Skip to main content

Posts

Showing posts from 2016

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත - මෙන්න ඇත්ත

(අදහස් පළකිරීමට පෙර සියල්ල කියවා බලන්න.) *භික්ෂූන් වහන්සේලාව පාලනය කරන්න ආණ්ඩුවෙන් නීති හදලා පනතක් ගෙනා බව ඇත්තක් ද? මේක පට්ටපල් බොරුවක්. ඇත්ත සිදුවීම සම්පූර්ණයෙන් විකෘති කර මාධ්‍ය ආයතනවලින් ප්‍රචාරය කිරීම නිසා තමයි මෙහෙම ‘ගෝනිබිල්ලෙක්’ සමාජය තුළ බිහි වී ඇත්‍‍තේ. පනතේ නම දැක්වෙන්නේ “ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා වූ පනතකි” යනුවෙනි. එයින් කෙරෙන කාර්යය පනතේ 2. (අ), (ආ), (ඇ) දැක්වෙන පරිදි සරල සිංහලෙන් කීවොත් මෙහෙමය. භික්ෂූන්වහන්සේ නමක් විසින් නොපිරිහෙළා ඉටු කළ යුතු කාර්යයන් සහ අනුගමනය කළ යුතු හැසිරීම් මොනවාද කියා නියමිත කරන ලද ‘කතිකාවතක්’ ඒ ඒ බෞද්ධ නිකායන් විසින් සහ පාර්ශ්ව විසින් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ නිකායේ භික්ෂූන්වහන්සේලා, අපේ පාර්ශ්වයේ භික්ෂූන්වහන්සේලා මේ මේ විදිහටයි ක්‍රියා කළ යුත්තේ කියා තමන්ගේ නිකායට, පාර්ශ්වයට ආවේණික නීති පද්ධතියක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ හදාගත් නීති පද්ධතිය (එනම් කතිකාවත) බුද්ධශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට නීතිමය බලයක් ලැබෙනවා. ඉතින් මේ හදාගන්න කතිකාවතට

ආදරණීය දුවේ....

අද උඹ පාසලට යන පළමු දවස. පාසලට යන්න කලින් උඹට කියා දෙන්න බොහෝ දේ මගේ හිතේ හිර කර ගෙන හිටියත්, මා දන්නවා ඒවා කියා දුන්නාට උඹට තේරෙන්නේ නැත. උඹ තාම පුංචියි. ඒත් කවදා හෝ දවසක උඹ මේක කියවාවි කියා සිතා මම මෙය ලියමි. මා දන්නවා දුවේ, දුව‍ගේ තාත්තා ලින්කන්වත්, මැන්ඩලාවත්, නේරුවත් නෙවේ. ඒ නිසා අනාගතයේ දවසක උඹ ලින්කන්, මැන්ඩලා, හෝ නේරු ලියූ දේ කියවන තරම් රසවත්ව මා ලියන දේ නොකියවා සිටින්නට ඉඩ ඇත. නමුත් අද මා සිතේ තෙරපෙන සිතුවිලි මෙසේ ලියා තැබුවේ නැති නම්, මට මහත් පීඩාවක් මෙන් දැනේවි. ඒනිසයි මා මෙය ලියා තබන්නේ. එකෝමත් එක කාලෙක දූගේ තාත්තා පාසලේ ඉ‍ගෙන ගන්න අවදියේ අපට ගුරුවරු කියා දුන්නේ මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය කාරණා හතරක් තියෙනවා කියාය. ඒවා නම් ආහාර, ඇදුම්, වාසස්ථාන සහ බෙහෙත් යන හතරය. නමුත් දුවේ, මේ කාරණා හතර පමණක් තිබී ජීවත් වෙන්න පුළුවන් වුණේ දැනට ශතවර්ෂ ගාණකට ‍පෙර ජීවත් වූ මිනිසාටය. අද මේ හතරට තවත් එකක් එකතු විය යුතුය. ඒ නම් ‘දැනුම’යි. කුකුල් පැටියෙකුට බිම පහුරු ගා පණුවන් කන හැටි උගන්වන්න ඕනෑ නැත. අලිපැටියෙකුට උපන් හැටියේ ඇවිදින්නට උගන්වන්න ඕනෑ නැත. නමුත් මිනිහෙකු මේ ලෝකෙට ඉප‍දෙන්නේ උගේ