Skip to main content

Posts

Showing posts from April, 2015

මෙවැනි බැඳුම් අදහනු බැරි

ආදරය හරි අමුතු දෙයක්.. ඒක හිත ඇතුළට රිංගන්නේ දඟකාර කිරිකැටියෙක් මවු දෙතන තුඩු අතර අත් ගසා හුරතල් වෙනවා වගේ. ඒක හිත ඇතුළේ පදිංචි වෙන්නේ දුරුත්තේ හීතලට ඇද වැටෙන බෝපතක් වැලිමළුව සිප ගන්නවා වගේ.. මේ පුදුම ආදරය කවදා කොයි වෙලේ පීදෙයි ද කා වෙනුවෙන් පීදෙයි ද කියා සිතා ගන්න බැරි බඩවැටියේ තලමල වගේ.. ආදරයටත් වඩා පුදුමයි ගැහැනු ළමයෙකුගේ හිත. මට හිතෙන්නෙම, ඇල කණ්ඩිය දිගේ පිපුණු කුමුදු මල් යායට පිනි ඉහළ ඒ මත්තෙන් සඳ එළිය කැටි ගැහුණ වගේ නේද ඒ හිත කියා. වරෙක ඒ හිත බලා ගෙන ඉන්නවා පහන් තරුව දෙස, වරෙක සඳවටොර දෙස, පුංචි සමනලුන් දෙස.. ඒ හැම තැනකටම ඒ හිත ලෝබ නැතිව දන් දෙන්න ඇය හරි ආසයි. නමුත් පිරිමි ළමයෙකුට ඒ හිත දෙන්න ඇය හරිම ලෝබයි.. නමුත් කවදා හරි දවසක, කොයියම් හෝ මොහොතක ඒ හිත දීලා ම දානවා ආයේ ඉල්ලන්නේ නැතිව ම ඉන්න.. අන්න එදාට ලස්සන කතාවක් ගොඩ නැඟෙනවා. ඒ කතාව ඇත්තටම හරිම ලස්සනයි.. ඇය ඒ කතාව තුළ හැමදා ජීවත් වෙනවා. නමුත් අහල පහල ඉන්න බොහෝ දෙනාට ඒ කතාව ලස්සන වෙන්නේ හිත දන් දුන්නේ කාට ද කියා දැන ගන්න ලැබුණාට පසුවයි.. බන්දුල නානායක්කාරවසම් එහෙම ලස්සන නැති කතාවක් අහිංසක ගැහැනු ළමයෙකුගේ හිතට මුවා වෙලා අප

හාරිත - පළමු කොටස

(හාරිත ජාතකය ඇසුරෙන් කොටස් වශයෙන් දිගහැරෙන කෙටිකතාව) “හත්ථක..., හත්ථක...” අන්ධකාරය අතර හීමිට නමුත් බොහොම සීරුවට හමා ගිය කටඬහකි. අහලපහල නිවසක් තබා බලුකූඩුවක්වත් පේන්නට නැති තරම්ය. හතරවටින් වට වුණු පොල්ගස්වලින් මුර කරන පුංචි පැල්පතකි. පැල්පතේ දොර අසල නිසොල්මන්ව රැක සිටින උත්තුංග සෙවණැල්ලකි. ඒ සෙවණැල්ල අතරින් ඇදී එන සිහින් කටහඬකි. “හත්ථක... හත්ථක... උඹ නිදිද බං, නැඟිටලා වරෙන්කෝ... පොඩි වැඩක් තියෙනවා. නැඟිටලා වරෙන්කෝ...” කීපවාරයක් එක දිගට කතා කිරීමෙන් පසුව ගේතුළින් මතුවුයේ කැඩුණු බිඳුණු කටහඬක්ය. “කවුද ඔය, කවුද මේ මහ රෑ?” “මේ මම බං, ඇවිල්ල බලපංකො පොඩ්ඩක්” හිමීට දොර පළුවක් විවෘත විය. ඊටත් වඩා හෙමීට හත්ථක එබී බැලුවේ සොරෙකු දෙස බලන්නා මෙන් සැකයෙනි. ඔහුගේ අතෙහි කඩුවක් ද විය. “කවුද තෝ...?”

අපේ හාමුදුරුවනේ...!

