සිංහලෙන් හිතපු දෙමළෙන් කතා කරපු
රෙද්දයි හැට්ටෙයි ඇඳපු
ඇම්.ජී.ආර්ට පෙම් කරපු
ආච්චි අම්මා ඇයය.
යාපනයේදී මල්වර වී
දෙමළ කොල්ලෙකුට බහදුන් වරදට
සිංහල අයියා කොළඹට එක්කං ආ
ආච්චි අම්මා ඇයය.
මැරයෙකුට පෙම් කොට ගැබ්බර වී
බොරැල්ලේ හැටේ වත්තට සෙට් වුණ
කාසල් එකේ ටෙම්පරියක් කළ
ආච්චි අම්මා ඇයය.
මිනිහ මැරිල තනි වුණාම
පුංචි කිරිසප්පයෙකුත් එක්ක
හාබර් එකේ මුට්ටා ඇදපු
ඇක්මන්ට ගෙයි දොර ඇරපු
ආච්චි අම්මා ඇයය.
ඇක්මන්ගේ අනෙක් ගෑනිට
හම්බ වුණ කොලු පැටියාව විකුණන්ට යන කොට
“දීපං ඔය දරුවාව මං හදා ගන්නං” කී
ආච්චි අම්මා ඇයය.
අප්පෙකු නැතිව දරුවෙකු වදා
කාසල් එකේ ඇඳක් උඩ ළතැවෙන එකියක්
දරු පැටියාව විසි කරන්න මඟක් හොයද්දී
“දීපං ඔය දරුවාව මං හදා ගන්නං” කියා
මගේ අම්මාවත් අරං හදා ගත්
ආච්චි අම්මා ඇයය.
ඉඳල හිටල
මාස ගණන් අවුරුදු ගණන්
ඇක්මන් අතුරුදන් වුණාම
දරුපැටියන් පස් දෙනෙකුගෙ කට වහන්න,
බැඳ ගෙන රෙදි තලප්පාව ඔළුව සිසාරා තර කොට
කොන්ක්‍රීට් තාච්චි එහෙ මෙහෙ කොට,
ඉන් ලැබෙන තුට්ටුවෙන්
ඉරට කලින් දුවගෙන ගොස් මරිය කඩේ පෝලිමෙ ඉඳ
ගෙනා මාළු
වට්ටියේ අඩුක්කරං ගම වටේට කරක් ගහපු
ආච්චි අම්මා ඇයය.
ඉන්න හිටින්නට බැරි වෙන කොට
හැටේ වත්තේ
දරු පැටවුන් දොක්කා ගෙන
ඉද්ද කැලේ වල් කොටලා
තනියම පොඩි පැළක් හදා
ඇක්මන්ටත් ඉන්ට දීපු
ආච්චි අම්මා ඇයය.
ඇක්මන් නැති ඉනවු බලා
චණ්ඩි ඇවිත් ගේ වට කොට පිහි පෙන්නා
“කවුද හුත්තො අපෙන් අහන්නැතිව මේ කැලේ ගෙවල් හැදුවේ” කියද්දී
මාළු මන්නෙ අතට අරන්
“මිනිහා නැති වෙලාවට ගෑනුන්ට හයිරන් පෙන්නන
පොන්නයා කවුද” කියා
චීත්තයත් උස්සාගෙන මිදුලට පැන
බීඩි බිබී
මන්නේ වනපු
ආච්චි අම්මා ඇයය.
මගේ අම්මට මාව දමා වෙන දීගෙක යන්ට වෙද්දී
“කොලු පැටියාව මට දීපං” කියා
මාව අරං හදා ගත්තු
ආච්චි අම්මා ඇයය.
යාන්තං බහ තෝරා ගෙන
‘අම්මා’ කියා මා කියද්දී
අම්මා ලෙසින් මා ළඟ සිටි
ආච්චි අම්මා ඇයය.
ගමේ හිටය එකම දොස්තර මහත්තයාව
ජේ.වී.පී එකෙන් මරා දමා
ටයර් ගොඩක පිච්චෙන කොට
මාවත් කිහිල්ලේ දොක්කා ගෙන
බාගෙට පිච්චෙන මිනිය දෙස බලා සිටි
ආච්චි අම්මා ඇයය.
කටුනායක මහන්න ගිය
ගෙදර හිටිය ලොකුම හයිය
ලොකු පුංචි
පැනල ගියාම කොල්ලෙකු එක්ක
මටම කියා ගෙන්නා ගත්
බූමිතෙල් කෑන් එකම
මං ඉස්සරහම ඇඟේ හලා ගෙන
ගිනි තියා ගන්නට ගිය
ආච්චි අම්මා ඇයය.
ඇස් ගෙඩි දෙක කළු වෙනකම්
ලිපට පිඹලා දුම් කා ගෙන
කඩයප්පං ලැවරිය පුච්චා
ඉස්කෝලෙට මාව යවපු
මඟුල් ගෙවල උයලා
ලැබෙන කෑම මට ගෙන දී
තළු මර මර මං කද්දී
ඒක දිහා හිනා වෙවී බලා හිටපු
පළමු දෙවන පන්තියේ
වළං පිගන් හෝදාලා
ඔවුන් දීපු පරණ ඇඳුම්
මට ගෙනවිත් අන්දාලා හැඩ බලපු
ආච්චි අම්මා ඇයය.
මට සරසවි වරම් ලැබී
ඒ බව කීමට ආ දා
දෑස පියා ගෙන සිටි,
ඒ වන විටත් මා කැඳවා
ජීවිතයේ සරසවියට
ජීවිතයේ පොත පෙරළා
සියලු අකුරු මට කියවූ
අකුරු නූගත්
ආච්චි අම්මා ඇයය.
