අද ඇතැමුන් සිතන්නේ කාලාම සූත්‍රයට අනුව සියලුම ඥානමූලාශ්‍රයයන් ප්‍රතික්ෂේප කළ යුතු බවකි. ඇත්තටම එසේ සිතන්නේ, ඔවුන්ට ඇතැම්විට පාලිභාෂාව ගැන දැනුමක් නැතිව සිංහලෙන් ත්‍රිපිටකය කියවන්නට යෑම නිසා ඇතිවූ වැරදි අවබෝධයකින් විය හැක. ඇතැම්විට භාරතීය දර්ශන සම්ප්‍රදායයන් ගැන නොදන්නාකමින් විය හැක. නැති නම් මේ දෙකම නිසා යැයි මම සිතමි. බුදුදහමට අනුව ඥානමූලාශ්‍රයය යනු එකකි. ඥානනිර්ණය හෙවත් නිශ්චයාත්මකඥානය යනු වෙනත් දෙයකි. මිනිසෙකුට යම් දැනුමක් ලබා ගැනීමට නම් එය කිසියම් ආකාරයකින් උගත යුතුය. ඉගෙනීම සඳහා, ගුරුවරයකුගෙන් අසා දැන ගැනීම, වැඩිහිටියන්ගෙන් අසා දැන ගැනීම, පොත්පත් කියවීම, වෙනත් ශ්‍රව්‍යදෘෂ්‍ය මාධ්‍යයන් ඇසුරු කිරීම වැනි ක්‍රම ගණනාවක් ඇත. මේ සෑම ක්‍රමයකින්ම අපට දැනුම ලබා ගත හැක. බුදුදහම මෙලෙස දැනුම ලබා ගැනීම වරදක් කියා පෙන්වන්නේ නැත. එය නොකළ යුතුයැයි කියන්නේ ද නැත. ඉදින් කියම් මූලාශ්‍රයයක් ඇසුරු කරමින් අප දැනුම ලබන්නේ නැති නම් අපට දැනුම ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් හෝ අවස්ථාවක් හෝ නැත. සම්මාදිට්ඨිය ඇතිවීමට කරුණු දෙකක් අවශ්‍ය බව මහාචත්තාරීසක සූත්‍රයේ දැක්වේ. ඉන් පළමුවැන්න නම් 'පරතෝඝෝෂය'ය...
The Writings of Liyana Rāla