත්ත මට බණින කොට යාළුවො විහිළු කරන කොට ඒක මහ බොළඳ වැඩක් මං මටම කියා ගත්තා ලොකු වෙන කොට ආයෙත් මං උඹව හෙව්වා… නැති වුණා ම රස්සාවක් . ප්‍රශ්න ගොඩ ගැහෙන කොට හම්බ වුණ රස්සාවෙත් . නැති වුණා ම ගෑනි ය ක් . හරිහැටි සලකන්නට බැරි වුණාම හම්බ වුණ ගෑනිටත් . නැති වුණා ම දරු වෙක් . හරිහැටි උගන්නන්න බැරි වුණා ම හම්බ වුණ දරුවන්ටත් . ඒක මහ බොළඳ වැඩක් මං මටම කියා ගත්තා නාකි වෙන කොට දැනුත් මං උඹව හොයනවා… ඉස්සර මං හිතුවේ ආචාර්ය මහාචාර්ය වෙන්න රාජකීයපණ්ඩිත ග්‍රන්ථවිශාරද වෙන්න කෑගහන්න නිර්ධනයින් වෙනුවෙන් නැති කරන්න හෙජමනිය විඥානයක් දෙන්න අවිඥානික ජනතාවට බිඳ දමන්න ධනේෂ්වර පංතියේ කුහක දේශපාලනය ඒත් දැං මං නිකං ම නිකං ජීවිතයේ බර ඇදලා අතපය වාරු නෑ දැං මේ බංකුව උඩට වෙලා බුලත් විඩක් කටේ දමං කඩුල්ලට එහා පාර දිහා බලා ඉන්නෙ උඹ එනකං කියන්න මරණය උඹ කොහි ද ?

සසල විය මොහොතකට

සසල විය ම-හද මොහොතකට… කොහේදෝ සිට හැමූ නන්නාඳුනා සුළඟට අතුගා පිරිසිදු කොට පැත්තකට ගොඩ ගැසූ පරණ බො පත් කසළ නැවත ඇහැරී විසිරී ගියේය සුදු සුමුදු බෝමළුව පුරා… ඈ නෙතු බැල්ම අහිංසක සිනාව සිහින් කෙස් කළඹ සන්සුන් සිතින් යන ගමන සසල කරවිය ම-හද මොහොතකට… කිමද මෙය? ඇය කෙරේ උපන් ප්‍රේමය ද? නැත…! එය මා බිරිඳටය. මෙය මගේ අනුරාගය ද? බුර බුරා නැගෙන විට දර දඬු කොට දෑත යටි තොල විකාගෙන යටපත් කළ රාගයේ පැරැණි ගිනි පුපුරු අවුලා පියේ ද මා හද? නොදනිමි…! නොපෙලත් ද මා හද ඊර්‍ෂ්‍යාවෙන්…? මැවෙයි හද කොනෙක මට නොලැබෙන ඇගෙ පහස බිරිඳ ගෙන් මා ලබනා’යුරින්. ඈ හෙමින් පියනඟයි මට පෙනෙන මානයේ පෙනෙන නොපෙනෙන සිහිනයක් සේ ඈ පියනඟන මඟ ඈට ඉදිරියෙන් මඟ පෙන්වයි තලත්තෑනි තැරැවුකරුවෙක් තරු පහේ හෝටලයට…

ලංකාවේ සමාජවාදය

ගුණසිංහ උන්නැහෙ මිටියකුත් උස්සාන අව්වේ කර වෙවී හිටගෙන සිටී පිටකොටුවේ . උන්නැහෙගෙ පාමුල බඩ පිළුන් ගසයි පුංචි කො ලු වෙක් හෙ ලු වෙන් . උගෙ අම්මා ඒ අසලම පඩියේ හිඳ මස් වියළී වැහැරී ගිය තන බුරුල්ල ඇද ඇද දෙයි උරාපිය පුතේ කියමින් අතේ උන්නු පොඩි එකාට .... ................... මං අද එන විට උන් එතන හිටියෙ නැත . ගුණසිංහ උන්නැහෙ වට කරගෙන රතු කොඩිවැල් එල්ලී ඇත .