රෙද්දයි හැට්ටෙයි ඇඳපු
ඇම්.ජී.ආර්ට පෙම් කරපු
ආච්චි අම්මා ඇයය.
යාපනයේදී මල්වර වී
දෙමළ කොල්ලෙකුට බහදුන් වරදට
සිංහල අයියා කොළඹට එක්කං ආ
ආච්චි අම්මා ඇයය.
මැරයෙකුට පෙම් කොට ගැබ්බර වී
බොරැල්ලේ හැටේ වත්තට සෙට් වුණ
කාසල් එකේ ටෙම්පරියක් කළ
ආච්චි අම්මා ඇයය.
මිනිහ මැරිල තනි වුණාම
පුංචි කිරිසප්පයෙකුත් එක්ක
හාබර් එකේ මුට්ටා ඇදපු
ඇක්මන්ට ගෙයි දොර ඇරපු
ආච්චි අම්මා ඇයය.
ඇක්මන්ගේ අනෙක් ගෑනිට
හම්බ වුණ කොලු පැටියාව විකුණන්ට යන කොට
“දීපං ඔය දරුවාව මං හදා ගන්නං” කී
ආච්චි අම්මා ඇයය.
අප්පෙකු නැතිව දරුවෙකු වදා
කාසල් එකේ ඇඳක් උඩ ළතැවෙන එකියක්
දරු පැටියාව විසි කරන්න මඟක් හොයද්දී
“දීපං ඔය දරුවාව මං හදා ගන්නං” කියා
මගේ අම්මාවත් අරං හදා ගත්
ආච්චි අම්මා ඇයය.
ඉඳල හිටල
මාස ගණන් අවුරුදු ගණන්
ඇක්මන් අතුරුදන් වුණාම
දරුපැටියන් පස් දෙනෙකුගෙ කට වහන්න,
බැඳ ගෙන රෙදි තලප්පාව ඔළුව සිසාරා තර කොට
කොන්ක්‍රීට් තාච්චි එහෙ මෙහෙ කොට,
ඉන් ලැබෙන තුට්ටුවෙන්
ඉරට කලින් දුවගෙන ගොස් මරිය කඩේ පෝලිමෙ ඉඳ
ගෙනා මාළු
වට්ටියේ අඩුක්කරං ගම වටේට කරක් ගහපු
ආච්චි අම්මා ඇයය.
ඉන්න හිටින්නට බැරි වෙන කොට
හැටේ වත්තේ
දරු පැටවුන් දොක්කා ගෙන
ඉද්ද කැලේ වල් කොටලා
තනියම පොඩි පැළක් හදා
ඇක්මන්ටත් ඉන්ට දීපු
ආච්චි අම්මා ඇයය.
ඇක්මන් නැති ඉනවු බලා
චණ්ඩි ඇවිත් ගේ වට කොට පිහි පෙන්නා
“කවුද හුත්තො අපෙන් අහන්නැතිව මේ කැලේ ගෙවල් හැදුවේ” කියද්දී
මාළු මන්නෙ අතට අරන්
“මිනිහා නැති වෙලාවට ගෑනුන්ට හයිරන් පෙන්නන
පොන්නයා කවුද” කියා
චීත්තයත් උස්සාගෙන මිදුලට පැන
බීඩි බිබී
මන්නේ වනපු
ආච්චි අම්මා ඇයය.
මගේ අම්මට මාව දමා වෙන දීගෙක යන්ට වෙද්දී
“කොලු පැටියාව මට දීපං” කියා
මාව අරං හදා ගත්තු
ආච්චි අම්මා ඇයය.
යාන්තං බහ තෝරා ගෙන
‘අම්මා’ කියා මා කියද්දී
අම්මා ලෙසින් මා ළඟ සිටි
ආච්චි අම්මා ඇයය.
ගමේ හිටය එකම දොස්තර මහත්තයාව
ජේ.වී.පී එකෙන් මරා දමා
ටයර් ගොඩක පිච්චෙන කොට
මාවත් කිහිල්ලේ දොක්කා ගෙන
බාගෙට පිච්චෙන මිනිය දෙස බලා සිටි
ආච්චි අම්මා ඇයය.
කටුනායක මහන්න ගිය
ගෙදර හිටිය ලොකුම හයිය
ලොකු පුංචි
පැනල ගියාම කොල්ලෙකු එක්ක
මටම කියා ගෙන්නා ගත්
බූමිතෙල් කෑන් එකම
මං ඉස්සරහම ඇඟේ හලා ගෙන
ගිනි තියා ගන්නට ගිය
ආච්චි අම්මා ඇයය.
ඇස් ගෙඩි දෙක කළු වෙනකම්
ලිපට පිඹලා දුම් කා ගෙන
කඩයප්පං ලැවරිය පුච්චා
ඉස්කෝලෙට මාව යවපු
මඟුල් ගෙවල උයලා
ලැබෙන කෑම මට ගෙන දී
තළු මර මර මං කද්දී
ඒක දිහා හිනා වෙවී බලා හිටපු
පළමු දෙවන පන්තියේ
වළං පිගන් හෝදාලා
ඔවුන් දීපු පරණ ඇඳුම්
මට ගෙනවිත් අන්දාලා හැඩ බලපු
ආච්චි අම්මා ඇයය.
මට සරසවි වරම් ලැබී
ඒ බව කීමට ආ දා
දෑස පියා ගෙන සිටි,
ඒ වන විටත් මා කැඳවා
ජීවිතයේ සරසවියට
ජීවිතයේ පොත පෙරළා
සියලු අකුරු මට කියවූ
අකුරු නූගත්
ආච්චි අම්මා ඇයය.
Comments
Post a Comment