Skip to main content

Posts

Showing posts from February, 2017

ද්විකෝටිය සහ දෙ-ඇගයුම

බුදුදහම තර්කශාස්ත්‍රීය ලෙස ඉහළ තැනක ඇති බව පෙන්වීමට බොහෝ බෞද්ධ උගතුන්ද බෞද්ධ පසුබිමක් ඇති තර්කශාස්ත්‍රය උගන්වන, ඉගෙන ගන්නා අයද නිතර පවසන දෙයක් නම් බටහිර තර්කශාස්ත්‍රය ද්විකෝටිය මත පදනම් වී ඇති අතර බුදුදහම චතුෂ්කෝටිය මත පදනම් වී ඇති බවකි. ඔවුහු තවදුරටත් පෙන්වා දෙන්නේ මේ නිසා බුදුදහමේ එන ඉගැන්වීම් බටහිර තර්කශාස්ත්‍රීය විග්‍රයන්ගෙන් සනාථ කළ නොහැකි බවය. ඇතැමෙක් මෙයටම බුදුදහම ‘අතක්කාවචරය’ එනම් තර්කයට ගෝචර නොවේ යන සාම්ප්‍රදායික ථේරවාදී විග්‍රහයද ඈඳා ගනිති. බුදුදහමේ ‘අතක්කාවචර’ බව වෙනමම සාකච්ඡා කළ යුතු කරුණක් බැවින් එය මොහොතකට පසෙකින් තබමු. ඉහත කී ද්වීකෝටි, චතුෂ්කෝටි කතාව සම්පූර්ණ අසත්‍යයකි. තර්කශාස්ත්‍රය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැති අයෙකුගේ ප්‍රකාශයකි. මේ නිසා මෙම අසත්‍යය තවදුරටත් විකාසය වීම වැළක්වීම පිණිස අදාළ සංකල්ප පිළිබඳ විමසීම පිණිස ලියමි.

ජීවිතය මේය'යි කියා දුන් ආච්චි අම්මා ඇයය

සිංහලෙන් හිතපු දෙමළෙන් කතා කරපු රෙද්දයි හැට්ටෙයි ඇඳපු ඇම්.ජී.ආර්ට පෙම් කරපු ආච්චි අම්මා ඇයය. යාපනයේදී මල්වර වී දෙමළ කොල්ලෙකුට බහදුන් වරදට සිංහල අයියා කොළඹට එක්කං ආ ආච්චි අම්මා ඇයය. මැරයෙකුට පෙම් කොට ගැබ්බර වී බොරැල්ලේ හැටේ වත්තට සෙට් වුණ කාසල් එකේ ටෙම්පරියක් කළ ආච්චි අම්මා ඇයය.

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය

දුෂ්ට-ෆෝබියාව සහ දුටුගැමුණු

සිංහලයාට දුටුගැමුණු මහරජතුමා තරම් වටිනා තවත් රජෙකු නැති තරම්ය. පොඩ්ඩක් ඒ ජාතික ආලේ පැත්තක තියලා ඓතිහාසික වාග්විද්‍යාවට අනුව ‘දුටුගැමුණු’ දෙස බලන්න කැමති නම් මෙය කියවන්න. සිංහලයාට මොන තරම් ඉතිහාසයක් තිබුණත් ලිඛිත භාෂාව්‍යවහාරයක් හමු වන්නේ සිංහලප්‍රාකෘත යුගයේ සිටය. මෙය කාල වකවානුවක් වශයෙන් පූ.ව්‍ය.ව 3 වන සියවසේ සිට යයි සැලකිය හැකියි. මේ යුගයේ ලියැවුණු භාෂාව යට ගොස් නැවත පාලියුගයක් හිටි හැටියේ මතුවෙයි. සිංහලයෙන් ලියැවී තිබුණු අටුවා ආදි සියල්ල පාලියෙන් ලියන්නට පටන් ගැණුනේ මේ යුගයේදීය. මෙලෙස මහාවිහාරීය භික්ෂූන් පාලියෙන් ලියන්නට පටන් ගත්තේ විනය ශික්ෂාපදයක් වරදවා වටහා ගැනීම නිසාය. එක් අයෙකුගේ හෝ කීපදෙනෙකුගේ වැරදි වැටහීමක් නිසා සමස්ත ජාතියටම වන්දි ගෙවන්නට සිදුවීම සම්බන්ධයෙන් මෙය හොඳ උදාහරණයකි. කෙසේ වෙතත් වර්තමානයේදී අපට හමුවන සිංහල සාහිත්‍යය වනාහී මේ පාලි යුගයෙන් පසුව බිහි වූ එකකි. එහෙත් ඇත්තටම මෙහිදී බොහෝ විචාරකයන් අමතක කරන කරුණක් නම්, මෙම පාලියුගයට පෙර සිංහල ප්‍රාකෘත යුගයේදී අපට සංස්කෘත යුගයක් තිබුණු බවය. සිංහලයාගේ අතීත ශිෂ්ටාචාරයේ භාෂාමය බිහිදොර පාලි නොව සංස්කෘතය. දැනට