Skip to main content

ජාතිවාදය සහ ජාතිකවාදය - ජාතිකචින්තනය 1

ප්‍ර: ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ එකක් ද දෙකක් ද? මොකද් ද මේ දෙකේ වෙනස?

උ: පැහැදිලිවම දෙකක්. මේ දෙක අර්ථකථනය කරන ආකාරයෙන්ම ඒ වෙනස මතු වෙනවා. ඉංග්‍රීසියෙන් මේ සඳහා පැහැදිලිවම වෙනස් වචන දෙකක් තියෙනවා. ජාතිවාදයට කියන්නේ racism කියලා. ජාතිකවාදයට කියන්නේ nationalism කියලා.

ප්‍ර: ජාතිවාදය අර්ථකථනය කරන්නේ කොහොම ද?

උ: ජාතිවාදය කියන්නේ, කිසියම් ජාතියක් තම ජාතිය උසස් ලෙස සලකමින් වෙනත් ජාතියක් හෝ ජාතීන් කීපයක් යටපත් කරන්න දරන උත්සාහය. එය දේශපාලනික, ආගමික, සංස්කෘතික ආදී ඕනෑම ආකාරයකින් විය හැකියි. උදාහරණයක් ලෙස හිට්ලර්ගේ නාසිවාදය පෙන්වන්න පුළුවන්. ඔහු ශුද්ධ ආර්ය ජාතියක් පිළිබඳ විශ්වාස කළා.

ප්‍ර: එතකොට ජාතිකවාදය කියන්නේ?

උ: කිසියම් ජාතියක් තමන්ගේ උරුමය රැක ගැනීම පිණිස හෝ තම ජාතිය වඳ වී යාම වැළක්වීම පිණිස හෝ තම ජාතියට එරෙහිව නැඟෙන විරෝධතාවන් වැළැක්වීමට දරන සාමූහික ප්‍රයත්නයක් තමයි ජාතිකවාදය කියන්නේ. එයත් දේශපාලනික, ආර්ථික, සංස්කෘතික වශයෙන් සිදුවෙන්න පුළුවන්.

ප්‍ර: මේවා ඔබේ අර්ථකථන ද නැතිනම් ජාත්‍යන්තරව පිළිගත් ඒවා ද?


උ: මේවා මගේ අර්ථකථන. මොකද, ජාතිවාදය සහ ජාතිකවාදය කියන්නේ අතිශය සාපේක්ෂ යෙදුම්. විවිධ ජාතීන් මේ වදන ධනාත්මකව හා ඍණාත්මකව අර්ථකථනය කරනවා. හැබැයි මේවා මගේ හිතුවක්කාර අර්ථකථන නෙවේ. අතීතයේ සිට මෙරටේ ක්‍රියාත්මක වුණ දේශපාලනචින්තනය අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි මේ විවරණය ඉදිරිපත් කරන්නේ.

ප්‍ර: මේ දෙකම ටිකක් එක වගේ නේ ද?

උ: නැහැ. මේ දෙකේ පදනම සහ ක්‍රියා කරන විදිහ වෙනස්.

ප්‍ර: පදනම වෙනස් වෙන්නේ කොහොම ද?

උ: ජාතිවාදය ගොඩනැඟෙන්නේ 'ජාතිය යනු ශුද්ධ වූ නැත්නම් පිරිසිදු සංකල්පයක්ය' යන පදනම මත. අනෙක් අතට ජාතිකවාදය පිළිගන්නේ 'ජාතිය යනු සම්මුතියක්ය' යන සංකල්පය. මේ ආකාරයට 'ශුද්ධජාතිය' සහ 'සම්මුතිජාතිය' කියන සංකල්ප දෙක නිසා මේ වාද දෙක ගුණාත්මකව වෙනස් වෙනවා.

ප්‍ර: මේ 'ශුද්ධජාතිය' සහ 'සම්මුතිජාතිය' යන සංකල්ප තව දුරටත් පැහැදිලි කළොත්...

