මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත වේ. මින් පළමු කොටස අප යමෙකුගෙන් ප්‍රශ්නයක් අසන විට එය ඇසිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි කරයි. දෙවැන්න නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කළ විට ඒවාට පිළිතුරු දීමේදී අනුගමනය කළ පියවර පිළිබඳ පෙන්වා දෙයි.
01. ප්‍රශ්න ඇසිය යුතු ආකරය
මෙහිදී කරුණු දෙකක් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.
1. ප්‍රශ්න ඇසීමට පෙර අප ප්‍රශ්න අහන්නේ කුමක් ගැන දැයි දැන සිටිය යුතුය.
එසේ නොමැති නම් අප අසන ප්‍රශ්න එකී විෂයට අදාළ නොවන්න පුළුවනි. බැලු බැල්මටම අදාළයි වගේ පෙනෙන කරුණු එම විෂය ගැඹුරින් විමසා බැලීමේදී අදාළ නැති බව වැටහී යා හැක.
2. අප අසන ප්‍රශ්නය ඉතිහාසයේ මීට පෙර කිසිවෙකු විසින් අසා තියෙන ප්‍රශ්නයක් ද එසේ නම් ඉතිහාසය තුළ එයට දී ඇති පිළිතුරු මොනවාද යන්න සොයා බලා දත යුතුය.
ඉදින් තමාට මතු වූ ප්‍රශ්නය ඉතිහාසයේ මීට පෙරත් මතු වූ ප්‍රශ්නයක් නම් එයට දැනටමත් සාර්ථක පිළිතුරු ලබා දී තිබේ නම්, එවැනි ප්‍රශ්න නැවත නැවත කරළියට ගෙන ඒම නිසා සිදු වන්නේ මානව බුද්ධිය එක තැන පල් වීමක් පමණි.
තමන්ට මතු වූ ප්‍රශ්නය එම විෂය සම්බන්ධයෙන් සැබෑවටම අදාළ ප්‍රශ්නයක් නම් සහ එයට ඉතිහාසය පුරාවට කිසිදු සාධාරණ පිළිතුරක් ලැබී නැත්නම්, එකී ප්‍රශ්නය අනිවාර්යයෙන් ම මතු කළ යුතුමය.
හැදෑරීමට ඇති නොහැකියාව, පොත්පත් කියවන්නට ඇති කම්මැලි කම, ඉගෙන ගන්න වුවමනාවක් නැති කම වැනි පෞද්ගලික දුබලතා වසා ගැනීමේ උපායක් ලෙස නොයෙකුත් ප්‍රශ්න මතු කරන්නන් ඇත්තටම කරන්නේ අනෙකාට ඇණයක් වීම පමණි. එවැනි තත්තවයන් තේරුම් නොගෙන එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට වෙර දරන විද්‍යාර්ථියෙකු සිදු කරන්නේ සැබෑවමට තමාට තව හොද පොතක් කියවන්නට තියෙන කාලය විනාශ කර ගැනීමකි.
අපි හැමෝම හොද අධ්‍යයනයකින් පමණක් කටයුතු කරන්නේ වේ නම් අපේත් අනෙකාගේ කාලය විනාශ නොකර මානව ප්‍රජාව ඉදිරියට ගෙන යාමට සක්‍රීයව දායක විය හැක.
සෑබෑවටම දැන ගැනීම උදෙසා හිතවත් කමට යමක් අහගෙන ඉගෙන ගැනීම මෙයට අදාළ නොවේ. නමුත් ඇත්තටම ඉගෙන ගැනීමට කැමති කෙනා ප්‍රශ්න කළ යුත්තේ 'x' යනු කුමක් ද කියා නොව, 'x' කුමක් ද කියා මා ඉගෙන ගන්නේ කෙසේ ද යනුවෙනුයි
2. බුදුරජාණන් වහන්‍ෙසේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය
යම් ප්‍රශ්නයක් බුදුහාමුදුරුවන් ඉදිරියට පැමිණි විට උන්වහන්සේ මුලින්ම කරන්නේ එම ප්‍රශ්නය විශ්ලේෂණය කිරීමයි. එය මෙසේය.
