Skip to main content

Posts

Showing posts from November, 2019

බුද්ධ චරිතය අවිචාරවත් ලෙස ප්‍රශ්න කිරීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ සැබෑ ජීවනකථාව නිවැරදිව දන්නා කෙනෙකු මේ මිහිපිට නැත. උන්වහන්සේ ඉපදුණේ කොහේද, කුමන කලෙකද, අම්මා තාත්තා කවුද, විවාහ වුණේ කවද්ද, ගිහිගෙය අතහැරියේ කවද්ද, කොහොමද, මේ ආදි දහසක් ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු සැපයිය හැකි කෙනෙකු නැත. විවිධ පුරාවිද්‍යා සාධක, පශ්චාත් සාහිත්‍ය සටහන් ආදිය පාදක කර ගනිමින් උන්වහන්සේගේ චරිතකථාව විවිධ භූමිප්‍රදේශ අළෙලා ප්‍රතිනිර්මාණය කිරීමට අනාදිමත් කාලයක සිට විවිධ පාර්ශ්වයන් උත්සාහ ගන්නා බව පෙනේ. භාරතීය කථාව එබඳු ප්‍රතිනිර්මාණයක් වන අතර එය ලෝකයේ වැඩියෙන්ම පිළිගැනුණ කතාවත් වෙනවා. එයට අභියෝග කරමින් මෑත කාලයේදී ලංකාව පාදක කර ගත් කථාවක් ගොඩනැඟුණු බව කවුරුත් දන්නවා. ලංකාවේ කතාවට වඩා තරමක් ශක්තිමත් පසුතලයක් ඇති කතාවක් තායිලන්තයේත් තියෙනවා. බුදුදහම ව්‍යාප්ත වී ගිය සෑම රටක්ම අඩු වැඩි වශයෙන් තමන්ගේ රටේ බුදුහාමුදුරුවන් උපන් බව කියා ගැනීමට උත්සාහවත් වී ඇති බව තේරෙන්නේ එවැනි රටවල් කීපයක සංචාරය කළ අයෙකුටය. එය එක්තරා ආකාරයක උමතුවක් මිස වෙන කිසිවක් නොවේ. කෙසේ වෙතත් මට මෙහිදී කියන්නට අවශ්‍ය වන්නේ අවසාන වශයෙන් මේ සියල්ල ‘කතන්දර’ පමණක් වන බවය. ඉදිරිපත් වන සාධක