බැලුම්ගල වසා ගෙන සිරි මැදුරු ඉදිවෙලා
පරාක්‍රම කුමරුවා නැත එතැන සැඟවිලා
මුතු සහල් මුතු වපුළ වගුරු බිම ගොඩවෙලා
අද අමුතු ගොඩනැගිලි වැලි පිටින් මතු වෙලා
නිල් පඳුරු යට කරන් වැලි කතර මතු වෙලා
සීතලට හමා ගිය සුළඟ අද වේලිලා
තණ මඩුළු උලා කෑ ගව රෑන වඳවෙලා
අද එතැන වැලි පිටින් හුඹස් තණ බිහි වෙලා
කඩොලාන, බඩ වැටිය තිබුණ තැන් මුඩු වෙලා
පන් කුකුළු හඬ තලයි බේරෙ වැව දෙස බලා
හැමිල්ටන් ඇල පසෙක ගඳ ගහයි බොර වෙලා
වගුරු බිම සමග බැඳි විරසකය තර වෙලා
කොක් රෑන, ගිරවු පෙළ කොහේදෝ ඉගිළිලා
කබරයන් දිය සොයයි මුඩු පොළොව පීරලා
හෙණ ගහන වැහි වතුර වැලි කන්ද සෝදලා
වැලි අතර ගිල ගනියි මඩ වගුර බල බලා
දියකාවො දිය සොයයි සිවු දෙසින් පියඹලා
කාවයියො, පොකිරිස්සො මඩ අස්සෙ හිර වෙලා
තැනින් තැන දිය අගල් ගුමු ගුමුව නවතලා
ගං වතුර උඩ බලයි පොද වැස්ස ඉවසලා
මඩ පාට රස විඳපු මිනිස් කැල ගොළු වෙලා
වැලි පිටින් නැගිණු දෑ මඩවලට බරවෙලා
වගුරු බිම මුර නො කළ අවි එතැන එසවිලා
වැලි කතර මුර කරයි බීතියෙන් උඩබලා
පරාක්‍රම කුමරුවා නැත එතැන සැඟවිලා
මුතු සහල් මුතු වපුළ වගුරු බිම ගොඩවෙලා
අද අමුතු ගොඩනැගිලි වැලි පිටින් මතු වෙලා
නිල් පඳුරු යට කරන් වැලි කතර මතු වෙලා
සීතලට හමා ගිය සුළඟ අද වේලිලා
තණ මඩුළු උලා කෑ ගව රෑන වඳවෙලා
අද එතැන වැලි පිටින් හුඹස් තණ බිහි වෙලා
කඩොලාන, බඩ වැටිය තිබුණ තැන් මුඩු වෙලා
පන් කුකුළු හඬ තලයි බේරෙ වැව දෙස බලා
හැමිල්ටන් ඇල පසෙක ගඳ ගහයි බොර වෙලා
වගුරු බිම සමග බැඳි විරසකය තර වෙලා
කොක් රෑන, ගිරවු පෙළ කොහේදෝ ඉගිළිලා
කබරයන් දිය සොයයි මුඩු පොළොව පීරලා
හෙණ ගහන වැහි වතුර වැලි කන්ද සෝදලා
වැලි අතර ගිල ගනියි මඩ වගුර බල බලා
දියකාවො දිය සොයයි සිවු දෙසින් පියඹලා
කාවයියො, පොකිරිස්සො මඩ අස්සෙ හිර වෙලා
තැනින් තැන දිය අගල් ගුමු ගුමුව නවතලා
ගං වතුර උඩ බලයි පොද වැස්ස ඉවසලා
මඩ පාට රස විඳපු මිනිස් කැල ගොළු වෙලා
වැලි පිටින් නැගිණු දෑ මඩවලට බරවෙලා
වගුරු බිම මුර නො කළ අවි එතැන එසවිලා
වැලි කතර මුර කරයි බීතියෙන් උඩබලා
Comments
Post a Comment