(1).................................... ප්‍රශ්නය
............................................|
................... -------------------------------------
................... |............................................|
.................ඒකංස ...................................අනේකංස
..................................................................|
.............................................----------------------------------------
.............................................|..............................................|
(2)......................................විභජ්ජ.......................................ඨපනීය
.............................................|
(3)....................................පටිපුච්ඡ
(1) පළමු පියවරේදී එය එකවර පිළිතුරු දිය හැකි (ඒකංස) ප්‍රශ්නයක් ද නැති නම් පුළුල් විග්‍රහයකින් පසුව (අනේකංස) පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් ද කියා විමසා බැලේ. එය එකවර පිළිතුරු දිය හැකි නම්, ඇත, නැත යනාදි ලෙස පිළිතුරු ලබා දේ. නැතහොත් අනේකංස ප්‍රශ්නයක් නම් දෙවන පියවරට යයි.
(2) මෙහිදී ප්‍රශ්නය කොටස්වලට වෙන් කර වෙන වෙනම පිළිතුරු දිය ප්‍රශ්නයක් ද නැති නම් උත්තර නොදී ඉවත් කළ යුතු ප්‍රශ්නයක් ද කියා සලකා බැලේ.
උත්තර නොදී නිහඬව සිටීමත් පිළිතුරු දීමේ ක්‍රමයක් ලෙස උන්වහන්සේම පෙන්වා දී ඇත. මෙයට සැබැවින්ම හේතුව වන්නේ ප්‍රශ්නය ඇසීමේදී පිළිතුර ගැන යම් අපේක්ෂාවක් ඇති නිසාය. උදා. ලෙස 'යේසුස් වහන්සේගේ දරුවා කළුපාට ද?' කියා ප්‍රශ්නයක් ඇසුවොත් එයට ඔවු කිව්වත් නැහැ කිව්වත් අප වක්‍රව පිළිගන්නවා යේසුස් වහන්සේට දරුවෙකු සිටි බවට. නමුත් ඇත්තටම ඔහුට දරුවෙකු නැත්නම් අප කිව යුත්තේ 'මේ ප්‍රශ්නය යේසුස් වහන්සේට අදාළ නැහැ, මොකද උන්වහන්සේ විවාහ වුණේ නැහැ' කියලා කියන එක. එහෙම කියද්දීත් ප්‍රශ්න අහපු කෙනා පෙරළා කියනවා නම් 'අනේ පල යන්ඩ, උන්වහන්සේ මරිය මද්දලේනා එක්ක සමබන්ධයක් තිබ්බා, අර ඩාවින්සි කෝඩ් එකෙත් කියන්නේ" කියලා එතකොට අපට කියන්න තියෙන්නේ 'අනේ ගිහි...**** ගනිං කියලා'. නමුත් බුදුහාමුදුරුවන් අපට වඩා ශිෂ්ට සම්පන්න දාර්ශනිකයෙකු නිසා උන්වහන්සේ කරන්නේ මේ වගේ ප්‍රශ්න අහන ලපටියන්ට උත්තර නොදී නිහඬව සිටීමයි. ඒනිසයි උන්වහන්සේ කියන්නේ නිහඬ වීම පිළිතුරු දීමක් බව.
(3) ඊළඟ පියවර එන්නේ ප්‍රශ්නය බෙදා වෙන් කර පිළිතුරු දිය යුතු බව වටහා ගත් විට. එහිදී එම ප්‍රශ්නයේ සෑම කොටසකටම පිළිතුරු දීම කළ හැකි නම් එසේ කළ යුතුයි. නමුත් අප පිළිතුරු දිය යුත්තේ එහි කොටසක් වෙත පමණක් නම් ඒ බව තහවුරු කර ගැනීම පිණිස ප්‍රශ්න කරන්නාව පෙරළා ප්‍රශ්න කළ යුතු වෙයි (පටිපුච්ඡ). එහි දී ලැබෙන පිළිතුර අනුව ඉදිරි පිළිතුරු දීම සාර්ථක වෙයි.

ඇත්තටම සර් මම දන්නෙ නෑ මේක අහන එක හරිද වැරදිද කියල නම් යේසුස් තුමාට එහෙම සම්බන්දයක් තිබුනද?
ReplyDelete