හසර නැති කලට දුටු දාගැබ සේ ය ‘අමාවතුර‘ වාගෙයි දුක් සිත ගාව පද ලකුණක් ය ඔබ නිවනට මඟ කියන බුදු පුත, ඔබයි ලක් දෙරණට ජන නාථ උපුල්වන් දෙවිඳු දුන් වරයක් සේ ය නෙළුම් පතක් වාගෙයි යස කිත් ගාව හිරු මඬලක් ය ඔබ ගොයමට රැස් පුදන බුදු පුත, ඔබයි ලක් දෙරණට ගණ නාථ හෙළ මුතු ඇටය සුරකින මිණි වැට සේ ය සොරොව්වක් වගෙයි හෙළ වැව් දිය ගාව මහ පිරිතක් ය ඔබ ගම් බිම් මැද ඇසෙන බුදු පුත, ඔබයි ලක් දෙරණට මුනි නාථ

මුතුරාජවෙල මුර කරයි

බැලුම්ගල වසා ගෙන සිරි මැදුරු          ඉදිවෙලා පරාක්‍රම කුමරුවා නැත එතැන            සැඟවිලා මුතු සහල් මුතු වපුළ වගුරු බිම       ගොඩවෙලා අද අමුතු ගොඩනැගිලි වැලි පිටින්     මතු වෙලා නිල් පඳුරු යට කරන් වැලි කතර      මතු වෙලා සීතලට හමා ගිය සුළඟ අද                  වේලිලා තණ මඩුළු උලා කෑ ගව රෑන             වඳවෙලා අද එතැන වැලි පිටින් හුඹස් තණ     බිහි වෙලා කඩොලාන, බඩ වැටිය තිබුණ තැන් මුඩු වෙලා පන් කුකුළු හඬ තලයි බේරෙ වැව     දෙස බලා හැමිල්ටන් ඇල පසෙක ගඳ ගහයි  බොර වෙලා වගුරු බිම සමග බැඳි විරසකය         තර වෙලා කොක් රෑන, ගිරවු පෙළ කොහේදෝ  ඉගිළිලා කබරයන් දිය සොයයි මුඩු පොළොව    පීරලා හෙණ ගහන වැහි වතුර වැලි කන්ද   සෝදලා වැලි අතර ගිල ගනියි මඩ වගුර        බල බලා දියකාවො දිය සොයයි සිවු දෙසින්     පියඹලා කාවයියො, පොකිරිස්සො මඩ අස්සෙ හිර වෙලා තැනින් තැන දිය අගල් ගුමු ගුමුව      නවතලා ගං වතුර උඩ බලයි පොද වැස්ස        ඉවසලා මඩ පාට රස විඳපු මිනිස් කැල    ගොළු වෙලා වැලි පිටින් නැගිණු දෑ මඩවලට       බරවෙලා වගුරු බිම මුර නො කළ අවි එතැන   එසවිලා වැලි කතර මුර කරයි බීත

බුදුහාමුදුරුවෝ වැරදිකාරයෙක් ද?

නොයෙකුත් චෝදනා මැද බුදුරජාණන්වහන්සේව වැරදි කාරයෙකු කොට එල්ලා මැරීමට අද විශාල පිරිසක් කැස කවන බව පෙනෙන නිසා සංවේගයෙන් යුතුව මේ වචන ටික ලියමි. ගැහැනියක සහ දරුවෙකු දාලා හොරෙන් පැනලා ගිහිං බුදුවෙලා හරියනවා ද? අර කසාද බඳින්න හිටිය නන්ද කුමාරයාව මහණ කරපු එක හරිද ආදී වශයෙන් මෙකී නොකී නොයෙකුත් පොර ටෝක් දාලා බුකියේ ලියන ‘බෝධිසත්වයන්’ ගේ පෞද්ගිලික ජීවිත ගැන මං නොදනිමි. නමුත් උන්දැලාගේ කතා මුඩුක්කුවක ගලා යන හුජ්ජවතුර ටිකක් ලෙව කන සොක්කි බල්ලන්ගේ උඩු බිරුමක් තරම්වත් වටින්නේ නැත. ඒ ඇයි කියලා මං කියන්නම්. 01. බුදුදහම කියන්නේ එය දේශනා කළ කෙනාගේ උත්පත්තිය මත පදනම්ව අර්ථ ගැන්වෙන දහමක් නොවේ. කතෝලික දහම රැදෙන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියා පිළිගන්නා තාක් පමණි. මුස්ලිම් දහම පවතින්නේත් නබිතුමා ‘අකුරු නූගත් අයෙක්ය’ දෙවියන් ඔහුට කතා කළහයි යනාදී විශ්වාසය තියෙන තාක් පමණි. මේ නිසා මේ ධර්මයන් පවත්වාගෙන යන අයට ඒ අයගේ ආගමික කර්තෘව අරගෙන යන්න සිදු වුණා. නමුත් බුදුදහමට එන කිසිවෙක් බුදුහාමුදුරුවන්ගේ අම්මා කවුද, තාත්තා කවුද කසාද බැඳල ද ආදී තොරතුරු අහලා ඒ අනුව ආවේ නැහැ. ඒ අය ආවේ බුදුහාමුදුරුවන් දේශනා