Skip to main content

විද්‍යාලඞ්කාර ගුරුකුලය - අරුත් පහදුව 3


ගැහැණිය ද? ගැහැනිය ද? කැළණිය ද? කැලණිය ද?

පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන


අරුත්පහදුව 3 ලිපියෙන් ලංකාවේ නූතන භාෂාගුරුකුල ගැන කතා කරන්න පොරොන්දු වුණ නිසා, මා එය මෙසේ ලියමි. නමුත් අද මා සියලු ගුරුකුල ගැන නොව එකක් ගැන කරුණු දක්වා ඉදිරි ලිපිවල අනෙක් ඒවා ගැන ලියමි. එක දිගට ලී විට කියවන්නත් එපා වෙයි. මා අද කියන්නේ ‘විද්‍යාලංකාරගුරුකුලය’ ගැනය. වර්තමාන සිංහලභාෂාවේ අක්ෂරවින්‍යාසය බිහිකිරිමේ වැදගත්ම කාර්යභාරය කළේ මෙම ගුරුකුලයයි. මෙය ආරම්භ වන්නේ සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගෙන්. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මෙහි මුල් බිමයි. විද්‍යාලංකාර පිරිවෙනේ ඇති විශේෂ ලක්ෂණයක් නම් අතීතයේ පරිවේණාධිපති නාහිමිවරු පවත්වාගෙන ගිය සම්ප්‍රදායන් ඒ අයුරින්ම රැක ගෙන යාම. ඉදින් වෙනස් කිරීමට අවශ්‍යනම්, පිරිවෙනේ ආචාර්යමණ්ඩලය එකතු වී සකච්ඡා කළ යුතු වේ. ධර්මාරාම නාහිමියන්ගේ අක්ෂරවින්‍යාසය වරින්වර කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමියන් අතින් ද කොටහේනේ පඤ්ඤාකිත්ති නාහිමියන් අතින් ද වෙනස් වීම්වලට භාජනය වුණා. නමුත් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් නැවත එය ස්ථාපනය කළ නිසා එය විද්‍යාලංකාරයේ සම්මත අක්ෂරවින්‍යාසය බවට පත්වුණා. ඉහත නම් වශයෙන් දැක්වූ අද්විතීය පඬිවරුන් තිදෙන හැරුණු විට විද්‍යාලංකාර අක්ෂරවින්‍යාසය රටට ගෙනයාමට දායක වූ විද්‍යාලංකාරයේ ඉගෙනගත් හෝ ඉගැන්වූ හෝ විශාල පිරිසක් හිටියා. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, ඇස්. මහින්ද හිමි, සාගර පලන්සූරිය සහ වල්පොල රාහුල හිමි යන අය ඒ අතර කිහිප දෙනෙක්. ඉන්පසුව රටේ පොදු ජනතාවත් විද්‍යාලංකාරක්‍රමය අනුගමනය කරන්න පෙළඹීම නිසා එය සම්මතයක් බවට පත්විය. හැමවිමට විද්‍යාලංකාරයේ ප්‍රතිවාදියා වූයේ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණයි. විද්‍යෝදය අනුගමනය කළේ පැරණි සංස්කෘත පඬිවරුන්ගේ මතයයි. විද්‍යාලංකාරය පිළිගත්තේ පැරණි සිංහල ලේඛනක්‍රමයයි. විද්‍යාලංකාරයේ විශේෂ ලක්ෂණ කීපයක් දැන් දක්වන්නම්.

01. යම් පදයකට පාලියෙන් හා සංස්කෘතයෙන් අක්ෂරක්‍රම දෙකක් ඇති විට විද්‍යාලංකාරය පිළිගත්තේ පාලික්‍රමයයි.
(සංස්.) ගෘහිණි > ගැහැණිය (විද්‍යෝදය) / (පාලි) ගේහිනි > ගැහැනිය (විද්‍යාලංකාර)
(සංස්.) ඛනති > කනියි (?) / (පාලි) ඛණති > කණියි (විද්‍යාලංකාර)

02. විද්‍යාලංකාරය පැරැණි සිංහලභාෂා ව්‍යවහාරය මුල්තැනට ගෙන පිළිගනී.
පැරැණි ‘පිරිවහන’ යන පදයෙන් බිඳෙන නිසා ‘පිරිවෙන’ කියා විද්‍යාලංකාරය ලියන අතර ‘ර’ යන්නේ බලපෑම නිසා එය ‘ණ’ විය යුතුයි සිතන විද්‍යෝදය ‘පිරිවෙණ’ කියා ලියයි.

03. විද්‍යාලංකාරය, අපේ පදවලට සහ සංස්කෘත, පාලි යන භාෂාවලින් බිඳී එන පදවලට සංස්කෘත රීති අදාළ වෙන බවක් නො පිළිගනී.
(සංස්./ පාලි) කල්‍යාණි > කැලණි
නමුත් මූර්ධජයක් ඉදිරියේ දන්තජය මූර්ධජයක් විය යුතු බව කියන සංස්කෘත මතය නිසා විද්‍යෝදය ‘කැළණිය’ කියා ලියයි.

04. යම් සංස්කෘත පදයක ‘ණ’ යෙදෙන්නේ මුලින් යෙදෙන ‘ර’ යන්න නිසා නම්, එම පදය සිංහලභාෂාවට එන විට එම මුල් ‘ර’ යන්න නැති වෙන නිසා ‘ණ’ යන්න ‘න’ විය යුතු බව විද්‍යාලංකාර මතයයි.
ශ්‍රවණ > සවන / ශ්‍රමණ > *සමන > *හමන > මහන / භ්‍රමණ > බමන
නමුත්
ධරණී > දරණ / ආභරණ > අබරණ

05. ගාත්‍රාක්ෂර ලෝප සන්ධියේදී පූර්ණ බින්දුවක් යෙදිය හැකි පද සාමාන්‍යයයෙන් ලිවීමේදී සඤ්ඤකයක් සහිතව ලිවිය යුතු බව විද්‍යාලංකාර මතයයි.
ගඟ (ගංපොළ) / මඟ (මංපහරන්නා) / නියඟ (නියංකල) / ක්‍රියාපදවලත් නැඟීම (නැංවීම)
නමුත්
සමග’ යන්න මිස ‘සමඟ’ නොව. 

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...