Skip to main content

භාෂාවේ මායාව

භාෂාව කියන්නේ හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. අප ඉතා දක්ෂ වුණේ නැති නම්, භාෂාව භාවිත කරමින් මිනිසුන් නොමඟ යැවීමට පෙළඹෙන පිරිස ඉතා වැඩිය. බලන්න එකම සිදුවීම දෙදෙනකු වාර්තා කර ඇති අයුරු.

"බුදුදහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය. මෙම අධිකරණ තීරණයට ඔබ... එකඟයි / එකඟ නැත."

"වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් මෛත්‍රිය සහ උපේක්ෂාව මත පදනම් වූ ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් ශික්ෂණය ලත් ලංකාවේ සිංහල බෞද්ධයන්, සුද්දියකගේ පච්චයක් දැකීමෙන් 'කැළඹීමට පත්වේයැයි' ලංකාවේ උසාවිය විසින් නිගමනය කිරීම, බෞද්ධයන්ට කළ අපහාසයකි / නිවැරදි තීන්දුවකි. "

මා මෙහිදී කියන්න උත්සාහ කළේ, සිංහල භාෂාවේ ව්‍යාකරණය වැනි කරුණුවලට වඩා ලේඛන ශෛලිය මත සිදු කරන බරපතල වරදක් ගැන. කාටවත් අපහාසයක් නොවේ, අප දත යුතුම කාරණයක් මේක. we report, you decide කියන්නේ ලෝකයේ මාධ්‍ය සදාචාරයේ ඉහළම මූලධර්මය. මේ නිසා යම් තොරතුරක් කිසිවෙකුගේ දැන ගැනීමට මත විමසීමකට භාජනය කරන විට, අපේ පූර්ව නිගමන ඒ තුළ නොතිබිය යුතුයි.

ඒක මං තවදුරටත් මෙහෙම පැහැදිලි කරන්නම්. පළමු සටහනින් අහන්නේ "මෙම අධිකරණ තීරණයට ඔබ... එකඟයි / එකඟ නැත" යන්නයි. ඔහු එය අහන්නේ මුලින්ම, "බුදු දහමට නිගා වන අන්දමින්" යනුවෙන් තම මතයත් ඇතුළත් කර. ඉදින් ඒක බුදුදහමට නිගා දෙන ක්‍රියාවක් නම්, අධිකරණ තීරණයට විරුද්ධ වීමට අපට හේතුවක් නැහැ නේද?

දෙවන සටහනින් අහන්නේ, "බෞද්ධයන්ට කළ අපහාසයකි / නිවැරදි තීන්දුවකි." යන්නයි. එය අහන්නේ මුලින් "වසර දෙදහස් පන්සීයකට අධික කාලයක් මෛත්‍රිය සහ උපේක්ෂාව මත පදනම් වූ ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් ශික්ෂණය ලත් ලංකාවේ සිංහල බෞද්ධයන්" යනාදී ලෙස අනවශ්‍ය විස්තරයක් සපයමින්. බෞද්ධයන් එවැනි ශික්ෂණයක් ලබා තිබේ නම්, විවාදයක් නැහැ මේක බෞද්ධයන්ට කළ අපහාසයක්.

ඔබට පේනවා ඇති අවස්ථා දෙකේදීම අපේ මතය විමසන අයුරින් ඔවුන් කරන්නේ තමන්ගේ මතය අපේ ඔළුවට දැමීම බව. අපට තෝරගන්න විකල්ප නැහැ. උත්තරය දී ඇත. මේ වගේ ප්‍රවෘත්ති ඕනැ තරම් අයි.ටී.එන් නැරඹුවාම දත හැකියි. අනෙක් මාධ්‍යවලත් ප්‍රවෘත්ති කියනවා කියා කරන්නේ මේ දේම තමයි. ජනතාවට තොරතුරු දීම වෙනුවට, ජනතාවගේ අදහස් විමසීම වෙනවට තමන්ගේ අදහස් බලහත්කාරයෙන් ජනතාව වෙත පටවනවා.

දැනට ලංකාවේ ජනමාධ්‍ය කරන්නේත් මෙකමයි. අසත්‍ය ප්‍රචාර ගෙන යන ෆැන්ටසිවාදීන් කරන්නේත් මේකමයි.
භාෂාව
නිවැරදිව ඉගෙන ගන්න
නිවැරදිව භාවිත කරන්න
එවිට බොහෝ ප්‍රශ්න නිරවුල් කර ගත හැක.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප