මෙයට පෙර, වතාවක් මා ලියූ සටහනක රතන, කරණීයමෙත්ත, ධජග්ග, තිරෝකුඩ්ඩ, මහාසමය, ආටානාටිය යන සූත්‍ර පසුව ත්‍රිපිටකයට එකතු කළ ඒවා බව පෙන්වීය. මේවාට අමතරව අග්ගඤ්ඤ සූත්‍රයත් පසුව එකතු කරන ලද්දකැයි ඇතැමුන් කියන නමුත් එය පිළිගැනීමට තරම් සාධක නැත. නමුත් පායාසිරාජඤ්ඤ සූත්‍රය පසුව එකතු කළ බව තහවුරු කර ගත හැක. සූත්‍ර වශයෙන් නොගත්තත් ජාතක, අපදාන, බුද්ධවංස, චරියාපිටක වැනි ඛුද්දක නිකායට අයත් බොහෝ පොත් ද පසුව ත්‍රිපිටකයට ඈඳා ගත් ඒවාය. චන්ද පරිත්ත, සුරිය පරිත්ත ආදී ලෙස පරිත්ත යන නාමය යටතේ ඇති සියල්ලත් මේ ගණයටම අදාළය. මේවා ත්‍රිපිටකයට පසුව එකතු කළ බව කියන්නේ ඒවායේ අන්තර්ගතය පිළිගැනීමට නොහැකි නිසා නොවේය. තමන්ට යමක් පිළිගන්නට නොහැකි වූ පමණින් එය පසුව එකතු කළ එකක් යැයි කීම අතිශය අශාස්ත්‍රීය ක්‍රමයකි. මේවා පසුව එකතු කළ බව කියන්නේ කරුණු 3ක් පාදක කර ගෙනය.
The Writings of Liyana Rāla