උ: ශුද්ධජාතියක් කියන්නේ කාත් එක්කවත් මිශ්‍රවෙලා නැති පිරිසිදු ජාන පරම්පරාවකින් එනවා කියන එක. එහෙම බලන කොට අද ලෝකේ කිසිම රටක ශුද්ධජාතීන් නැහැ. ජපානය, චීනය, කොරියාව වගේ රටවල වුණත් එක සමාන ජාන පරම්පරාවක් පෙන්නුම් කළත් ඒ අයත් අද මිශ්‍ර ලක්ෂණ පෙන්නුම් කරනවා. දෙමළ වගේ ජාතියක් වුණත් එහෙමයි. අද බලන්න දකුණු ඉන්දියානු සිනමාව. මං දෙමළ, කන්නඩි සහ මලයාලම් චිත්‍රපට බලලා තියෙනවා. ඒවායේ අද රඟපානවා සුදු හෝ පැහැපත් සමක් ඇති නළු නිළියන්. දකුණු ඉන්දියානු ජාතිකයන් ස්වභාවයෙන් කළු හමක් උරුම කර ගත් උදවිය. එහෙනම් මේ පැහැපත් හම ආවේ කොහොම ද? එහෙම වෙන්නේ ඒ අය වෙනත් ජාතීන් සමග මිශ්‍රවෙලා නිසා. මට මතකයි නන්දදේව විජේසේකර (සිංහල යතුරු පුවරුව හැදුවේ, විජේසේකර යතුරු පුවරුව කියල) මහතා ඒ දවස්වල ලොකු උත්සාහයක් ගත්තා සිංහල ජාතියේ අනන්‍යතා ලක්ෂණ හොයන්න. ඒත් ඒක නිශ්චිත තැනකට ගේන්න අමාරු වුණා. ඒ නිගමන බොහෝමයක් අද පිළිගන්නේ නැහැ. අපි කිව්වට වැද්දෝ කියන්නේ මේ රටේ නියම උරුමක්කාරයෝ කියලා. ඒක බොරුවක්. වැද්දන් අපේ ජාන පරම්පරාවෙන් වෙන් වෙන්නේ දැනට අවුරුදු 5000ට 6000ට විතර උඩදි. ඒ අයගේ ජාන ඇත්තටම සමාන වෙන්නේ දකුණු ඉන්දියාවේ 'පුලින්ද' කියලා හදුනාගෙන සිටින වැදි ජනතාවට. ඒ කියන්නේ ලංකාවේ වැද්දෝ දැනට වසර 5000ට හෝ 6000ට පෙර ඉන්දියාවෙන් ආපු වැදි කොට්ටාසයක්. සිංහල කියන ජාතියේ ඉතා වැදගත් ලක්ෂණයක් තමා රවුල. ජානමය වශයෙන් දකුණු ඉන්දයානු ජාතිකයන්ගේ උඩු රවුල තමයි ඝනව වැඩෙන්නේ. සිංහලයකුගේ උඩු රවුල සහ යටි රවුල කියන දෙකම හොඳට වැඩෙනවා. පපුවේ සහ පිටේත් ලෝම වැවෙනවා. දැන් හිතන්න මේ ලක්ෂණ ඇති අය විතරයි සිංහල වෙන්නේ කියලා අප කිව්වොත් ජාතිකචින්තනයේ සිටින කී දෙනෙක් නම් මේ ව්‍යාපරයෙන් අයින් කරන්න වෙයි ද? උඩු රවුල විතරක් හොඳට වැවිලා යටි රවුල පොඩ්ඩක් වැවෙන පපුව මැද විතරක් පොඩ්ඩක් ලෝම වැවෙන අය මොංගෝලියානු සම්භවයත් තියෙන අය බව දැන් හදුනාගෙන තියෙනවා. එතකොට එහෙම සිංහලයන්ව අප ඉවත් කරනවා ද? මේ ප්‍රශ්නය අද හැම ජාතියකටම තියෙනවා. ලෝකේ මොනම රටකවත් ශුද්ධජාතිය කියලා සංකල්පයක් අද නැහැ.

