Skip to main content

දාර්ශනිකයා සහ පිස්සා

දාර්ශනිකයා සහ පිස්සා අතර ඇත්තේ කෙස් ගහකටත් වඩා පොඩි වෙනසකි. මේ නිසා අප සමාජයේ සිටින දාර්ශනිකයන් (විශේෂයෙන් ම මූණුපොතේ) පිස්සන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසු බව මගේ වැටහීම විය. නමුත් මෑතකදී මා කළ අධ්‍යයනයකට අනුව දාර්ශනිකයකු සහ පිස්සකු අතර කැපී පෙනෙන වෙනස්කම් කීපයක් ද ඇති බව අනාවරණය විය. මේ සටහන ඒ වෙනස්කම් ගැනය.

01. දාර්ශනිකයා තමා සියල්ල දන්නා අයෙක් යැයි නොසිතයි. පිස්සා එසේ සිතයි.

02. දාර්ශනිකයා තමාගේ අතින් වරදක් වූ විට එය හදුනාගෙන හෝ වෙනකෙනෙක් පෙන්වා දුන් පසු පිළිගෙන නිවැරදි කර ගනී. පිස්සා තමාගේ වරද සාධාරණීකරණය කරයි.

03. දාර්ශනිකයා අනුන්ගේ දැනුම අගයයි. පිස්සා අනුන්ගේ දැනුමට ගරහයි.

04. දාර්ශනිකයා මුලින් ඉගෙනගනියි, පසුව සිතයි. පිස්සා මුලින් සිතයි, පසුව තමාගේ සිතුවිලිවලට ගැලපෙන පොත් ටිකක් හොයාගෙන කියවයි.

05. දාර්ශනිකයා හා පිස්සා අතර ඇති ලොකුම වෙනස නම් දාර්ශනිකයාට ඥානවිභාගයක් ඇත. එනම් තමා දැනුම ලබා ගත්තේ කෙසේ දැයි තමාම විමසා බලන අතර වෙන කෙනෙකු ඒ ගැන විමසූ විට නිවැරදිව පැහැදිලි කර දෙයි. තමා දැනුම ලබා ගත් අයුරින් වෙන අයෙකුටත් එම දැනුමම ලබා ගත හැකි බව ඔහු පිළිගනියි. පිස්සාට ඥානවිභාගයක් නැත. ඔහු තමාගේ දැනුමට සමානව හෝ එයට වඩා ඉහළට වෙනකෙනෙක් නැගී සිටිනවාට අකමැතිය.

මූණුපොතේ හෝ වෙවා මඟතොටේ, පාසලේ, සරසවියේ, බස්රියේ, ආපනශාලාවේ හෝ වෙනත් ඕනෑම තැනක හෝ වේවා අපට හමුවී 'පොරටෝක්ස්' දාන අය දාර්ශනිකයන් ද පිස්සන් ද යන්න නිවැරදිව හඳුනා ගන්න. ඉදින් ඔහු / ඇය පිස්සෙක් බව වැටහුණහොත් නිහඩව තමාගේ මිත්‍රත්වය ඉවත් කර ගන්න. ඒය තමාගේ ජීවිතය වෙනුවන් කරන අනාගත ආයෝජනයකි.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...