මට
මතකයි මීට බොහෝ කලකට පෙර
හුඟාක්
ඉස්සර
මං
පුංචිම පුංචි කාලෙ
මං උඹව
හෙව්වා
අම්ම
මට බණින කොට
තාත්ත
මට බණින කොට
යාළුවො
විහිළු කරන කොට
ඒක
මහ බොළඳ වැඩක්
මං
මටම කියා ගත්තා
ලොකු
වෙන කොට
ආයෙත්
මං උඹව හෙව්වා…
නැති
වුණාම
රස්සාවක්.
ප්‍රශ්න
ගොඩ ගැහෙන කොට
හම්බ
වුණ
රස්සාවෙත්.
නැති
වුණාම
ගෑනියක්.
හරිහැටි
සලකන්නට බැරි වුණාම
හම්බ
වුණ
ගෑනිටත්.
නැති
වුණාම
දරුවෙක්.
හරිහැටි
උගන්නන්න බැරි වුණාම
හම්බ
වුණ
දරුවන්ටත්.
ඒක
මහ බොළඳ වැඩක්
මං
මටම කියා ගත්තා
නාකි
වෙන කොට
දැනුත්
මං උඹව හොයනවා…
ඉස්සර
මං හිතුවේ
ආචාර්ය
මහාචාර්ය වෙන්න
රාජකීයපණ්ඩිත ග්‍රන්ථවිශාරද වෙන්න
කෑගහන්න
නිර්ධනයින්
වෙනුවෙන්
නැති
කරන්න
හෙජමනිය
විඥානයක්
දෙන්න
අවිඥානික
ජනතාවට
බිඳ
දමන්න
ධනේෂ්වර
පංතියේ කුහක දේශපාලනය
ඒත්
දැං මං නිකං ම නිකං
ජීවිතයේ
බර ඇදලා අතපය වාරු නෑ දැං
මේ
බංකුව උඩට වෙලා
බුලත්
විඩක් කටේ දමං
කඩුල්ලට
එහා පාර දිහා බලා ඉන්නෙ උඹ
එනකං
කියන්න
මරණය
උඹ කොහි ද?
Comments
Post a Comment