අද තියෙන්නේ සම්මුතිජාතිය කියන සංකල්පය. ඒ කියන්නේ මිනිස්සු කිසියම් සම්මතයක් ඇති කර ගන්නවා, මේ ආගම අදහන අය මේ ජාතියට අයත්, මේ සංස්කෘතිය පිළිගන්න අය මේ ජාතියට අයත්, මේ භාෂාව කතා කරන අය මේ ජාතියට අයත් ආදී වශයෙන්. ඒ විදිහට එක සාධකයක් හෝ සාධක කීපයක් පාදක කර ගෙන යම් ජාතියක් හඳුනා ගන්නවා නම් අප ඒකට කියන්නේ සම්මුතිජාතිය කියලා. දැන් දෙමළ භාෂාව පළමු බස ලෙස කතා කරන අය දෙමළ ජාතියට අයත්. ඉස්ලාම් ආගම අදහන අය මුස්ලිම් ජාතියට අයත් ආදී වශයෙන්. සිංහල ජාතිය ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. දැනට අප තේරුම් ගන්න ඕනේ, ජාතිවාදය ගොඩ නැඟෙන්නේ ශුද්ධජාතිය කියන අදහස මත, ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය කියන අදහස මත කියලා.

ප්‍ර: මේ දෙක ක්‍රියාත්මක වෙන විදිහෙන් වෙනස් වෙනවා කියන්නේ කොහොම ද?

උ: ජාතිවාදියා එක්තරා ආකාරයක මානසික රෝගියෙක්. එයා හිතන්නේ මේ ලෝකේ ඔහුගේ ජාතිය විතරක් තිබුණාම ප්‍රශ්න සියල්ල විසඳෙනවා කියලා. ඒ නිසා තමයි අනෙක් ජාතීන් විනාශ කරන්න හිතන්නේ. නමුත් ජාතිකවාදියා සියලු ජාතීන්ගේ පැවැත්මේ ඇති වටිනාකම තේරුම් ගන්නවා. ඔහු සටන් කරන්නේ හොඳ අවබෝධයක් ඇතිව. ඔහු විනාශ කරන්න හදන්නේ තම ජාතියේ පැවැත්මට තර්ජනයක් වන සාධක මිසක, ඔහුට හැඟීමක් හෝ උවමනාවක් නැහැ අනෙක් ජාතීන් විනාශ කරන්න. සිංහලජාතිය පිළිබඳ අපගේ දෙවන සාකච්ඡාවේදී මේ ගැන සවිස්තරාත්මකව කතා කළ හැකියි. එතකොට නැවත මේ ගැන අහන්න. මං කියා දෙන්නම්.

ප්‍ර: ඔබ ජාතිවාදියෙක් ද ජාතිකවාදියෙක් ද?

උ: මං ජාතිවාදය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක හිතළුවක් වගේම මානසික රෝගයක්. මගේ ස්ථාවරය ගොඩනැඟෙන්නේ ජාතිකවාදය මත.

ප්‍ර: ජාතිකවාදය කියා දෙයක් අවශ්‍ය ද?

උ: ඇත්තෙන්ම ඔව්. ඒක මානවයාගේ ස්වභාවික අවශ්‍යතාවයක්.

ප්‍ර: ඔබ කිව්වා, ජාතිකවාදය ගොඩනැඟෙන්නේ සම්මුතියක් මත කියලා. සියලු සංස්කාර අනිත්‍ය නම්, ජාතිය කියන සම්මුතියත් අනිත්‍යයි. එහෙම වෙද්දී, ජාතිකවාදය කියා එකක් හදා ගෙන ජාතිය විනාශ වෙන්න නොදී රැක ගන්නවා කියන්නේ ස්වභාවයට විරුද්ධ දෙයක් නොවේ ද? එහෙම එකක් මානවයාගේ ස්වභාවික අවශ්‍යතාවයක් වෙන්නේ කොහොම ද?

උ: අනිත්‍ය කියන පදයේ තේරුම් දෙකක් තියෙනවා. පළමු වැන්න තමයි, සියලු සංස්කාර ස්වභාවයෙන්ම විනාශයට විපරිණාමයට පත් වෙනවා කියන එක. දෙවන්න තමයි වෙනස් කරන්න පුළුවන් කියන එක. අපි උදාහරණයක් විදිහට ගනිමු මිනිස් ජීවිතය. මිනිසා කවදාහරි ඉබේම මැරෙනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් අතර තුර කාලයේදී හදිසි අනතුරු නිසා, මිනී මැරීමක් නිසා මැරෙන්න ඉඩ තියෙනවා. අපට ඒක වළක්වන්න පුළුවන්. මේ දෙකටම තමා බුදුහාමුදුරුවන් අනිත්‍ය කියා කීවේ. හැම ජාතියක්ම කවදා හරි වැනසෙන බව ඇත්ත. නමුත් අතරතුර කාලයේදී කවුරුහරි කිසියම් ජාතියක් බලහත්කාරයෙන්ම විනාශ කරන්න හදනවානම් අපට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒ දෙකම අනිත්‍යතාවට යටත්.

ප්‍ර: මේ කාරණය නිසා ද ඔබ ඒක මානවයාගේ ස්වභාවික අවශ්‍යතාවයක් කියන්නේ?

උ: නැහැ. ඒක මෙහෙම දෙයක්. දැන් හිතන්න, සර්පයා කියන්නේ භයානක සතෙක්. ඌව මිනිස් පැවැත්මට තර්ජනයක් කියලයි හිතන්නේ. මේ නිසා දකින දකින සර්පයාව අප මරල දාන්න පටන් ගත්තා. නමුත් අද සියලුම පරිසරවේදීන් කියනවා සර්පයන්ව මරන්න එපා, උන් පරිසරයේ සමතුළිතතාව රැක ගන්න ඕනේ කියලා. මේ විදිහට හැම ජාතියකම කිසියම් උපයෝගීතාවක් තියෙනවා. ඒ නිසා ඒ අය ඉන්න ඕනේ. කාවවත් ලෝකයෙන් අතුගාලා දාලා හරියන්නේ නැහැ. ඒ අය ලෝකයට එපා නම් කාලයත් එක්ක ස්වභාවයෙන්ම ඒ අය ලෝකයෙන් අතුගෑවිලා යාවී. අපට ඒක බලෙන් කරන්න බැහැ. කරන්න හොඳත් නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. විෂඝෝර සර්පයන්ව ළඟින් තියා ගන්න නම් උන්ගේ දළ ගලවනවා වගේ අපට සමහර දේවල් ඉවත් කරන්න වෙනවා. ඒක කරන්නේ දෙපිරිසගේම යහපතට.

ප්‍ර: ජාතිකවාදය කියන්නේ දේශපාලන නිෂ්ඨාවක් ද?

උ: අපොයි නැහැ. ලෝකයේ තියෙන්නේ දේශපාලන නිෂ්ඨා දෙකක් විතරයි. එකක් සමාජවාදය අනෙක ධනවාදය. අපට සමාජවාදී රජයක් බිහි කරන්න පුළුවන්, ධනවාදී රජයක් බිහි කරන්න පුළුවන්. නමුත් ජාතිකවාදී රජයක් බිහි කරන්න බැහැ. අපේ අයට පැටලිලා තියෙන්නේ ජාතිවාදී රජය කියන අදහස. දැන් හිට්ලර් ජර්මනියේ හැදුවේ ඒ වගේ රජයක්. හැබැයි වර්තමානයේ එවැනි රජයකට පැවැත්මක් නැහැ. අපට ලෝකයෙන් මුළුමනින්ම වෙන්වෙලා ජීවත් වෙන්න බැහැ. ඒ නිසා ජාතිවාදී රජයක් බිහි කරන්න බැහැ.

ප්‍ර: රජයක් බිහි කරන්න බැරි නම්, ජාතිකවාදයක් බිහි කිරීමේ ඇති ඵලය මොකද් ද?

උ: ජාතිකවාදය අවශ්‍ය වෙන්නේ රටක ස්වාධිපත්‍ය රැක ගන්න. අප දන්නවා අතීතයේ සිට කිසියම් රටක බලය කියා කියන්නේ ඒ රටේ ඇති හමුදා බලය. එහෙම බැලුවොත් චීනය, ඇමරිකාව වගේ රටවල් සමග අපට හැරෙන්නවත් බැහැ. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක දේශපාලනය ගමන් කරන්නේ වෙනත් දිශාවකට. අද හමුදා බලය පරදා ව්‍යවස්ථාදායකය, ජනතාපරමාධිපත්‍ය වගේ සංකල්ප ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ නිසා කිසියම් රටක පොදු මහජනමතයට අභියෝග කරන්න අනෙක් රටකට අයිතියක් නැහැ කියන තැනට අද ලෝක දේශපාලනය ඇවිත් තියෙනවා. මේ තත්වය තුළත් ලෝකයේ බලවත් රටවල් අධිරාජ්‍යයක් බිහි කිරීමේ සිහිනය අතහැරල නැහැ. ඒ අය අද අධිරාජ්‍යයක් ගොඩනඟන්න හදන්නේ විවිධ ජාතීන්ගේ අනන්‍යතා ලක්ෂණ විනාශ කරලා තමන්ගේ ආකෘතියකට එම ජාතීන් අවශෝෂණය කර ගැනීම තුළින්. ඒ කියන්නේ මහජාතීන් පොඩි ජාතීන්ව උරල බොනවා. එහෙම උරල බොන්න පුළුවන් වෙන්නේ උන්ට දිරව ගන්න පුළුවන් වට්ටොරුවකට එම පොඩි ජාතිය හැදුනොත් විතරයි. අද දකුණු කොරියාව ඇමරිකාව විසින් උරා බීගෙන යනවා. නමුත් උතුරු කොරියාව එහෙම ඇද ගන්න බැහැ. චීනය සම්පූර්ණයෙන්ම නොවුණත් ඇමරිකාවේ යටත් විජිතයක් වශයෙන් හිටියා. ජපානය ඇමරිකාවට යටත් වෙලා හිටියා. මේ ජාතීන් දෙකම තේරුම් ගත්තා, අනාගතයේදී ස්වාධීන ජාතියක් වශයෙන් නැඟී සිටින්න නම් පරගැති මානසිකත්වය සම්පූර්ණයෙන්ම ඔවුන් තුළින් ඉවත් විය යුතුයි කියලා. අද චීනයවත් ජපානයවත් ඉංග්‍රීසියෙන් වැඩ කරන්නේ නැහැ. ඔවුන් ස්වාධීනත්වය ගොඩනඟාගත්තේ භාෂාව මත. අනෙක් සංස්කෘතිකාංගත් ඒ සමග රැග ගන්න ඔවුන්ට පුළුවන් වුණා. පිලිපීනය මේකෙන් අනෙක් පැත්ත. පිලිපීන ජාතිකයන් අද ආර්ථික වශයෙන් ඉදිරියට එද්දී විශාල අර්බුදයකට මුහුණ දෙනවා තමන්ගේ අනන්‍යතාව රැක ගන්න. වෙනත් රටවල 'ඉංග්‍රීසි' වැනි විදේශීයභාෂාවක් ඉල්ලන්නේ අතිරේක සුදුසුකමක් විදිහට. පිලිපීනයේදී ඔවුන්ගේ පිලිපීනභාෂාව තමයි අතිරේක සුදුසුකමක් වෙන්නේ. මොක ද, හැමෝටම ඉංග්‍රීසි පුළුවන්, නමුත් තමන්ගේ මවුබස බැහැ. ඔවුන්ට අද ලෝකය ඉදිරියේ ජාතියක් ලෙස නැඟී සිටින්න විශාල පරිශ්‍රමක් දරන්න වෙලා තියෙනවා. මේ තත්වය මතු වුණා, යුදෙව්වන්ට. ඔවුන් විවිධ ජාතීන් සමග මිශ්‍රවෙලා අන්තිමේදී තමන් වෙනම ජාතියක් ලෙස ජීවත් වන්නේ කොහොම ද කියන දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. ඊට පස්සේ තීරණය කළා තමන්ගේ මුතුන්මිත්තන් කතා කළ හීබෘ භාෂාව තමන්ගේ භාෂාව ලෙස නැවත භාවිතයට ගන්න. ඒ වන විට භාවිතයෙන් ඈත්වෙලා තිබුණ මළ භාෂාවක් වුණ හීබෘ බස ඔවුන් වරද්ද වරද්දා කතා කරමින් නැවත භාවිතයට ගත්තා. එහෙමයි මිය යන්න ගිය යුදෙව් ජාතිය නැවත පණ දීලා ගත්තේ. මුස්ලිම් ජාතිකයන්ටත් අද මේ ප්‍රශ්නය වෙනත් විදිහකට බල පාලා තියෙනවා. ආගම කියන සාධකය පමණක් මුලට දාලා මුස්ලිම් ජාතිය ගොඩ ගන්න බැහැ. මේ නිසා සෞදි රජය තීරණය කරලා තියෙනවා, ලෝකයේ සෑම මුස්ලිම් ජාතිකයෙක්ම අරාබි භාෂාව තමන්ගේ භාෂාව ලෙස භාවිත කරන්න කියලා. අද ඒක ලෝකය පුරා ව්‍යප්තකරනවා. මගේ හිතවත් ප්‍රංශ ජාතික මිතුරෙක් මට කී කතාවත් මෙහිදී කියන්න ඕනේ. ඔහුට එංගලන්තයේදී මුණ ගැහිලා තියෙනවා ලංකාවේ මුස්ලිම් තරුණයෙක්. පුරවැසිභාවය 'ශ්‍රී ලාංකික'. මවුබස මොකද්ද කියලා ඇහුවාම මොහු කියලා තියෙනවා, තමන්ගේ මවු බස 'අරාබි' කියලා. ඔහු හොඳට අරාබි කතා කරලත් තියෙනවා.

අධිරාජ්‍යවාදය බිහි කරන්නේ ඇමරිකාව වෙන්න පුළුවන්, අරාබිය වෙන්න පුළුවන්, චීනය හෝ ඉන්දියාව වෙන්න පුළුවන්. ඒක අපට වැදගත් නැහැ. නමුත් අප ඒ අධිරාජ්‍යයට යටත් නොවී ඉන්න නම් අපේ අනන්‍යතාව රැක ගන්න ඕනේ. ඒකට ජාතිකවාදය අවශ්‍යමයි.

ප්‍ර: ඔබ කිව්වා, ජාතිකවාදය දේශපාලන නිෂ්ඨාවක් නොවන බව. නමුත් මං චෝදනා කළොත් ජාතිකවාදය කියන්නේ ධනවාදය තුළින් මතුවන අවස්ථාවාදයක් කියලා, ඔබ එය පිළිගන්නවා ද?

උ: ඒක සම්පූර්ණ ඇත්ත නොවේ. නමුත් ඇත්ත. ඔබට මතක ඇති මෑතකදී, විමල් වීරවංශ ජවිපෙ ඉන්න කාලේ ජවිපේ කතා කරන්න ගත්තා ලංකාවේ සිංහල බෞද්ධ උරුමය ගැන. ඒ අය එහෙම කරද්දී ඒ අයට විවිධ විවේචන ආවා. ඒ නමුත් ඒ අය ඒක සෑහෙන දුරකට කරගෙන ගියා. එහෙම කළේ, සිංහල බෞද්ධ උරුමය රැක ගැනීම හරහා අපේ රටේ ජාතික අනන්‍යතාව මතු කිරීමටත් ඒ තුළින් ලංකාවේ ස්වාධිපත්‍යය රැක ගැනීමටත් හැකි බව ඔවුන් දැන සිටියා. අදටත් ජවිපේ ඇතුළේ මේ ගැන කතිකාවක් තියෙනවා. නමුත් සිංහල බෞද්ධ උරුමය ගැන කතා කිරීම ජාතිවාදීන්ට අයත් කාර්යයක් බවටත් එය ලංකාවේ ධනපති දේශපාලනය විසින් කර ගෙන යන බවටත් ඔවුන් තුළ ඇති අදහස නිසා අද ජවිපේ මේ කාර්යයෙන් ඉවත් වෙලා තියෙනවා.

ඇත්තටම ධනේශ්වරපන්තියට නිර්ධනපාන්තිකයාව නටවන්න පුළුවන් හොඳ තැනක් තමයි මේ ජාතිකවාදය කියන්නේ. උදාහරණයක් විදිහට මුස්ලිම්ව්‍යාපාර වර්ජනය කරන්න කියන ප්‍රවණාතව දිගටම ගෙන ගියා කියන්න. මේකෙන් ඍජු ඵල නෙලන්නේ සිංහලබෞද්ධව්‍යාපර. නමුත් මේ ව්‍යාපරවල අයිතිකරුවන් තමන්ගේ සුපුරුදු වෙළෙඳාම ඕනෑම ජාතිකයෙකු සමග නිදහසේ කර ගෙන යනවා නම්, අන්තිමේදී ඇන්දිලා ඉන්නේ දුප්පත් මිනිහා විතරයි. අප කරන්නේ එක් ආකෘතියක් වෙනුවට වෙනත් ආකෘතියකින් ධනවාදයටම උඩ ගෙඩි දීමක්. අනෙක මේ සිංහලබෞද්ධව්‍යාපරවල අයිතිකරුවන් 'අනේ මුන් නිසා නේද අපේ ව්‍යාපාර දියුණු වෙන්නේ' කියල හිතලා දුප්පත් බෞද්ධයන්ට ජීවත් වෙන්න උදවු කරන්නේත් නැහැ. සිංහලබෞද්ධ දරුවන්ට ඉගෙන ගන්න අතහිත දෙන්නේත් නැහැ. (මේක උපකල්පනයක්). මේ විදිහට ගියොත් ඒක ධනවාදයක්ම තමා.

ඒ නිසා අප හොඳින් තේරුම් ගන්න ඕනේ ජාතිකවාදය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් කියලා. හැමෝම අවබෝධයෙන් යුතුව වැඩ කළොත් ජාතිකවාදය සමාජවාදය දක්වා තල්ලු කරන එක අපහසු නැහැ.

ප්‍ර: ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් ද?

උ: අපොයි ඔව්. දැන් බලන්න, ලංකාවේ විවිධ අමාත්‍යාංශ එක එක ජාතිකයන්ට දෙන කොට අපේ ඇඟ වෙවුලනවා. හකීම්ට වරාය දුන්නාම, වරායේ බුලත්විට විකුණන එකා පවා මුස්ලිම්. අධිකරණ දුන්නාම නීති විද්‍යාලයයට වැඩියෙන් යන්නේ මුස්ලිම් අය. සම්මත වෙන්නේ මුස්ලිම් අයට පක්ෂපාතී නීති විතරයි. නීතිය ක්‍රියාත්මක වෙන්නේත් මුස්ලිම් අයට හිතවාදීව විතරයි. මුස්ලිම් උසාවි ආදී හැම දේම සැකසෙනවා. මට මතකයි, ජෝන් අමරතුංගට අභ්‍යන්තර කටයුතු ඇමතිකම දුන්නා. මගේ උපන් ගම වත්තලනේ. මං දැක්කා ඇස් දෙකෙන්ම ඒකේ ප්‍රතිඵලය. ඒ කාලේ පොලීසිය නොකළේ පල්ලිවල වැසිකිළි හෝදන ටික විතරයි. ඒ විදිහටයි මේ විවිධ ජාතීන් ක්‍රියා කරන්නේ. එහෙම තත්වයකදී ලංකාවේ පාලනය සිංහල නොවන බෞද්ධ නොවන කෙනෙකුට ගියොත් ලංකාව ලේ විලක් වෙලයි නතර වෙන්නේ.

නමුත් ඇමරිකාවට මේක ප්‍රශ්නයක් නෙවේ. අප දන්නවා, බුෂ් මුස්ලිම් අය සමග දැඩි ආරවුලක පැටලිලා ඉන්න වෙලාවක තමයි, බැරැක් හුසේන් ඔබාමා ජනාධිපති වෙන්නේ. ඔබාමා මුස්ලිම් වීම ඇමරිකානුවන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරුත් හිතුවේ, ඔබාමාගෙන් පස්සේ ඇමරිකාව මුස්ලිම් හිතවාදී වෙයි කියලා. ඒත් මොක ද වුණේ. බින්ලාඩන් මැරුම් කෑවේ ඔහුගේ කාලයේදී. බුෂ්ට වඩා හොදට ඔහු මුස්ලිම් ආක්‍රමණය දියත් කළා. එහෙම වෙන්නේ කිසියම් නෛතික රාමුවකින් සියල්ල බැඳිලා තියෙන නිසා. ඒ පුටුවේ ඉඳ ගන්න අයට තමන් කැමති කැමති දේ කරන්න බැහැ. ඒ අය ක්‍රියා කළ යුතු නෛතික රාමුවක් තියෙනවා. ඒක නිසා කවුරු ජනාධිපති වුණත් ඇමරිකානුවන් බය නැහැ. අපට පුළුවන් ඒ තැනට අපේ රට ගන්න. කවුරු පාලනයට ආවත් මේ රටේ සිංහල බෞද්ධ ස්ථාවරය, උරුමය, අනන්‍යතාව විනාශ නොකරන විදිහේ ප්‍රබල නෛතික රාමුවක් මේක ඇතුළේ හදන්න පුළුවන්. එහෙම එකක් ගොඩනැඟී නැති නිසා තමයි සිංහල බෞද්ධය හැම විටම විශාල භීතිකාවකින් පසු වෙන්නේ. මේ භීතිකාව බොහොම භයානක දෙයක්. ඒ නිසා බිහි වෙන්නේ 'ජාතිවාදය' මිසක 'ජාතිකවාදය' නෙවේ. අන්තිමට රට අස්ථාවර වෙන එක විතරයි වෙන්නේ.

