ඇඳගෙන පරණ ඇඳුම්
ඔසවාගෙන දෑතින්
විශාල බෑග් දෙකක්
බරට බරේ මොනවා ද ඔබා ගෙන
ගත පුරා දහදියෙන් නැහැවී
නහයට උනන හොටු
වැටෙන්නට නොදී ඉහළට ඇද ඇද
පුංචිම පුංචි කොලු පැටියෙක්
ඉකි ගසමින්
ඇවිද ගෙන යයි
රූටමින්
ඌට ඉදිරියෙන්
උගේ තරම්ම කිළිටි ඇඳුම් ඇඳ ගත්
ගැහැනියක්
ගැහැනියක්
තවත් පුංචි කෙළි පැටික්කියක් වඩා ගෙන
ඇදෙයි ඉදිරියට
කොලු පැටියා
ළං වී කියයි ඇයටඇදෙයි ඉදිරියට
කොලු පැටියා
බැගෑපත් ස්වරයෙන්
ඇස් අග කඳුළු පුරවාගෙන
'අම්මේ මට බරයි'
කෝපයෙන් ඌ දෙසට හැරුණු ඈ
ටොක්කක් ඇන්නාය ඌට හයියෙන්
"අම්මෝ....."
කොලුවා මර ළතෝනි දෙයි.
අවට ගසක හුන් කාක්කෝ
ඉහළට ඉගිළ ගියහ.
මඟතොට යනෙන අයගේ ඇස්
හැරිණි උන් දෙසට.
කොලුවා නිහඬ විය
ටික වේලාවකින්
හුස්ම ගත නොහැකි සේ
පපුව හිර කරමින් ඉකිගසමින්
ඇය අදෙයි ඉදිරියට පෙර සේ...
(රාගම දුම්රියපොලදී දුටු සත්‍ය සිදුවීමකි.)
Comments
Post a Comment