Skip to main content

නපුංසකයෝ තුන් දෙනා

මේ ලෝකයේ නපුංසකයෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාට තියෙන්නේ කාලය, දේශය, පුද්ගලත්වය යන ප්‍රශ්න තුනය. පළමු වැනියා මෙහෙම කියනවා. "ඕවා ඒ කාලේ කළාට මේ කාලේ කරන්න බෑ." එයාට තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. රජකාලේ කළාට දැන් බෑ. සුද්දගෙ කාලේ කළාට දැන් බෑ වගේ දේවල් තමා ඔහු/ඇය කියන්නේ. දෙවැනියා මෙහෙම කියනවා, "ඕවා එහෙ කළාට මෙහෙ කරන්න බෑ". එයාට තියෙන්නේ දේශය පිළිබඳ ප්‍රශ්නයක්. රුසියාවේ කලාට ලංකාවේ බැහැ. ඉන්දියාවේ කළාට ලංකාවේ බැහැ. උඩරට කළාට පහතරට බැහැ වගේ දේවල් තමා එයාගේ අදහස්. තුන් වැනියා මෙහෙම කෙනෙක්. "ඕවා එයා කළාට උඹට බැහැ/මට බැහැ" ආදී වශයෙන්. එයාට තියෙන්නේ පුද්ගල ප්‍රශ්නයක්. ධර්මපාලතුමා කළාට උඹට බැහැ. ලෙනින් කළාට උඹට බැහැ. ගාන්ධි කරපු දේවල් මට කරන්න පුළුවන් ද ආදී වශයෙන් තමා එයා කතා කරන්නේ.

විප්ලවය කියන්නේ හැම විටම ආයුධ සන්නද්ධ අරගලයක් නෙවේ. මට අනුව විප්ලවය කියන්නේ සමාජය දැන් පවතින තත්වයට වඩා උසස් තත්වයකට ගෙන ඒමට දරන වෑයමයි. ඉදින් ඔබ යම් විප්ලවයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, පළමුව මේ නපුංසකයන් තුන් දෙනාව හොයා ගෙන පිටුවහල් කරන්න. නැත්තම් වැඩේ හරිම අමාරුයි.

සෝම හාමුදුරුවන් ගේ අපවත් වීම ලංකාවේ අවාසනාව, අභාග්‍ය කියා කවුරු හරි හිතනවා නම් මා එයට විරුද්ධයි. සෝම හාමුදුරුවන් අපවත් වූ වේලේ, "කමක් නැහැ සෝම හාමුදුරුවන් නැති වුණාට, මං ඉන්නවානේ. මට පුළුවන් මේක ඉදිරියට ගෙන යන්න" කියා කියන්න, හිතන්න, කරන්න කෙනෙක් නැති වුණ එකයි ලංකාව් අභාග්‍ය හෝ අවාසනාව වෙන්නේ. මෙය ජාතිකවාදීව ලියූ සටහනක් නොවේ. ලෙනින්ගේ, ගාන්ධිගේ, හෝ වෙනත් එවැනි ඕනෑම විප්ලවවාදියෙකුගේ මරණය ගැන මට කියන්න තියෙන්නේ එපමණයි.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ...

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...