Skip to main content

සිංහලභාෂාවට එබී බැලීම - ජාතිකචින්තනය 3



පසුගිය ලිපියෙන් අප කතා කළා සිංහල භාෂාව සිංහලයෙක් බිහි කිරීමේ දෙවන වැදගත්ම සාධකය කියා. අද අපි සිංහල භාෂාව ජාතික චින්තනයට බලපාන ආකාරය ගැන ඉතා සමීපව කතා කරමු.

ප්‍ර - අපි ‍කෙළින්ම මාතෘකාවට බහිමු. මට කියන්න මේ ජාතික චින්තනය ගොඩ නැඟීමේ දී සිංහල භාෂාව වැදගත් වෙන්නේ කොහොම ද?

පි - ජාතිකචින්තනයට සිංහල භාෂාව වැදගත් වෙන්නේ කරුණු දෙකකින්.

1. සිංහල ජාතියේ අනන්‍යතාව රැක ගැනීම
2. සිංහල ජාතියේ ඉතිහාසය හා සංස්කෘතිය සොයා යෑම.

මෙන්න මේ කරුණු දෙකින් තමා භාෂාව අපට වැදගත් වෙන්නේ.

ප්‍ර - මං වෙන වෙනම ඇහුවොත්, මට කියන්න, ජාතියේ අනන්‍යතාව රැක ගැනීම සම්බන්ධයෙන් සිංහලභාෂාව වැදගත් වෙන්නේ කොහොම ද?



පි - ඒක හරි සරලයි. අප කියන්නේ ඒකට ඉත්ථම්භූතාර්ථය කියලා. දැන් යම් පුද්ගලයෙකුව 'හාමුදුරුකෙනෙකු' කියා අප හඳුනා ගන්නේ කොහොම ද? හාමුදුරුකෙනෙකු වීමට කරුණු ගොඩක් අවශ්‍යයි. නමුත් 'සිවුරක්' හැඳ සිටීම නිසා නේ අප කියන්නේ එයා හාමුදුරුකෙනෙකු කියා. ඒ වගේ තමා, අප කෙනෙකුව 'සිංහලයෙකු' කියා හඳුනා ගන්නේ ඔහු සිංහල භාෂාව කතා කරනවා කියන සාධකය මත. මේක ඉතා මතුපිට, ඒ වගේම සරල කියවීමක්.
අප දන්නවා ඕනෑම හොරෙකුට සිවුරක් පොරවා ගන්න පුළුවන්. ඒ නිසා සිවුරක් පෙරවූ නිසා ම යමෙක් හාමුදුරු කෙනෙකු වෙන්නේ නැහැ. එ වගේ තමයි, සිංහල භාෂාව කතා කරන නිසාම සිංහලයෙකු වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම ඒ සාධකය මත තමයි අපි පළමුවෙන්ම කෙනෙකුව හඳුනා ගන්නේ එයා සිංහලයෙකු කියා.

ප්‍ර - මේ අනන්‍යතාව කියන කාරණය මේ තරම් ම සරල කියවීමකින් දත යුතු දෙයක් ද?

පි - අපෝ නැහැ.. මෙතන තියෙනවා මීට වඩා ඉතාම බර පතල කියවීමක්. ඒක මෙන්න මෙහෙමයි.

දැන් අපි කියනවා, මේ ජීවත් වන ලංකාවේ උරුමය අයිති සිංහලයන්ට කියලා. අපි කොහොම ද ‍මේක ඔප්පු කරන්නේ. මහාවංශයෙන් ද? එහෙම නැත්තං වෙනත් මොකක් හරි පොතකින් ද? මං හිතන්නේ නැහැ ඒක ඒ තරම් සාර්ථකයි කියලා. මොකද ඒ සෑම ඓතිහාසික ලේඛනයක්ම අභියෝගයට ලක් කරන්න පුළුවන්. නමුත් අභි‍ෙයා්ගයට ලක් කරන්න බැරි එකම දේ තමයි, සිංහලභාෂාව. සිංහල ජාතිය අප ඉතිහාසය පුරාවටම අඳුනා ගන්නේ සිංහල භාෂාව නිසා, අන්න ඒ සිංහල භාෂාව බිහි වුණු, ඇති වුණු නිජබිම තමයි මේ රට. අන්න එහෙම තමයි, සිංහල භාෂාව සහ මේ රට බද්ධ වෙන්නේ. ඒ නිසා තමයි අතීතයේ සිටම මේ රට 'සිංහලය' කියන නමින් හැඳින්වු‍ණේ.

ප්‍ර - ඒක නම් මාරයි.. එතකොට සිංහල භාෂාව විනාශ වුණෝතින් අපට මේ රටේ උරුමය ගැන කතා කරන්න බැරිව යනවා?

පි - අන්න හරි.. එතන තමයි අප බය විය යුතු තැන. අන්න ඒ නිසා තමයි කුමාරතුංග මුනිදාස මහතා කියන්නේ රටයි ජාතියයි දෙකම බේරෙනවා, භාෂාව බේරා ගත්තොතින් කියා. එතුමා භාෂාව තමා වැදගත්ම කාරණය විදිහට දැක්කේ. 'උගැන්නැ සිය බස, මත් වන්නැ එහි රසයෙන්' කියා කීවේ ඒ නිසා.

ප්‍ර - ඒක එහෙම නම්, අපි ජාතික වීරයන් බිහි කරන්න පළමුව භාෂා උගතුන් බිහි කළ යුතු යි නේ ද?

පි - ඇත්තටම ඔවු. ඒක තමයි මුලින්ම විය යුත්තේ. නමුත් අප දැක්කා, මෑතක දී ජාතික ව්‍යාපාරයට ආපු නායකයන් සමහරක් තුළ පවා මේ භාෂා දැනුම තිබුණේ නැහැ කියා. ඒ අය ඒ අඩුව මකා ගන්න භාෂා උගතුන් කීප දෙනෙක් පිටුපසින් තියාගෙන හිටියා. නමුත් ඒක හරියන්නේ නැහැ.

සිංහල භාෂාවේ අනාගතය ගැන හිතුවොත් හරිම ඛේදනීයයි. අද රජයටවත් බැහැ, අක්ෂර වින්‍යාසය නිවරදිව යොදමින් ව්‍යාකරණය නිවැරදිව රකිමින් චක්‍රලේඛයක් පවා නිකුත් කරන්න. මං මේක ඉතා වගකීමෙන් කියන්නේ. ඒ අය අද හිතන්න පුරුදු ‍වෙලා තියෙනවා ඒක ඒ තරම් වැදගත් දෙයක් නෙවේ කියලා. කිසිම ජනමාධ්‍ය ආයතනයක් අදටත් භාෂාව තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. අඩුම තරමේ ළමා වැඩසටහන්වලදීවත්. සිංහල භාෂා උගතුන්ට රටේ නිසි පිළිගැනීමක් නැහැ. ඒ අයට රැකියා නැහැ. ‍මේ වගේ ප්‍රශ්න ගොන්නක් තියෙනවා මේ ගැන කතා කරන්න. නමුත් අපි ඒවා ගැන පස්සේ කතා කරමු.

ප්‍ර - හොඳයි අපි අනෙක් කාරණය ගැන කතා කළොත්, කොහොමද භාෂාව ජාතියේ ඉතිහාසය හා සංස්කෘතිය සොයා යෑමට ඉවහල් වෙන්නේ?

පි - නූතන සමාජවාග්වේදය තුළ අපි භාෂාව සලකන්නේ නිකම්ම නිකම් සන්නිවේදන උපකරණයක් හෝ මාධ්‍යයක් විදිහට ‍නෙවේ, සංස්කෘතික කෝෂ්ඨාගාරයක් විදිහට. මොක ද කියනවා නම්, භාෂාව තුළ රැඳී තියෙන්නේ ගබඩා ‍වෙලා තියෙන්නේ අපේ සංකල්ප. එ්වා ඔබයි මායි අද හදපුවා නෙවේ. අතීතයේ සිටම මේ රටේ මිනිසුන් හිතන ‍කොට කතා කරන කොට උපයෝගී කර ගත්ත සංකල්ප. ඒ තුළ තියෙන්නේ අපේ මිනිසුන්ගේ චින්තන විදිහ. උදාහරණයක් විදිහට අපි ගමු 'සංහිද' කියන වචනය. මේක අපේ භාෂාවේ වචනයක්. මේ වචනය මං හිතන්නේ නැහැ මිහිපිට තියෙන වෙන කිසිම භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන් වෙයි කියලා. මොකද සංහිද කියන්නේ නිකම්ම නිකං ගහක් නෙවේ. ඒ සඳහා ත‍ොරා ගන්නේ සුවිශේෂ වනස්පතීන් විතරයි. ඒ විතරක් නෙවේ, ඒකත් එක්ක බැඳුණු පුදසිරිත් අභිචාරවිධි ආදී ගොඩක් තියෙනවා. නිකමට හිතන්න, මේ සංහිද කියන සංකල්පය සම්පූර්ණයෙන් නූතන සමාජයෙන් අෑත් වුණා කියලා. නමුත් අනාගතයේ පහළ වෙන දරුවෙකු විමලරත්න කුමාරගමගේ කවියක් කියවලා අහනවා, සර් සංහිද කියන්නේ මොකද්ද කියලා. එතකොට ගුරුවරයාට සිද්ධ වෙනවා, එහි අර්ථයත් අතීතයේ අපේ මිනිසුන් තුළ තිබුණු ඒ පුද සිරිත් ගැනත් කියා දෙන්න. එතකොට ඇත්තටම ඒ ශිෂ්‍යයා ඉගෙන ගන්නේ භාෂාව ද, නැහැ. භාෂාව මාධ්‍යය කර ගනිමින් ඔහු අපේ පැරණි සංස්කෘතිකාංගයක් ඉගෙන ගන්නවා. භාෂාවට විතරයි මේ ප්‍රාතිහාර්යය කරන්න පුළුවන්.

ප්‍ර - එතකොට භාෂාව හරහා ඉතිහාසය සොයා යන්‍‍නේ කොහොම ද?

පි - ඒකත් මං උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් මේ රටේ වැඩිපුරම ඉන්නේ 'ගොවිගම' මිනිස්සු. මේ ගොවිගම මිනිස්සු එන්නේ ගොවිතැන පාදක කරගෙන. මූලික වෙන්නේ ගොවියා. මේ රටේ රජවෙලා තියෙන්නේත් ගොවියෝ. ගොවියන්ට රජ උරුමය පවා හිමි වෙලා තියෙනවා. එත කොට කවුරු හරි හිතලා තියෙනවා ද මේ ගොවියා කියන්නේ කවු ද කියලා. කොහෙන් ද ‍මේ 'ගොවි' කියන වචනය එන්නේ. පාලියේවත් සංස්කෘතයේවත් මේකට ආසන්න‍යෙන් යන වචනයක්වත් නැහැ. දෙමළභාෂා‍වෙත් නැහැ. මං ඉතාම වගකීමෙන් කියනවා, දැනට ඉන්දියාවේ තියෙන කිසිම ආර්ය පදයකින් මේ 'ගොවි' කියන ශබ්දය ‍ගොඩනඟන්න බැහැ. ‍මේක තේරුම් ගන්න බැරිව දැනට මේ පදයට දීලා තියෙන සියලුම අර්ථ සහ නිරුක්ති හරිම හාස්‍ය ජනකයි.

මහාරාෂ්ට්‍රී ප්‍රාකෘත රීතිය බැලුවත් සිංහල අපේම ප්‍රාකෘත රීතිය බැලුවත් මේ ගොවි කියන පදය හැදෙන්නේ, 'ගෝපි' කියන පදයෙන්. දැන් අපට හොයන්න වෙනවා කවුද මේ ගෝපිවරු කියලා.

ගෝපිවරු කියන්නේ, එදා ද්වාරිකයේ ජීවත් වූ 'යාදව' වංශිකයන්. මේ අය ජීවත් වූ ද්වාරිකය මහාභාරතය කියන පරිදි අද්භූත සතුරු අාක්‍රමණයක් නිසා සම්පූර්ණයෙන්ම මුහුදේ ගිලිලා විනාශ වුණා. මෙම සිදු වීම සිදු වී ඇත්තේ ආසන්න වශයෙන් පූ.ව්‍ය.ව 12000 - 20000ත් අතර. තෙරෙන විදිහට කිව්වොත් බුදුහාමුදුරුවන් ඉපදෙන්නටත් සියවස් හයකට විතර පෙර. මෑතක් වන තුරුම හිතුවේ මේ ද්වාරිකය කියන්නේ මිථ්‍යාවක් කියා. නමුත් අද සම්පූර්ණ ද්වාරිකයම මුහුදින් ගොඩ අරන් තියෙනවා. එය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ගුජරාටයත් මහාරාෂ්ට්‍රයත් අතර මුහුදේ. ඉතින් එදා තමන්ගේ නගරය මුහුදු බත් වෙනකොට දිවි ගළවා ගත් පිරිස මේ රටට ආවා විය නොහැකි ද?

අද අපි 'ගම' කියන්නේ village කියන තේරුමට. නමුත් ඇත්තටම අතීතයේ 'ගම' හෙවත් සංස්කෘතයෙන් 'ග්‍රාම' කියා කීවේ ජනසමූහය, ජනවර්ගය කියන තේරුමට. ඍග්වේදයේ 10 මණ්ඩලයේත් අථර්වන් වේදයේ 1 සහ 10 කාණ්ඩවලත් මේ අර්ථයෙන් ග්‍රාම කියන පදය යෙදිලා තියෙනවා. ඒ අනුව 'ගෝපිග්‍රාම' කියා කිව්වේ, ගෝපි ජනතාව නැතහොත් ගෝපි ජන කණ්ඩායම කියන තේරුමට. ඒකම තමා ගොවිගම කියා අද අප කියන්නේ.

මෙතන දී ඉතා වැදගත් දෙයක් කියන්න ඕනේ. මේ ගෝපි හෙවත් යාදවයන් ආර්යයන් නෙවේ. ඒ අය ස්වදේශීය ජන කොට්ඨාසයක්. අදටත් යාදවයන් ඉතාම සුළු පිරිසක් ඉන්දියාවේ ඉන්නවා, එ් අයව සැලකෙන්නේ අඩුකුලේ අය කියලා. හැබැයි බ්‍රහ්මණයන්ගේ සිවු කුලයට ඔවුන් වැටෙන්නේ නැහැ. මෙයින් තේරෙනවා ඔවුන් අතීතයේ සිටි පැමි‍ණෙන වෙනත් සම්භවයක් ඇති ස්වදේශිකයන් පිරිසක් බව.

මං මේ කිව්වේ මං දැකපු විදිහ. මුනිදාස මහතා මටත් වඩා වෙනස් විදිහකට භාෂාව සහ අපේ අනන්‍යතාව කියන ප්‍රශ්නය අරන් යනවා. ඔහු තර්ක කරන්නේ ‍මෙහෙම... දැන් හිතන්න ලංකාවට ආර්යයන් හරි වෙන මොකෙක් හරි ඉන්දියාවෙන් ආවා කියා. ඔවුන් සියලු දෙනා, සිටියේ වැඩුණේ ව්‍යාප්ත වුණේ ලංකාවේ උතුරු කොටසේ. එය එසේ නම් ඔවුන්ගේ භාෂාවට හා සංස්කෘතියට වැඩියෙන්ම යටත් වුණේ උතුරු පළාත්වල මිනිසුන් මිසක දකුණුදිග මිනිසුන් නෙවේ. එහෙම නම් ලංකාවේ දකුණුදිග මිනිසුන්ගේ භාෂාව තුළ අපේ අනන්‍යතාව රැකී තියෙනවා විය යුතුයි. එතුමා මේ හේතුව නිසා තමයි 'දොඩනවා' කියන වචනය ලේඛනයේ දී පවා භාවිත කළේ. ඒක දකුණු උපභාෂාවේ වචනයක්. නමුත් කතාකරනවා කියන තේරුමට ‍දොඩනවා කියා කියන්නේ මුළු ලෝකයෙන්ම අප විතරයි. ඒක අසවල් භාෂාවෙන් ගත් වචනයක් කියා කියන්න බැහැ. අපේම වචනයක්. අන්න අපේ අනන්‍යතාව.

ප්‍ර - හරි දැන් ඉතාම පැහැදිලියි.. අපේ භාෂාවේ වැදගත් කම. ඔබ මීට පෙර සාකච්ඡාවේ දී කිව්වා සිංහල භාෂාව පළමු භාෂව විය යුතුයි කියා කොන්දේසියක් ගැන. මොකද්ද මේ පළමු භාෂාව කියන්නේ? ඔබ කියන්නේ මවුබස ගැන ද?

පි - අද 'මවුබස' කියන සංකල්පය සියලුම වාග්වේදීන් සහ දාර්ශනිකයන් බැහැර කරනවා. එහෙම ‍දෙයක් ඇත්තටම නැහැ. ඕනෑම දරුවෙකු කුඩා කල ග්‍රහණය කර ගන්න භාෂාව තමා ඔහුගේ හෝ ඇයගේ පළමු භාෂාව වෙන්නේ. ඒක මවගේ බස වෙන්නත් පුළුවන් පියාගේ බස වෙන්නත් පුළුවන්. වෙනත්ම පරිසරයක හැදුණොත් ඒ පරිසරයේ බස වෙන්නත් පුළුවන්.

ප්‍ර - මේ සංකල්පය මෙයිට වඩා නිවැරදි විදිහකට දෙන්න පුළුවන් ද?

පි - ඒක මෙහෙමයි, අවු. 8 අඩු ළමයෙකු හිතන්න, කල්පනා කරන්න යම් භාෂාවක් උදවු කරගන්නවා නම් ඒක තමයි ඒ ළමයාගේ පළමුබස වෙන්නේ. මොකද ඊට පස්සේ මොන භාෂාව උගන්වන්න උත්සාහ කළත් ළමයා ඒක ඉගෙන ගන්නේ පළමුව ‍ඉගෙන ගත්තු භාෂාවට සාපේක්ෂව කල්පනා කරලා බලලා. ඒක නිසා ඒ ඉගෙන ගන්න හැම භාෂාවක්ම ළමයෙකුට දෙවන භාෂාවක් වෙනවා. දැන් මං පුංචිකාලේ ඉඳලා හිතන්න පුරුදු වුණේ සිංහලභාෂාවෙන්. ඒක මගෙ පළමුබස. මං ඉංග්‍රීසි ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයක් වශයෙන් යොදා ගෙන. එතකොට එය මගේ දෙවනබස. මං ජර්මන් සහ චීන භාෂා ඉගෙන ගත්තේ ඉංග්‍රීසි උදවු කර ගෙන. ඒතකොට ඒවා මගේ තෙවනබස් බවට පත් වෙනවා. මේ විදිහටයි සම්මතය හැදෙන්නේ.

ප්‍ර - ඔබ මෙතෙක් කියන්නට උත්සාහ කළේ, සිංහලභාෂාව රැක ගැනීම ඉතාම වැදගත් දෙයක් කියල නේ. ඉතිං මට කියන්න මේක රැක ගන්න ඕනේ කොහොම ද කියලා?

පි - ඔබ දැන් තමයි ඉතා වටිනාම ප්‍රශ්නය ඇහුවේ. ඇත්තටම මුස්ලිම්වරු ඉඩම් අල්ලගන්නවා, පල්ලි හදනවා කියලා කෑ ගැහුවට.. මේ වගේ සිල්ලර දේවලින් සිංහල ජාතියවත් සිංහලයන්ට මේ රටේ තියෙන උරුමයවත් විනාශ කරන්න බැහැ. ඒක කරන්න පුළුවන් එකම දේ සිංහලභාෂාව විනාශ කිරීම තුළින් පමණයි. ඒ සඳහා තමා මේ රටේ ක්‍රියාත්මක වන දරුණුම කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ. වර්තමාන සිංහලයා කිසිම දවසක පිළිතුරු සොයන්න උත්සාහ නොකරන්නේත් ඒවාටමයි.

සිංහල භාෂාව රැක ගන්න පෙර අපි මුලින්ම හිතලා බලන්න ඕනේ සිංහලභාෂාවට එල්ලවෙලා ති‍යෙන තර්ජන මොනවා ද කියලා.

ප්‍ර - ඉතින් ඒ තර්ජන ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා ද?

පි - මට අනුව සිංහලභාෂාවට ප්‍රධාන තර්ජන 3ක් එල්ලවෙලා තියෙනවා.

1. රටේ අධ්‍යාපනය ඇතුළු සමස්තයක් වශයෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිංහලභාෂාව නොවැදගත් දෙයක් ලෙස සැලකීම

2. ඉංග්‍රීසිභාෂා අධ්‍යාපනය ගැන දැනට ව්‍යාප්ත වී ති‍බෙන මිථ්‍යා විශ්වාස

3. භාෂාප්‍රවර්ධන ක්‍රියාවලියක් ලංකාව තුළ ක්‍රියාත්මක නොවීම

ප්‍ර - මේ කාරණා වෙන වෙන ම පැහැදිලි කළොත්?

පි - මුලින්ම රටේ අධ්‍යාපනය සහ රාජ්‍ය යාන්ත්‍රණය ගැන කියන්නම්. අද ඉතා සුලබව මතුවන ප්‍රශ්නයක් තමා උසස් පෙළින් පස්සේ මොකක් හරි විෂයක් තවදුරටත් හදාරන්න අවශ්‍යනම් එය සිංහලෙන් හදාරන්න අවශ්‍ය කෘති ලංකාවේ නැහැ. මං පිළිගන්නවා ලෝකයේ දැනුම සංවර්ධනය වන වේගය දෙස බලන විට අපට ඒ වේගයෙන් යන්න නම් අප අනිවාර්යයෙන් ඉංග්‍රීසි වගේ භාෂාවකින් ඒ දැනුම ගන්න ඕනේ. නමුත් මං මේ කියන්නේ, එතනදී 'දැන් සිංහලභාෂාවෙන් වැඩක් නැහැ' කියන ආකල්පය විද්‍යාර්ථියා තුළට යනවා නම් අපට ඒක නවත්වන්න පුළුවන්. යම් විෂයක් සම්බන්ධයෙන් ලෝකයේ පොත් 1000ක් එළි දකිනවා නම් ඒ 1000ට එකක් ලෙස සිංහල පොතකුත් එළිදකින්න ඕනේ. මං කියන්න එහෙම දෙයක් ගැන. නමුත් අද ලංකාවේ එ‍ෙහම දෙයක් වෙන්නේ නැහැ. අපේ රටේ 'ශාස්ත්‍රීයකෘති' කියා පළවෙන ගොඩාක් පොත් නිකම්ම නිකං 'පෑස්සුම්කෘති' විතරයි. පොත් 50ක් විතර බලලා ඒවායේ තියෙන අදහස් එකට ගළපලා ලියනවා. ඒක ශාස්ත්‍රීය වෙන්නේ නැහැ. ශාස්ත්‍රීය කෘතියක දී ලේඛකයාට යම් නව අදහසක් තියෙන්න ඕනේ. ඒ අදහස සනාථ කරන්න තමා අනෙක් කෘතිවලින් කරුණු උපුටා ගත යුත්තේ. නමුත් මේක අද වෙන්නේ නැහැ.

අනෙක් අතට ඉස්සර තිබුණා නීතියක් රාජ්‍ය සේවයේ ඉහළ පන්තිවලට උසස්වීම් දෙනකොට පැවැත්වෙන කඩඉම් විභාගයේ අනිවාර්ය අංගයක් ලෙස නිලධාරියාගේ භාෂා දැනුම පරීක්ෂා කරනවා. දැන් ඒක ඉවත් කරලා. මේ නිසා අද ලිපියක් ලියන රාජ්‍ය නිලධාරියාටවත් සිංහලභාෂා දැනුම නැහැ. ඉතින් කොහොම ද බස රැක ගන්නේ?

ප්‍ර - එතකොට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ගැන කී කතාව. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න එක වැරදි ද?

පි - අනේ නැහැ. මං කවදාවත් කියන්නේ නැහැ, ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා කියලා. එහෙම කියන්න මට සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මේ කියන මම භාෂා තුනකින් කතා කරනවා, අඩු වැඩි වශයෙන් ජීවමාන භාෂා 5කුත් සම්භාව්‍ය භාෂා 9කුත් ඉගෙන ගෙන තියෙනවා. ඉතින් වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමේ වැදගත්කම මං තරම් තව‍ෙකනෙකුට තේරෙනවා ද කියන්නවත් මං දන්නේ නැහැ.

ඇත්තටම මගේ මතය මේකයි. මං මේක කීපවතාවක් කෑගහලා කිවුවත් තාමත් කාටවත් දැනිලා නැහැ. මං කියන්නේ 'මේ රටට ඉංග්‍රීසි උගත්තු එපා.. අපට ඕනේ ද්විභාෂා උගත්තු නැතිනම් බහුභාෂා උගත්තු'.  ඉංග්‍රීසි විතරක් දන්න උන්ගෙන් වැඩක් නැහැ. උන් නිකම් ම නිකං කළුසුද්දෝ ටිකක් විතරයි. අවාසනාවකට වගේ මේ කතා කරන මොහොත වන විටත් අපේ රටේ අධ්‍යාපන බලධාරීන්ට ඒ බව තේරිලා නැහැ. ඉංග්‍රීසි ... ඉංග්‍රීසි ... ඉංග්‍රීසි ... කියලා ළමයෙකුට පුංචි කලේ ඉඳලා ඉංග්‍රීසි ඔබන්න ගත්තාම ඒ ළමයාගේ සිංහල මැරෙනවා. එතකොට ඒ ළමයා හිතන්නේ කල්පනා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඒ ළමයාට බැරිව යනවා අපේකම තේරුම් ගන්න. අපේ සංස්කෘතිය, අපේ හැදියාව, අපේ රට රැක ගැනීමේ වැදගත්කම මේ වගේ දේවල් මේ ළමයාට තේරෙන්නේ නැහැ. එහෙම වුණොත් අපේ ජාතිය ඉතා ඉක්මනට විනාශ වෙනවා. පුංචි කාලේ ඉඳලා ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ළමයා හදවතින් ජීවත් වන්නේ යුරෝපයේ.. ලංකාවේ නෙවේ. ඇයි අප එහෙම කාලකණ්ණි ළමා පරපුරක් බිහි කරන්නේ?

ප්‍ර - නමුත් ළමයෙකුට පුංචි ක‍ාලේ ඉඳලා ඉංග්‍රීසි දුන්නේ නැත්තං ඉංග්‍රීසි අල්ල ගන්න බැරි වෙනවා කියනවා නේද?

පි - ඕක අමුම අමු පචයක්. සම්පූර්ණ කෙබ්බයක්. මං ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තේ අවු. 16දී. මට ඕන තරම් හමු වෙලා තියෙනවා, අවු. 20දී 30දී ඉංග්‍රීසි ඉගෙන ගත්තු අයත්. අනෙක මේ රටේ හොඳම ඉංග්‍රීසි උගත්තු කියන්නේ හොඳම සිංහල උගතුන්ට. සුචරිත ගම්ලත්, ජේ.බී.දිසානායක, ඩබ්. එස්. කරුණාතිලක, වෝල්ටර් මාරසිංහ, ඒ.ඩී.පී. කලන්සූරිය වගේ නම් ලැයිස්තුවක් අරන් බලන්න. ඒ අයගේ ඉංග්‍රීසි සුපිරි. සිංහලත් ඒ වගේම සුපිරි. ඇත්ත කතාව ඒකයි.

ප්‍ර - එහෙනම් ඇයි අපේ ළමයින්ට ඉංග්‍රීසි මෙච්චර අමාරු?

පි - ඒකට හේතුව ඉංග්‍රීසි, ඉංග්‍රීසියෙන් ඉගෙන්වීම. අවු. 13-14 වෙනකම් ළමයෙකුට ඉංග්‍රීසි භාෂාව සිංහලෙන් උගන්වන්න ඕනේ. ඊට පස්සේ එය ඉංග්‍රීසියෙන් ඉගැන්නුවාට කමක් නැහැ. මොකද අප නොදන්නා දේ දැන ගන්න ඕනේ දන්න දේ හරහා.  එහෙම කළාම ළමයින්ට හොඳට ඉංග්‍රීසිත් පුළුවන් වෙනවා. ඒ ළමයින්ගේ සිංහල මැරෙන්නේත් නැහැ. අැත්තටම මේ මතය මුලින්ම ගෙනාවේ කුමාරතුංග මුනිදාස මහතා. එතුමා තමයි ඉංග්‍රීසි සිංහලෙන් ඉගෙන ගමු කියලා මුලින්ම ඒ සඳහා පොතක් ලිව්වේ. ඔය ඉංග්‍රීසි, ඉංග්‍රීසියෙන් උගන්වන්න ඕනේ කියන කාරණය සුද්දා අටවලා ගිය උගුලක්. එහෙම කළේ, අපේ රටේ සිංහලයාව වඳ කරලා උන්වගේ හිතන කළු සුද්දෝ ටිකක් බිහි කරන්න.

අපි මේ කතාව මෙතනින් නවත්වමු. නැත්නම් මාතෘකාව පිට පනිනවා..

ප්‍ර - මට සමාවෙන්න.. එහෙනම් දැන් කියන්න භාෂාප්‍රවර්ධන ක්‍රියාවලියක් නැහැ කියන කතාවේ තේරුම මොකද්ද කියලා?

පි - ඒකේ පැතිකඩවල් දෙකක් තියෙනවා. අද බලන්න කිසිම මාධ්‍ය ආයතනයක් තමන්ගේ මාධ්‍ය ආයතනයෙන් ප්‍රචාරය කරන වැඩසටහන්වල භාෂාව ගැන වගකියනවා ද? කිසිම පොත් ප්‍රකාශන සමාගමක් තමන්ගේ ආයතනයේ පළවන පොත්වල ගුණාත්මක බව කෙසේ වෙතත්, භාෂාව ගැන වග කියනවා ද? කිසිම වෙළෙඳ දැන්වීම් සමාගමක් භාෂාවේ ගුණාත්මක බව ගැන සිතනවා ද? කෝ මේවාට නීති. කොහෙන්ද මේවා අධීක්ෂණය වෙන්නේ. අද ලංකාවේ සිංහලභාෂාව විශේෂවේදී කරල එළියට එන දරුවට තියෙන්නේ ගුරුපත්වීමක් අරන් සිංහල උගන්වනවා කියන අරමුණ විතරයිනේ. එහෙම නෙවේ, රටේ තියෙන්න ඕනේ 'භාෂා අධීක්ෂක' කියා තනතුරක්. හැම මාධ්‍ය ආයතනයකම, ප්‍රකාශන සමාගමකම ඒ වගේ නිලධාරියෙක් ඉන්න ඕනේ. එතකොට භාෂාවත් දියුණු වෙනවා, ඒක හොඳට රැකෙනවා.

අනෙක් පැත්ත තමා භාෂාව සංවර්ධනය කිරීම. අද මේ සම්බන්ධයෙන් වෙන්නේ 'පාරිභාෂික ශබ්ද' සකස් කිරීම පමණයි. ඇත්ත, ඒ කාර්ය විය යුතු ම තමා. නමුත් අපේ භාෂාවේ තියෙන ලොකුම අඩුව තමයි ක්‍රියාපදවල අඩුකම. 'ගන්නවා' සහ 'කරනවා' යන පද දෙක උදවු කරගෙන තමයි අද ගොඩක් ක්‍රියා පද හැදෙන්නේ. එහෙම නොවිය යුතුයි. අපට ක්‍රියාපද විශාල වශයෙන් තිබිය යුතුයි. සංස්කෘතභාෂාවේ ක්‍රියාපද 1994ක් විතර තියෙනවා. අපට පුළුවන් ඒවා අපේ විදිහට හදලා ගන්න. අනෙක අපට පුළුවන් අපේම පැරණි ක්‍රියාපද ව්‍යවහාරයට ගන්න. උදා. ලෙස හපුසනවා (පැළ සිටුවනවා), ලකුරනවා (අලංකාර කරනවා) කියන ක්‍රියා පද දැන් භාවිත‍යේ නැහැ. මේ වගේ ක්‍රියා පද නැවත භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම අපේ ගැමිවහර ඉතා සමීපව ඇසුරු කරන්න පුරුදු කරවන්නත් ඕනේ. බො‍හෝ නූතන සංකල්පවලට ඇතැම්විට අපේ ගැමිවහරේ නියමිත යෙදුම් තියෙනවා. උදා. vibrate යන්න අපේ ගැමියන් කීවේ තෙපුල්දෙනවා කියා. අන්න එහෙම වචන සාමාන්‍ය ව්‍යවහාරයට ගන්න ඕනේ. මේ මං කිව්වේ උදාහරණ කීපයක් විතරයි. මේ විදිහට හිතලා සිංහල භාෂාව දියුණු කරන්න යම් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. නැත්තං නුදුරේදීම භාෂාව මැරෙනවා.

ප්‍ර - තවදුරටත් ඔබට භාෂාව ගැන යමක් කියන්න තියෙනවා ද?

පි - ඔවු. මං කියන්නේ මේකයි. ජාතිය රැකීමයි, බස රැකීමය කියන්නේ දෙකක් නෙවේ එකක්. ඒක හොඳින් තේරුම් අරගෙන සිංහල භාෂාව රැක ගැනීමට දියුණු කිරීමට මීට වඩා විශාල පරිශ්‍රමයක් දැරිය යුතුයි කියන කාරණය මං අවධාරණය කරනවා. කුමාරතුංග මුනිදාස මහතා එදා ඒක දිවසින් වගේ දැක්කා. ඒකයි හෙළ තෙරුවන කියලා, දෙස බස රැස කියන සංකල්පයක් ගෙනල්ලා, එයිනුත් බස තමා වටින්නේ කියා කතා කළේ.

ඒ වගේම අපේ තරුණ ප්‍රජාවට මං පනිවිඩයක් දෙන්නත් කැමතියි.

ප්‍ර - මොකද්ද ඒ පනිවිඩය?

පි - අද මේ අසික්කිත ජාතිවාදී වැඩපිළිවෙල ඔස්සේ අපේ රටේ සිංහල තරුණයන්ව පොළඹවලා තියෙනවා, තුන් හතර දෙනෙක් හරි එකතු වෙලා කණ්ඩායමක් හැදිලා, 'අපි ‍දෙමු මුස්ලිම් කාරයින්ට වැඩක්, අපි ‍දෙමු කතෝලිකයන්ට වැඩක්....' ආදී වශයෙන් හිතන්න. නමුත් මං කියන්න ඕනේ, ඔහොම කළා කියලා ජාතිය බේරා ගන්න බැහැ. උඹලට පුතේ, දුවේ ජාතිය බේර ගන්න ඕනේ නම්,

ඉස්සෙල්ලාම සිංහල භාෂාව හොඳට ‍ඉගෙන ගනිං. දැන් ෆේස්බුකියේ හෝ වෙනත් පලක් නැති දේවල් කරන කාලය අයින් කරලා ප්‍රාමාණිකව සිංහල ව්‍යාකරණය ගැන ලියවුණු පොත් හොයාගෙන කියවලා සිංහල භාෂාව හොඳට ‍ඉ‍ගෙන ගනිං.

ඊට පස්සේ බලපං ලෝකයට ඇස් ඇරලා, ලෝකේ අනෙක් භාෂාවන් රැක ගන්න ඒවා ඉදිරි පරපුරට දෙන්න මොනවාද මිනිසුන් කරලා තියෙන්නේ කියලා. අද දෙමළ ‍ඉගෙන ගන්න ඕන කෙනෙකුට අන්තර්ජාලයට ගිහින් නොමිලයේ මුලසිට සරලව දෙමළ ඉගෙන ගන්න පුළුවන්. ඒවාට අවශ්‍ය වෙබ් පිටු තියෙනවා. ඉංග්‍රීසි‍යෙන් දෙමළ ඉගෙන ගන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් දූරකථනවල අැපල් දූරකථනවල ඉංග්‍රීසි ආදී භාෂා ඉගෙන ගන්න මෘදුකාංග සියගාණක් තියෙනවා. අද බහතෝරන ළමයා පවා මුලින්ම අකුරු ලියන්න ඉගෙන ගන්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක. උඹලට පුළුවන්නම් හතරපස්දෙනා එකතුවෙලා කණ්ඩායමක් හදාගෙන අන්න ඒ වගේ වැඩක් කරපල්ලා. භාෂාව පිළිබඳ ගැටලුවලදී උපදෙස් අවශ්‍යනම් අප ඉන්නවා උදවු කරන්න. උඹලට පුළුවන්නම් භාෂාව ඉදිරිපරපුරට ‍ගෙනියන්න ඒ වගේ නිර්මාණශීලි දේවල් කරන්න උඹලගේ තාරුණ්‍ය අපතේ යන්නේ නැහැ. අනෙක ආණ්ඩු 10කට කරන්න බැරි තරම් සේවයක් මේ ජාතිය ගොඩ ගන්න උඹලා කළා වෙනවා.

හොඳයි අපි ඊළඟ ලිපියෙන් කතා කරමු 'සිංහල බෞද්ධ සංස්කෘතිය' කියන්න‍ේ මොකද්ද කියලා.

Comments

  1. [[ ඉස්සෙල්ලාම සිංහල භාෂාව හොඳට ‍ඉගෙන ගනිං. දැන් ෆේස්බුකියේ හෝ වෙනත් පලක් නැති දේවල් කරන කාලය අයින් කරලා ප්‍රාමාණිකව සිංහල ව්‍යාකරණය ගැන ලියවුණු පොත් හොයාගෙන කියවලා සිංහල භාෂාව හොඳට ‍ඉ‍ගෙන ගනිං.

    ඊට පස්සේ බලපං ලෝකයට ඇස් ඇරලා, ලෝකේ අනෙක් භාෂාවන් රැක ගන්න ඒවා ඉදිරි පරපුරට දෙන්න මොනවාද මිනිසුන් කරලා තියෙන්නේ කියලා. අද දෙමළ ‍ඉගෙන ගන්න ඕන කෙනෙකුට අන්තර්ජාලයට ගිහින් නොමිලයේ මුලසිට සරලව දෙමළ ඉගෙන ගන්න පුළුවන්. ඒවාට අවශ්‍ය වෙබ් පිටු තියෙනවා. ඉංග්‍රීසි‍යෙන් දෙමළ ඉගෙන ගන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් දූරකථනවල අැපල් දූරකථනවල ඉංග්‍රීසි ආදී භාෂා ඉගෙන ගන්න මෘදුකාංග සියගාණක් තියෙනවා. අද බහතෝරන ළමයා පවා මුලින්ම අකුරු ලියන්න ඉගෙන ගන්නේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක. උඹලට පුළුවන්නම් හතරපස්දෙනා එකතුවෙලා කණ්ඩායමක් හදාගෙන අන්න ඒ වගේ වැඩක් කරපල්ලා. භාෂාව පිළිබඳ ගැටලුවලදී උපදෙස් අවශ්‍යනම් අප ඉන්නවා උදවු කරන්න. උඹලට පුළුවන්නම් භාෂාව ඉදිරිපරපුරට ‍ගෙනියන්න ඒ වගේ නිර්මාණශීලි දේවල් කරන්න උඹලගේ තාරුණ්‍ය අපතේ යන්නේ නැහැ. අනෙක ආණ්ඩු 10කට කරන්න බැරි තරම් සේවයක් මේ ජාතිය ගොඩ ගන්න උඹලා කළා වෙනවා. ]]

    වචන ටිකට පිං! :')

    ReplyDelete
  2. අගය කියල ඉවර කරන්න බෑ සර්

    ReplyDelete
  3. හරිම වටිනවා සර්.

    ReplyDelete
  4. සිංහල බෞද්ධ සංස්කෘතිය තුල හින්දු,ඉස්ලාම් සහ කතෝලික යන අන්‍ය ආගම් අදහන්න උදවිය අපෙන් දුරස්වීම වැලකේද? වැලැක්විය හැකිද? එසේනම් ඒ කොහොමද? ඒ අයවලුන්ටත් බෞද්ධ චින්තනයෙන් පෝෂණය වූ සිංහලකමේ තිබෙන අගය වටහල දෙන්නෙ කොහොමද?

    ReplyDelete
  5. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    ReplyDelete
  6. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසින් ය. ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට කිසියම් විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    ReplyDelete
  7. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසින් ය. ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට කිසියම් විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    ReplyDelete
  8. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසින් ය. ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට කිසියම් විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    ReplyDelete
  9. මට උදව් කරන ප්‍රධානී එලී මාක්ගේ යහපත් ක්‍රියා පිළිබඳ මගේ සාක්ෂිය මෙයයි .... මම ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි Ear න් අර්නිස් ය. පසුගිය වසර 3 ක් තිස්සේ මා හැර ගිය මගේ ස්වාමිපුරුෂයා මෙම අක්ෂර වින්‍යාසයේ උපකාරයෙන් නැවත පැමිණියේය, අවසානයේදී මට මෙම පුද්ගලයාව බ්ලොග් අඩවියක දී මුණගැසුණේ එක් අයෙකුගේ උපකාරය සඳහා සේවාදායකයකු විසිනි, මම ඔහුට සියල්ල පැහැදිලි කළ අතර ඔහු මට ඔහු දන්නා අක්ෂර වින්‍යාසය සහ මගේ ගැටළු ඔහුට පැවසීම සඳහා අක්ෂර වින්‍යාසයට ලිවීමට ඔහු මට ඔහුගේ වට්ස්ඇප් එක ලබා දුන්නේය. සති 2 කින් මගේ ස්වාමිපුරුෂයා මා වෙත නැවත පැමිණියේය. මට මේ සත්‍ය සහ අවංක අක්ෂර වින්‍යාසයට ස්තූතියි කියන්න අවශ්‍යයි, සර් ඔබ මට කී සියල්ල ඉවරයි, ස්තූතියි සර්. කරුණාකර මට ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයන සෑම කෙනෙකුටම පැවසීමට අවශ්‍යයි, මෙම අක්ෂර වින්‍යාසය කාරුණිකව විමසන්න, ඔහු සැබෑ ය, ඔහු බලවත් ය, අක්ෂර වින්‍යාසය කුමක් කීවත් සිදුවන්නේ කුමක් ද යන්න, මන්ද අක්ෂර වින්‍යාසය මට පැවසූ සියල්ල පැමිණියේය සමත් වීමට. ඔබට ඔහුව සම්බන්ධ කර ගත හැකිය: whatsapp + 2349015088017, විද්‍යුත් තැපෑල: markmonroy869@gmail.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප