Skip to main content

Posts

Showing posts with the label අරුත් පහදුව

දුෂ්ට-ෆෝබියාව සහ දුටුගැමුණු

සිංහලයාට දුටුගැමුණු මහරජතුමා තරම් වටිනා තවත් රජෙකු නැති තරම්ය. පොඩ්ඩක් ඒ ජාතික ආලේ පැත්තක තියලා ඓතිහාසික වාග්විද්‍යාවට අනුව ‘දුටුගැමුණු’ දෙස බලන්න කැමති නම් මෙය කියවන්න. සිංහලයාට මොන තරම් ඉතිහාසයක් තිබුණත් ලිඛිත භාෂාව්‍යවහාරයක් හමු වන්නේ සිංහලප්‍රාකෘත යුගයේ සිටය. මෙය කාල වකවානුවක් වශයෙන් පූ.ව්‍ය.ව 3 වන සියවසේ සිට යයි සැලකිය හැකියි. මේ යුගයේ ලියැවුණු භාෂාව යට ගොස් නැවත පාලියුගයක් හිටි හැටියේ මතුවෙයි. සිංහලයෙන් ලියැවී තිබුණු අටුවා ආදි සියල්ල පාලියෙන් ලියන්නට පටන් ගැණුනේ මේ යුගයේදීය. මෙලෙස මහාවිහාරීය භික්ෂූන් පාලියෙන් ලියන්නට පටන් ගත්තේ විනය ශික්ෂාපදයක් වරදවා වටහා ගැනීම නිසාය. එක් අයෙකුගේ හෝ කීපදෙනෙකුගේ වැරදි වැටහීමක් නිසා සමස්ත ජාතියටම වන්දි ගෙවන්නට සිදුවීම සම්බන්ධයෙන් මෙය හොඳ උදාහරණයකි. කෙසේ වෙතත් වර්තමානයේදී අපට හමුවන සිංහල සාහිත්‍යය වනාහී මේ පාලි යුගයෙන් පසුව බිහි වූ එකකි. එහෙත් ඇත්තටම මෙහිදී බොහෝ විචාරකයන් අමතක කරන කරුණක් නම්, මෙම පාලියුගයට පෙර සිංහල ප්‍රාකෘත යුගයේදී අපට සංස්කෘත යුගයක් තිබුණු බවය. සිංහලයාගේ අතීත ශිෂ්ටාචාරයේ භාෂාමය බිහිදොර පාලි නොව සංස්කෘතය. දැනට

'ය' යනු දෙකක් ලිවීමේ හේතුව - අරුත් පහදුව 5

ඇයි මේ සමහරු ' විද්‍යාලයය ' කියා ' ය ' යනු දෙකක් ලියන්නේ ? විද්‍යාලයය , සම්ප්‍රදායය , සෞන්දර්යය කියා ' ය ' යනු දෙකක් ලියා තියෙනවා දැක්කාම ඔබ සමහර විට හිතනවා ඇති ඒක මුද්‍රණදෝෂයක් කියා . නැහැ . එහෙම ලිවීම තමා නිවැරදි . මා අද කියා දෙන්නම් ඒ ගැන . සිංහලභාෂාවේ ඇති සියලුම පද අප කොටස් තුනකට වෙන් කරනවා දේශීය , අනුපාතිත සහ ආනීත යනුවෙන් . මේවා කුමාරතුංග මුනිදාස මහතාගේ වචන . සිදත්සඟරාවේ මේ සඳහා කීවේ නිපන් , තබව , තසම කියා . දැන් රජයේ සිංහල පොත්වල උගන්වන්නේ නිෂ්පන්න , තත්භව , සහ තත්සම කියා . මම් මුනිදාස මහතාගේ වචන යොදන්නම් . දේශීය කියා කීවේ අපේම වචන . ඔළුව , බඩ , කකුල , ගොයම , දොඩනවා , වඩිනවා වගේ පද . ඒවා කිසිම භාෂාවකින් ගත්තු ඒවා නෙවේ . අපේම වචන . අනුපාතිත කියන්නේ වෙනත් භාෂාවකින් අරගෙන අපේ රටාවට අනුව පොඩ්ඩක් වෙනස් කර හදා ගන්න වචන . පාද > පා , විහාර > වෙහෙර , කුර්කිස් > කොකිස් , බෝට් > බෝට්ටුව ආදී වශයෙන් . නමුත් එදිනෙදා කතාබහ කරද්දී අප වැඩියෙන් භාවිත කරන්නේ ආනීතපද . ඒ කියන්නේ යම් භාෂාවක තිබුණු පදයක් වෙනස් නොකර ඒ විදිහටම යොදා ගැනීම

ජම්බුද්වීපය යන්නෙහි අර්ථය - අරුත් පහදුව 4

ජන්බුද්දීපය ද ජන්බුදීපය ද නැතිනම් ජම්බුදීපය හෝ ජම්බුද්වීපය ද ? දිගු නිහැඬියාවකින් පසුව අරුත්පහදුව සිව්වන කඩඉම පසු කරන්නට අවසර පතමි . අරුත්පහදුව ලිපිපෙළ කියවූ සැවොම එහි ප්‍රයෝජනය ගැන අතිශය සතුටින් කථා කළ නිසා මෙම ලිපිපෙළ නවත්වා දැමීමට මටද සිත් පහළ නොවේ . පොරොන්දු වූ පරිදි මම අද ‘ජම්බුද්වීපය’ ගැන ලියමි . මෙම ලිපිපෙළේ අරමුණ වාග්විද්‍යසාධක ගෙනහැර පෑම පමණක් වන බැවින් ඓතිහාසික හෝ පුරාවිද්‍යා සාධකවලට නොගොස් භාෂාමය සාධක සමග හැකි පමණ ලියමි . ඉදින් යම් තැනක වෙනත් ලිඛිත මූලාශ්‍රයයක් උපුටා දැක්විය යුතු යැයි හැඟේ නම් පමණක් එසේ කරමි . එය ඔබේ කියවීමට අපහසුවක් එක් කරයි නම් සුරුසටහනකින් (comment) දක්වන්න . ඇතැම් පද පාලිභාෂාවේ සහ සංස්කෘතභාෂාවේ එක සමානය . මූල , බුද්ධ , ව්‍යාකරණ ( පාලියේ ඇතැම්විට බ්‍යාකරණ ), අධිකරණ , දේව , ආරාම යනාදී ලෙසය . ඇතැම් පද සංස්කෘතභාෂාවේ එක අයුරකුත් පාලිභාෂාවේ වෙනත් අයුරකුත් දක්වයි . සංස්කෘතභාෂාවේ එන පුද්ගල , පුරුෂ , දුඃඛ , යක්ෂ , විහග , ද්වීප යන පද පාලිභාෂාවේදී පිළිවෙලින් පුග්ගල , පුරිස , දුක්ඛ , යක්ඛ , විහංග , දීප යනාදී ලෙස වෙනස් වේ . ඒ අනුව ද්වීප සහ දීප යනු එක

විද්‍යාලඞ්කාර ගුරුකුලය - අරුත් පහදුව 3

ගැහැණිය ද ? ගැහැනිය ද ? කැළණිය ද ? කැලණිය ද ? පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන අරුත්පහදුව 3 ලිපියෙන් ලංකාවේ නූතන භාෂාගුරුකුල ගැන කතා කරන්න පොරොන්දු වුණ නිසා , මා එය මෙසේ ලියමි . නමුත් අද මා සියලු ගුරුකුල ගැන නොව එකක් ගැන කරුණු දක්වා ඉදිරි ලිපිවල අනෙක් ඒවා ගැන ලියමි . එක දිගට ලී විට කියවන්නත් එපා වෙයි . මා අද කියන්නේ ‘විද්‍යාලංකාරගුරුකුලය’ ගැනය . වර්තමාන සිංහලභාෂාවේ අක්ෂරවින්‍යාසය බිහිකිරිමේ වැදගත්ම කාර්යභාරය කළේ මෙම ගුරුකුලයයි . මෙය ආරම්භ වන්නේ සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගෙන් . පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මෙහි මුල් බිමයි . විද්‍යාලංකාර පිරිවෙනේ ඇති විශේෂ ලක්ෂණයක් නම් අතීතයේ පරිවේණාධිපති නාහිමිවරු පවත්වාගෙන ගිය සම්ප්‍රදායන් ඒ අයුරින්ම රැක ගෙන යාම . ඉදින් වෙනස් කිරීමට අවශ්‍යනම් , පිරිවෙනේ ආචාර්යමණ්ඩලය එකතු වී සකච්ඡා කළ යුතු වේ . ධර්මාරාම නාහිමියන්ගේ අක්ෂරවින්‍යාසය වරින්වර කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමියන් අතින් ද කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමියන් අතින් ද වෙනස් වීම්වලට භාජනය වුණා . නමුත් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් නැවත එය ස්ථාපනය කළ නිසා එය විද්‍යාලං

'ත්' දෙකක් යෙදෙන අයුරු - අරුත් පහදුව 2

තත්ත්වය ද ? තත්වය ද ? කුමක් ද නිවැරදි ? අරුත් පහදුව 1 කියැවූ සියලුම හිතවතුන් එය ඉතා හොඳ ක්‍රියාවක් බව අගය කළ හෙයින් ඉතා සතුටින් යුතුව එහි 2 වන ලිපිය ලියමි . තත්වය , සත්වයා වැනි පද ත්ත් යනුවෙන් හල් ' ත ' යනු දෙකක් යොදා ද එකක් යොදා ද ලියන බව ඔබ නිරීක්ෂණය කර ඇතැයි මම සිතමි . අද මම එහි පසුබිම ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වෙමි . ' ත්ව ' යනු යම්කිසි දෙයක හෝ පුද්ගලයකුගේ හෝ ස්වභාවය , ගතිස්වරූපය ගැන කියැවෙන තද්ධිත ප්‍රත්‍යයකි . මෙය සිංහලභාෂාවේ එන ' කම ' යන ප්‍රත්‍යයට සහ ' බව ' යන පදයට අර්ථයෙන් සමාන බවක් පෙන්වයි . ඒ අනුව , ' මනුෂ්‍යතව ' ( මනුෂ්‍ය + ත්ව ) යනු මිනිස්කම , මිනිසත් බව යන අදහස දෙන පදයකි . මෙසේම , ' ඝනත්ව ' යනු ඝන හෙවත් දැඩි බවය . ' ගුරු ' යනු පුළුල් ලෙස පැතුරුණු යන්නයි . පුළුල් ලෙස පැතිරීම ස්වභාව කොට ඇති නිසා ' ගුරුත්ව ' යනු මහපොළවයි . මහපොළවේ ඇති ඇද ගන්නා ශක්තිය ' ගුරුත්වාකර්ෂණය ' යි . ' කවිත්ව ' යනු කවියාගේ ස්වභාවයයි . එනම් ලෝකය නිර්මාණාත්මකව දැකීමේ හැකියාවයි . තවත් මෙවැනි පද ' ඇති පද