ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැමදෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැනගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු
මෙහි අවස්ථා දෙකක 'පමණ' යන යෙදුම භාවිත කර ඇත. සාමාන්‍ය ව්‍යවහාරයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තුන් වන පදයය. එහි යෙදෙන 'පමණ' යන පදය සාමන්‍ය කටවහරේ එන 'ප්‍රමාණය' (එනම් තරම) යන අර්ථයෙන් ගෙන විග්‍රහ කිරීම අද සුලභව දැකිය හැකිය. ඒ අනුව බුදුන්වහන්සේගේ ධර්මය එක් එක් පුද්ගලයාගේ නුවණ තියෙන්නේ යම් තරමකට ද ඒ තරමට ගැළපෙන පරිදි වටහා ගැනීම සුදුසු යැයි මේ කවිය කියයි. නමුත් මෙය කවියේ අර්ථය වරදවා වටහා ගැනීමක් පමණක් නොව, වීදාගම හිමියන්ගේ ප්‍රඥාපාටවයට කළ බලවත් නින්දාවකි.
උන්වහන්සේ මෙහි 'පමණ' යන පදය යොදන්නේ දිග්නාග හාමුදුරුවන්ගේ 'ප්‍රමාණසමුච්චය' හා ධර්මකීර්ති හාමුදුරුවන්ගේ 'ප්‍රමාණවාර්තික' ඉදිරියේ තබා ගෙනය. මේ පොත් දෙකේ නමින් ම කියවෙන පරිදි මේ පොත් දෙක ලියන්නේ ප්‍රමාණ සංකල්පය විශ්ලේෂණය කිරීම උදෙසාය. ප්‍රමාණ යන සංස්කෘත පදයේ අර්ථය 'උපායමාර්ගය'ය. ඕනෑම උපාය මාර්ගයක් නොව ඥානය ලබා ගන්නා උපාය මාර්ගයය. ඥානය ලබා ගැනීම සදහා ප්‍රත්‍යක්ෂය, අනුමානය (inference), ශාබ්ද, අර්ථාපත්ති, ආප්තවචන, ඓතිහ්‍ය, ස්මෘති, අභාව, ආර්ෂඥාන වැනි ක්‍රම ගණනාවක් ඇති බව හින්දු දර්ශනයට අයත් විවිධ සම්ප්‍රදායයෝ අඩු වැඩි වශයෙන් විශ්වාස කළහ. නමුත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂය, අනුමානය හැර අනෙක් සියලු ක්‍රම ප්‍රතික්ෂේප කළහ. මෙසේ ප්‍රතික්ෂේප කළ ආකාරය තාර්කිකව සනාථ කර පෙන්වීමට දිග්නාග ආචාර්යයන් වහන්සේ 'ප්‍රමාණසමුච්චය' නම් කෘතියේදී සමත් වූහ. උන්වහන්සේට විරුද්ධව නැගී ආ විරෝධාකල්ප සියල්ල පරදා ප්‍රමාණ සංකල්පය ඉතා ඉහළ තැනකට ඔසවා තැබීමට ධර්මකීර්ති හාමුදුරුවන්ට හැකි විය. ඒ 'ප්‍රමාණවාර්ත්තිකය' ලිවීමෙනි. ලංකාවේ මේ ප්‍රමාණවාර්ත්තිකය හැදෑරීම ආරම්භ වූයේ පොළොන්නරුයුගයේදී බව ගුරුළුගෝමිගේ ධර්මප්‍රදීපිකාව කියවීමෙන් හදුනා ගන්නට හැක. එදා සිට එය කෝට්ටේ යුගය දක්වා ගලා අතර කෝට්ටේ යුගයේදී අපට හමුවන සුවිශේෂ පඩිරුවනක් වන වීදාගම හාමුදුරුවෝ එය පරිශීලනය කරමින් ඉහත කී කවිය ලීහ.
'ඇම පමණ' කීවේ ඒ අනුව මා මුලින් දැක්වූ ප්‍රත්‍යක්ෂාදී ප්‍රමාණයන් ය. බුදුරජාණන් වහන්සේ යථාර්ථය දකින්නට සියලුම ඥාන උපාය මාර්ගයන් අත්හදා බලා ඇත. ඒ තුළින් උන්වහන්සේ යථාර්ථය පසක් කර ඇත. එසේ අවබෝධ කර ගත් ධර්මය 'එන්න, ඇවිත් බලන්න' කියා ආරාධනා කොට ඒ ඒ පුද්ගලයා තමාගේ 'ඥානප්‍රමාණය' තුළින් වටහා ගත යුතු බව මෙහි දැක්වෙන සැබෑ අර්ථයයි. නැණ පමණ හෙවත් ඥානප්‍රමාණය යන වචනය ඍජුවම ධර්මකීර්ති හාමුදුරුවන්ගෙන් උපුටා ගත් පදයකි. උන්වහන්සේ ප්‍රමාණවාර්ත්තිකයේ ප්‍රමාණ පරිච්ඡේදයේ ද ප්‍රමාණවිනිශ්චයේ ද 'ඥානප්‍රමාණ', 'බුද්ධිප්‍රමාණ', 'ධීප්‍රමාණ' යන පද සමාන අර්ථයෙන් භාවිත කරති. එයින් උන්වහන්සේ අදහස් කළේ බුදුදහමේ වලංගු ඥානප්‍රමාණ වන 'ප්‍රත්‍යක්ෂය' හා 'අනුමානය' යන දෙකය. ඒ අනුව වෑත්තෑවේ හාමුදුරුවන් අපට කියන්නේ, එක් එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුව ධර්මය තේරෙන විදිහට ග්‍රහණය කර ගන්න කියා නොව, ප්‍රත්‍යක්ෂය සහ අනුමානය කියන පිළිගත් බෞද්ධන්‍යයානුසාරයෙන් ධර්මය වටහා ගන්නට කියාය.

Comments
Post a Comment