මේ නෛතික රාමුව බිහි කිරීමට දායක වන සියලු දෙනා හොඳ අවබෝධයක ඉන්නවා නම් ඊළඟ පියවරේදී රට සමාජවාදය වෙත ගෙන යා හැකියි. උදාහරණයක් ලෙස අපි හිතමු කිසියම් අමාත්‍යාංශයකට පුද්ගලයන් බඳවා ගන්නේ සුදුසුකම් අනුව මිස ආගම වැනි කරුණු නිසා නොවේ කියලා. එවිට ඇමතිවරයා මුස්ලිම් වුණත් ඔහු යටතේ වැඩ කරන බහුතරය සිංහල බෞද්ධ, ඇතැම් විට කතෝලික ආදී ලෙස විය හැකියි. එතනින් එහාට ඔවුන් ක්‍රියා කරන්නේත් තමන්ට පැවරෙන නීතිමය බලතල මත පමණක් නම් අනෙක් කෙනාට අත දිගු කරන්න බැරි තරම් විනිවිද භාවයක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් පැන නඟින්නේ නැහැ. කොතනැක හෝ අගතිගාමී බවක් වාර්තා වෙනවා නම් එයට පිළියම් කිරීමේ නීතිමය වැඩපිළිවෙළකුත් තියෙනවා. එයත් ක්‍රියාත්මක වෙනවා. එවිට නිවැරදි යාන්ත්‍රණයක් රට ඇතුළේ තියෙනවා. අද සමාජවාදී රටවල් හැම එකකම තියෙන්නේ මේ තත්වය. එහෙම රටක හිතන්න අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් හදනවා කියා පන්සලක් අසල. එවිට මුස්ලිම් ඇමති කෙනෙක්ම නැඟිටලා කියයි, වහාම ඔය පල්ලිය ගලව ගන්න. මේක සිංහල බෞද්ධ රටක්, බුදුදහමට පහරක් එල්ලවන විදිහේ වැඩක් වෙන්න දෙන්න බැහැ කියලා. එදා පොන්නම්බලම් රාමනාදන් මේක තේරුම් ගත්තා. මෑතකදී මැරුණ ලක්ෂ්මන් කදිරගාමර් මේක පිළිගත්තා. ඉමිතියාස් බාකිර් මේ අදහස තුළ හිටියා. අප හරියට තේරුම් ගන්නවානම් අද කතෝලිකයන්ට නොතේරෙන නමුත් මර්සිලින් ජයකොඩි පියතුමා කිව්වෙත් මේකම තමයි. රාමනාදන් මහත්තයා එදා කිව්වේ සිංහල පමණක් රටේ රාජ්‍යභාෂාව කරන්න කියලයි. මෙහෙම කියන්නේ තමා දෙමළ ජාතිකයෙකු ලෙසයටයි. අද මේ ගැන කතා කරන්න බැරි තරම් මේ ප්‍රශ්නය කුරුවල් කරලයි තියෙන්නේ. දැන් මේ ගැන දාර්ශනික කතාවක් ගේන්න බැහැ.

ටිකක් හිතන්න, රට තුළ මේ ආකාරයෙන් විධිමත් නෛතික රාමුවක් ක්‍රියාත්මක වෙනවා නම් සමාජවාදය වෙත රට ගෙන යන්න එච්චර අපහසු නැහැ.

ප්‍ර: ඒ කියන්නේ 'ජාතිවාදය' මැද්දට 'ක' යන්නක් දැම්මාම අර්ථය බොහෝ ලෙස වෙනස් වෙනවා.?

උ: ඇත්තෙන්ම ඔව්. නමුත් අදටත් මේ ජාතිවාදී ලේබලයක් ගැන අපේ රටේ අය රණ්ඩු වෙනවා. අවබෝධයක් නැති කම නිසා 

Comments

  1. The information and the Q&A method used in here was very helpful. Thank you.

    ReplyDelete
  2. The last two paragraphs of this whole write up says a lot. This is a must to inculcate in our civil society. Thank you for your intense research and writing.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප