ඇයි
මේ සමහරු 'විද්‍යාලයය'
කියා 'ය'
යනු දෙකක්
ලියන්නේ?
විද්‍යාලයය,
සම්ප්‍රදායය,
සෞන්දර්යය
කියා 'ය'
යනු දෙකක්
ලියා තියෙනවා දැක්කාම ඔබ සමහර
විට හිතනවා ඇති ඒක මුද්‍රණදෝෂයක්
කියා. නැහැ.
එහෙම ලිවීම
තමා නිවැරදි. මා
අද කියා දෙන්නම් ඒ ගැන.
සිංහලභාෂාවේ
ඇති සියලුම පද අප කොටස් තුනකට
වෙන් කරනවා දේශීය,
අනුපාතිත
සහ ආනීත යනුවෙන්.
මේවා කුමාරතුංග
මුනිදාස මහතාගේ වචන.
සිදත්සඟරාවේ
මේ සඳහා කීවේ නිපන්,
තබව,
තසම කියා.
දැන් රජයේ
සිංහල පොත්වල උගන්වන්නේ
නිෂ්පන්න, තත්භව,
සහ තත්සම
කියා. මම්
මුනිදාස මහතාගේ වචන යොදන්නම්.
දේශීය
කියා කීවේ අපේම වචන.
ඔළුව,
බඩ,
කකුල,
ගොයම,
දොඩනවා,
වඩිනවා වගේ
පද. ඒවා
කිසිම භාෂාවකින් ගත්තු ඒවා
නෙවේ. අපේම
වචන. අනුපාතිත
කියන්නේ වෙනත් භාෂාවකින්
අරගෙන අපේ රටාවට අනුව පොඩ්ඩක්
වෙනස් කර හදා ගන්න වචන.
පාද >
පා,
විහාර >
වෙහෙර,
කුර්කිස්
> කොකිස්,
බෝට් >
බෝට්ටුව
ආදී වශයෙන්. නමුත්
එදිනෙදා කතාබහ කරද්දී අප
වැඩියෙන් භාවිත කරන්නේ ආනීතපද.
ඒ කියන්නේ
යම් භාෂාවක තිබුණු පදයක් වෙනස්
නොකර ඒ විදිහටම යොදා ගැනීම.
ආනීත කියන්නේ
'අරගෙන
ඇවිත්' කියන
තේරුම.
මේ
විදිහට ආනීත කරගන්න බොහෝ පද
අපට ලැබෙන්නේ සංස්කෘතභාෂාවෙන්.
මෙලෙස එන
පද බොහෝමයක් අප්‍රාණවාචීපද.
ඒවා ඒ විදිහටම
එනවා කීවාට මුල්බසේ ඇති විදිහටම
අපට අපේ බසේ යොදන්න නම් බැහැ.
ඒ නිසා මුල්
බසේ තියෙන ලිංගය සිංහලට එන
විට වෙනස් වෙනවා.
උදාහරණයක්
ලෙස 'ග්‍රන්ථ'
කියන පදය
සංස්කෘතභාෂාවේ පුරුෂලිංග
පදයක්. නමුත්
සිංහලට එන විට එය නපුංසකලිංග
වෙනවා. දැන්
මෙහෙම නපුංසකලිංග කර,
අරගත්තා
යැයි සිතමු. එයට
පසුව අප භාෂාවේ යොදන්නේ කොහොමද?
අපට සිදුවෙනවා
සාමාන්‍ය නපුංසකලිංග නාමපදයක්
වරනඟන ආකාරයට එයත් වරනඟන්න.
දැන් අපි
බලමු කොහොමද ඒක කරන්නේ කියා.
විභක්ති අනියමාර්ථය
ඒක
වචන බහුවචන
....................................................................................
ප්‍රථමා/කර්ම ග්‍රන්ථයක් ග්‍රන්ථය ග්‍රන්ථ
කරණ/අවධි ග්‍රන්ථයකින් ග්‍රන්ථයෙන් ග්‍රන්ථවලින්
සම්ප්‍රදාන ග්‍රන්ථයකට ග්‍රන්ථයට ග්‍රන්ථවලට
සම්බන්ධ/
ආධාර ග්‍රන්ථයක ග්‍රන්ථයේ ග්‍රන්ථවල
මෙහි
බහුවචන වරනැඟීමේදී ප්‍රාණවාචී
ප්‍රත්‍යය ද ඇතැම් අය භාවිත
කරති. එවිට
එය මෙසේ ද ලිවිය හැක.
විභක්ති බහුවචන
.....................................
ප්‍රථමා ග්‍රන්ථ
= ග්‍රන්ථයෝ
කර්ම ග්‍රන්ථ
= ග්‍රන්ථයන්
කරණ/අවධි ග්‍රන්ථවලින්
= ග්‍රන්ථයන්ගෙන්
සම්ප්‍රදාන ග්‍රන්ථවලට
= ග්‍රන්ථයනට
සම්බන්ධ ග්‍රන්ථවල
= ග්‍රන්ථයන්ගේ
ආධාර ග්‍රන්ථවල
= ග්‍රන්ථයන්හි
බහුවචනය
මේ ක්‍රම දෙකින් කුමන අයුරින්
ලීවාත් කමක් නැහැ.
මේක බැලුවාම
ඔබට පේනවා ඇති සංස්කෘතපදය
'ග්‍රන්ථ'
යන්නයි,
එය සිංහලයෙන්
වරනැඟීමේදී 'ය'
'යක්'
'යෙන්'
ආදී වශයෙන්
'ය'
යන්නෙන්
ආරම්භවන ප්‍රත්‍යයක් තමා
භාවිත කර ඇත්තේ.
සෑම සංස්කෘතපදයක්ම
සිංහලභාෂාවට ගැනීමේදී 'ය'
යන්න මුලට
යෙදෙන ප්‍රත්‍යයම දාන්නේ
නැහැ. සමහර
පදවලට අප යොදන්නේ 'ව'
යන්නෙන්
ආරම්භ වන ප්‍රත්‍යය.
උදාහරණයක්
ලෙස 'ශාලා'
කියන සංස්කෘතපදය
සිංහල ගැනීමේදී අපි 'ව'
යන්න යොදා
'ශාලාව'
කියා කියමු.
අපි දැනට
ඒක අමතක කරමු.
'ය'
යන්න ගැන
විතරක් හිතමු.
ගැටලුව
මතුවෙන්නේ මෙහෙම.
සංස්කෘතභාෂාවේ
තියෙන ඇතැම් පදවල ස්වභාවයෙන්ම
අගට 'ය'
යන්නක්
තියෙනවා. ඒ
කියන්නේ ප්‍රකෘතිය තුළ 'ය'
යන්නක් තියෙන
බවයි. උදාහරණයක්
ලෙස 'ආලය'
කියන්නේ
සංස්කෘතයෙන් 'ගෙය'
'ශාලාව'
කියන අර්ථයට.
විද්‍යා
දැනුම ලබා ගන්නා ගෙයට අපි
'විද්‍යා
+ ආලය
= විද්‍යාලය'
කියා කියමු.
පුස්තක
තැන්පත් කර ඇති ගෙය 'පුස්තකාලය'.
කාර්යය හෙවත්
කටයුතු කරන ගෙය 'කාර්යාලය'
වේ.
මූල +
ශ්‍රී ධාතුවෙන්
උපදින පදය 'මූලාශ්‍රය'
වේ.
මේ ආකාරයට
ම සම්ප්‍රදාය,
සමුච්චය,
ඉන්ද්‍රිය,
අක්ෂය,
ව්‍යය,
කාර්ය,
අක්‍රිය,
සෞන්දර්ය,
සූර්ය,
ආචාර්ය වැනි
පදත් ප්‍රකෘතියෙන්ම 'ය'
යන්නක් අගට
ඇති පදවේ.
යංශය
යොදන අයුරුත් මේ ගමන්ම කිව
යුතුවේ. යංශය
කියන්නේ වෙනම අකුරක් නෙවේ.
එය අකුරු
දෙකක් සංයෝග කරන ක්‍රමයක්.
ත් +
ය =
ත්‍ය.
අචින්ත්‍ය,
සාහිත්‍ය,
ප්‍රත්‍ය
වැනි. න්
+ ය
= න්‍ය.
සාමාන්‍ය,
ශූන්‍ය වැනි.
ල් +
ය =
ල්‍ය.
චාපල්‍ය,
අතුල්‍ය
වැනි. ද්
+ ය
= ද්‍ය.
ගද්‍ය,
පද්‍ය වැනි.
ද්‍රව්‍ය
ආදී අනෙක් පද ගැනත් මෙසේම
තේරුම් ගන්න.
දැන් ඔබට
පේනවා ඇති මේ පද සියල්ලත් අගට
ප්‍රකෘතියෙන්ම 'ය'
යන්නක් සහිත
පද බව.
මා
ඔබට මුලින් කීවා 'ග්‍රන්ථ'
කියන මූලය
වරනැඟීමේදී 'ය'
'යක්'
ආදී ප්‍රත්‍යය
එකතුවන බව. ඒ
ආකාරයටම දැන් අපි බලමු මෙලෙස
'ය'
යන්නෙන්
අවසන් වන මූලයක් වරනඟන්නේ
කොහොමද කියා.
විභක්ති අනියමාර්ථය
ඒක
වචන බහුවචන
....................................................................................
ප්‍රථමා/කර්ම මූලාශ්‍රයයක් මූලාශ්‍රයය මූලාශ්‍රය
කරණ/අවධි මූලාශ්‍රයයකින් මූලාශ්‍රයයෙන් මූලාශ්‍රයවලින්
සම්ප්‍රදාන මූලාශ්‍රයයකට මූලාශ්‍රයයට මූලාශ්‍රයවලට
සම්බන්ධ/
ආධාර මූලාශ්‍රයයක මූලාශ්‍රයයේ මූලාශ්‍රයවල
පුරුෂලිංග
ප්‍රත්‍යයන් භාවිත කිරීමේදී
මෙසේය.
විභක්ති බහුවචන
.....................................
ප්‍රථමා මූලාශ්‍රය
= මූලාශ්‍රයයෝ
කර්ම මූලාශ්‍රය
= මූලාශ්‍රයයන්
කරණ/අවධි මූලාශ්‍රයවලින්
= මූලාශ්‍රයයන්ගෙන්
සම්පදාන මූලාශ්‍රයවලට
= මූලාශ්‍රයයනට
සම්බන්ධ මූලාශ්‍රයවල
= මූලාශ්‍රයයන්ගේ
ආධාර මූලාශ්‍රයවල
= මූලාශ්‍රයයන්හි
දැන්
ඔබට පේනවා ඇති 'ය'
යනු දෙකක්
වගේ පේන්නේ, එකක්
ප්‍රකෘතියෙන් තියෙන 'ය'
යන්න,
අනෙක ප්‍රත්‍යයත්
සමග යෙදෙන 'ය'
යන්න බව.
සමාස
ගැනත් මෙහිදී යමක් කිව යුතුයි.
යම් පද දෙකක්
සමාස කිරීමේදී මුලින් යොදන
පදය ප්‍රකෘතියෙන් යොදන්න
ඕනේ. මේ
බලන්න.
මට
මේ 'සමාජය'
එපා වී ඇත.
'සමාජවිද්‍යාව'
මගේ ප්‍රියතම
විෂය වේ.
මෙහි
මුල් වාක්‍යයේ 'සමාජ'
යන පදය
නාමපදයක් ලෙස යොදා ඇත.
'සමාජය'
කියා වරනඟන්නේ
ඒ නිසාය. දෙවන
වාක්‍යයේ එය සමාසයක මුල්
කොටසය. සමාජය
ගැන හදාරන විද්‍යාව 'සමාජවිද්‍යාව'
වේ.
එහිදී යෙදෙන්නේ
'සමාජ'
කියන මූලය
පමණි. මේ
ආකරයටම,
මෙම
කරුණට අදාළ 'මූලාශ්‍රයය'
දක්වා නැත.
'මූලාශ්‍රයග්‍රන්ථ'
මොනවාදැයි
පෙන්වා දෙන්න.
පළමු
වාක්‍යයේ 'මූලාශ්‍රය'
යන්න නාමපදයක්
ලෙස යෙදී ඇත. ඒ
නිසා වරනැඟී ඇත.
දෙවන වාක්‍යයේ
එය සමාසයක මුල් කොටස පමණි.
මූලාශ්‍රය
කර ගත් ග්‍රන්ථ 'මූලාශ්‍රයග්‍රන්ථ'
වේ.
මේ ආකාරයටම
සාහිත්‍යකලාව,
ආචාර්යමණ්ඩලය,
සෞන්දර්යවිද්‍යාව,
ඉන්ද්‍රියගෝචර,
ප්‍රත්‍යසන්නිශ්‍රිත
වැනි සමාස පද ගැන සිතා බලන්න.
දැන් ඔබට
වැටහෙනවා ඇති අක්ෂ,
විද්‍යාල,
පුස්තකාල,
මූලාශ්‍ර
ආදී ලෙස ලිවීම වරදක් බව.
අරුත්පහදුව
මීළඟ ලිපියෙන් පද බෙදීම ගැන
කතා කරන්නම්.
අගේ ඇති පැහැදුම. ඔබට තුති ❤️🙏
ReplyDelete