(දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි. අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න) ‘ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන’ යන කාව්‍යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය. උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව්‍ය සාහිත්‍යයේ එන මෙම කවිපදය දනිති. එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු ‘වේසියක්, බඩුවක්’ ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය. නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය. දැන් එයට කාලය එළඹ ඇත. පිරිමීනු ද පතන - අවසර, කල්, රහස් තැන මිස නොලැබෙන බැවින - ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.
The Writings of Liyana Rāla