අත්හළ නොහැක

මට දැං ඇති වෙලා. උදේ නැගිට්ට වෙලේ ඉඳං රෑට නිදා ගන්න තුරුම තොරතෝංචියක් නැතිව උඹේ කංකරච්චලය මට දැං ඇති වෙලා. උඹ හැමදාම කියන්නෙ එකම සින්දු එකම බණ එකම විචාර උඹ හදන්නෙ රට හදන්න ලෝකෙ හදන්න දේශපාලකයන්ට උගන්වන්න ආර්ථික විද්‍යා විශ්ලේෂණ න්‍යායාත්මක මතවාද අරක ද මේක ද රටේ නැති බහු බූත ඇති වෙන්නැද්ද බං ඔය කියවිල්ල දැං කොච්චර කාලයක් වෙනවද? මට නං අහං ඉන්න බෑ. ඇයි උඹට තේරෙන්නැත්තෙ උඹට ඕව කරන්න බෑ. උඹ දුප්පත්... ඉගෙන ගත්තෙ ගමේ ඉස්කෝලෙ. ගියෙ ලංකාවේ කැම්පස් එහෙකට. උඹ කියන දේ අහන්නෑ කවුරුවත්. කරුණාකරල දැං වත් කට වහගනින්. නැත්තං මං උඹව දාල යනවා. සියදහස් වරක් දාලා යන්නට සිතුනත් මට ඒකටත් බයයි. ධෛර්යයක් නෑ. ආත්මවිශ්වාසයක් නෑ. මං කොහොමද උඹව දාල යන්නෙ. උඹ මගේ ‘හිත’ නෙ.

මගේ නම

මට අයිති නැති මගෙ දිරාගිය වාහනය පාරෙන් අඩක් හෝ වැඩි ඉඩක් අරගෙන ය අයින් කර ගත නොහැක දෙපැත්තේ කුණු කානු මහතුනේ ඉවසන්න ටික දුරයි මේ පාර… මේ පාර ළඟ නිසයි හැරෙව්වේ මං මෙහෙට මහ පාරෙ ගියත් මට මෙච්චරත් නෑනෙ ඉඩ මග දෙපස නැගී සිටි සිටු මැදුරු වා කවුළු ඇහැ ඇරී රවයි මට ඔබ පමා වෙන නිසා කඩිසරව දුව ගොසින් බොහො කලක් බර අරං දැං මේ පුතත් මහ මගට නාකි වී මං වාගෙ තිරිංගෙත් තෙපුල් දෙයි වෙවුලමින් මා අතට දිව යන්න බෑ වෙරෙන් හිටියොතින් හිටියා ම ය සීතලෙන් පැදව යන පවන වාගේ දුවන ඔබේ ඔය පොඩි බවන උදුරගෙන මගෙ පාර හිතේ කහටක් නැතිය මං කියන දේ අසව ඉදිරි පාරෙන් හැරී මේ පාර දෙමි ඔබට මං කවුද කොහෙ යම් ද කියා දන්නැති දිනෙක පාසල හැරී යන තරුණ දඟ කොලු රෑන මගේ නම ලියා දුනි නොතේරෙන වහරකින් සෝදා හළ නොහැකි දූලි තට්ටුවක් මත....

'ය' යනු දෙකක් ලිවීමේ හේතුව - අරුත් පහදුව 5

ඇයි මේ සමහරු ' විද්‍යාලයය ' කියා ' ය ' යනු දෙකක් ලියන්නේ ? විද්‍යාලයය , සම්ප්‍රදායය , සෞන්දර්යය කියා ' ය ' යනු දෙකක් ලියා තියෙනවා දැක්කාම ඔබ සමහර විට හිතනවා ඇති ඒක මුද්‍රණදෝෂයක් කියා . නැහැ . එහෙම ලිවීම තමා නිවැරදි . මා අද කියා දෙන්නම් ඒ ගැන . සිංහලභාෂාවේ ඇති සියලුම පද අප කොටස් තුනකට වෙන් කරනවා දේශීය , අනුපාතිත සහ ආනීත යනුවෙන් . මේවා කුමාරතුංග මුනිදාස මහතාගේ වචන . සිදත්සඟරාවේ මේ සඳහා කීවේ නිපන් , තබව , තසම කියා . දැන් රජයේ සිංහල පොත්වල උගන්වන්නේ නිෂ්පන්න , තත්භව , සහ තත්සම කියා . මම් මුනිදාස මහතාගේ වචන යොදන්නම් . දේශීය කියා කීවේ අපේම වචන . ඔළුව , බඩ , කකුල , ගොයම , දොඩනවා , වඩිනවා වගේ පද . ඒවා කිසිම භාෂාවකින් ගත්තු ඒවා නෙවේ . අපේම වචන . අනුපාතිත කියන්නේ වෙනත් භාෂාවකින් අරගෙන අපේ රටාවට අනුව පොඩ්ඩක් වෙනස් කර හදා ගන්න වචන . පාද > පා , විහාර > වෙහෙර , කුර්කිස් > කොකිස් , බෝට් > බෝට්ටුව ආදී වශයෙන් . නමුත් එදිනෙදා කතාබහ කරද්දී අප වැඩියෙන් භාවිත කරන්නේ ආනීතපද . ඒ කියන්නේ යම් භාෂාවක තිබුණු පදයක් වෙනස් නොකර ඒ විදිහටම යොදා ගැනීම