
මෙහිදී මා ඉතා පැහැදිලිව කිය යුතු දේ නම් ‘ආදරය’ ‘ප්‍රේමය’ වැනි පද මා යොදා ගන්නේ ‘විරුද්ධ ලිංගීය අය අතර ඇති වන විවාහය, ලිංගීය සම්බන්ධතා දක්වා පොළඹවන’ මානව හැඟීම මිස ‘මිත්‍රත්වය’ වැනි හැඟීමක් නොවේ. මෙම ලිපි පෙළේදී මා කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ‘නව යොවුන් වියේදීම ආදරය වැනි සංකල්ප ඇති වන්නේ කෙසේද?’ ‘පාසල් වියේ ඇති වන ආදර සම්බන්ධතා නිතර වෙනස් වීමට හෝ සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වන්නේ කුමන සාධකද?’ ‘පාසල්වියේදී ආදරය කිරීම නිසා තරුණ දුවපුතාට ලැබෙන යහපත් හෝ අයහපත් ප්‍රතිඵල මොනවාද?’ ‘අවසානයේදී ආදරය කිරීම නිසා අධ්‍යාපන කටයුතු අඩාල වන්නේ ඇයි සහ එසේ අඩාල කර නොගෙන ආදරයයි අධ්‍යාපනයයි දෙකම සාර්ථකව කර ගන්නේ කෙසේද?’ යන කාරණාවන්ය.
අපි මුලින්ම බලමු, ලෝකය ගැන ජීවිතය ගැන ප්‍රමාණවත් අවබෝධයක් නැති ඉතාම තරුණ කාලයේදී ‘ඇයි මේ ආදරය හට ගන්නේ’ යන කාරණය. මා මුලින්ම සඳහන් කළ පරිදි මා මේ ලියන්නේ අවු. 14ට වැඩි දරුවන් අරමුණු කර ගෙනය. මේ වසයේ සිටින දරුවන්ට ‘වැඩිවියට පත් වීම’ යන කාරණය අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැති බව මගේ විශ්වාසයයි. ඇත්තෙන්ම සමාජ සම්මතය තුළ වැඩිවියට පත්වීම ගැහැනු දරුවන් සම්බන්ධයෙන් භාවිත කරන සංස්කෘතික විප්‍රකාරයක් වුවද ජීවවිද්‍යාත්මකව මේ වන විට ගැහැනු පිරිමි යන දෙපැත්තේම කායික වෙනස්කම් සිදු වීම ආරම්භ වීම සාමන්‍යය ස්වභාවයයි. ඉතින් බොහෝ දෙනා කල්පනා කරන්නේ ආදරය, විරුද්ධ ලිංගික ආකර්ෂණය වැනි දේ ආරම්භ වන්නේ මෙසේ සිදු වන ජෛවීය විපර්යාසයන් නිසා බවයි. මා මුලින්ම කියන්නට කැමැතියි, මෙය අර්ධසත්‍යයක් පමණයි.
මිනිසා යනු කිසිසේත්ම සම්පූර්ණ වශයෙන් ජෛවීය අවශ්‍යතා මත පාලනය වන සත්වයෙකු නොවේ. ඒ නිස තමයි බුදුහාමුදුරුවන් පවා ‘මනෝ පුබ්බංගමා ධම්මා’ කියා දේශනා කරන්නට යෙදුණේ. මිනිසෙකුගේ ජෛවක්‍රියාවලිය මිනිසෙකුගේ චර්යාවට බලපාන බව සැබෑවකි. එය බඩගිනි වූ විට කෑම සොයා යෑම වැනි ක්‍රියාවකි. එහෙත් බඩගින්න කියන පොදු ජෛවීය කාරණය සෑම මිනිසෙකුම එක සමාන චර්යාවකට පොළඹවන්නේ නැත. ඇතැමෙකු කෙසේ හෝ කෑම සොයා ගන්න පෙළඹෙන අතර ඇතැමෙකු බොහොම ඉවසීමෙන් මිලමුදල් උපයා ගෙන කෑම සොයා ගන්න පෙළඹෙන බව පෙනේ. මේ අතර තවත් අයෙක් තමන්ගේ කුසගින්න ඉවසාගෙන තමන්ගේ කෑම වේල අනෙකාට දීමට පවා පෙළඹෙත්. මේ ආකාරයේ වෙනස්කම් මතු වන්නේ විවිධ පුද්ගලයන්ට ලැබී ඇති දැනුම, ආකල්ප සහ සංස්කෘතික පරිසරය නිසාය. මිනිසාගේ සෑම කාර්යයක් සම්බන්ධයෙන්ම මෙය අදාළය. ඒ නිසා නව යොවුන්වියේදීම කිසියම් දුවකට පුතෙකුට ආදරය වැනි හැඟීමක් පහළ වේ නම් එයට එකම හේතුව ඒ දරුවා තුළ ඇති වී තිබෙන කායික වෙනස්වීම නොවේ, ඒ කායික වෙනස්වීමට එහා යමින් ඒ දරුවාට දී තිබෙන දැනුම, ආකල්ප සහ සංස්කෘතික බලපෑම එහිදී ප්‍රධාන වේ.
ලංකාව තුළ සෑම දරුවෙකුම වැඩෙන්නේ එකම පරිසර මට්ටමකින් නොවේ. විවිධ දෙමාපියන් තමන්ගේ දරුවාට කුඩා කල සිට ලබා දෙන ආකල්ප ඔවුන්ගේ දැනඋගත්කමවල ප්‍රමාණය අනුව වෙනස් වේ. බොහෝ විට දරුවා කුඩා කාලයේ සිටම දරුවන් ගැහැනු පිරිමි වෙනසේ ඇති බාහිර සාධක ගැන සැලකිලිමත් වන බව පෙනේ. බහතෝරන වසසේ සිටින ඉතා පුංචි දුවක් ‘තාත්තේ අර ඉස්සරහ ගෙදර මල්ලිට තියෙන්නේ මගේ වගේ චූචූ නෙමේනේ’ කියා කියන අවස්ථා ඕනෑ තරම් තිබේ. දරුවන් සිටින සෑම අම්මා, තාත්තා කෙනෙකුම මෙවැනි අවස්ථාවලට මුහුණ දී ඇතැයි මම සිතමි. එහෙත් මේ බාහිර වෙනස්කම් ගැන ඔවුන් තුළ ඇති වන හැඟීම තමා සමග සිටින යහළුවාව ‘මේ ගෑනු ළමයෙක්’ ‘මේ පිරිමි ළමයෙක්’ කියා සිතන්නට පොළඹවන්නේ නැත. එය සිදු වන්නේ දරුවාගේ මනසට ලබා දෙන දේ අනුවය. ‘පුතේ එයා නංගි කෙනෙක් නේ... එයා ව හයියෙන් අල්ලන්න එපා... එයාට රිදෙනවා...’ වගේ කතා පිරිමි දරුවන්ටත් ‘ගෑනු ළමයි මල් වගේනේ... ඉතිං මල් වගේ ලස්සනට ඉන්න ඕනැ...’ වගේ කතා ගැහැනු දරුවන්ටත් කියා දීම තුළින් පුංචි කාලයේදීම ඔවුන්ගේ හිත් තුළ ගැහැනු පිරිමි වෙනස ගැන හැඟීම් ඇති කරවීමට වැඩිහිටියෝ ක්‍රියා කරති. මෙය ඔවුන්ව පොළඹවන ප්‍රධාන සාධකයයි.
මේ තත්වය යටතේ වුවද මිශ්‍ර පාසලක ඉගෙන ගන්න පුංචි දුව පුතා ඔවුනොවුන් සමග ඉතා ළෙන්ගතු කමින් ක්‍රියා කරන බව පෙනේ. එසේ වන්නෙ ඒ දුරුවන්ගේ සිත් වැඩිහිටියන්ගේ සිත් තරම් කිළිටි වී නැති නිසාය. ඔවුන් ඉඳ ගන්නේ එකිනෙකා සමග මිශ්‍ර වීය. කන්නේ බොන්නේ එකටය. තමන්ගේ දේ එකිනෙකා සමග බෙදා ගන්නේ ඉතා හිතවත් කමින්ය. ගහමරා ගන්නා විට නිකමටත් ‘මේ කෙල්ලක් මේ කොල්ලෙක්’ කියා සිතක් පහළ වන්නේ නැත. අල්ලං සෙල්ලං කිරීමේදී දුවගෙන ඇවිත් බදා අල්ලාගෙන ‘මං අල්ල ගත්තා, මං අල්ල ගත්තා’ කියා කෑ ගහන්නේ ගැහැනු පිරිමි බේදයකින් තොරවය.
මෙහෙම ගත කරන ළමා කාලය ඉතා බලහත්කාරයෙන් වෙනස් කිරීමට වැඩිහිටියෝ ක්‍රියා කරති. ඒ වයස අවු. 11 පමණ වන විටය. මෙච්චර දවසක් තමන් ළඟ එකට ඉඳගෙන සිටි තමන්ට බැරි දේවල් කියා දීපු එක පැන්සල දෙකට කඩා ගෙන හිටි ගැහැනු ළමයා දැන් ඉඳගන්නේ පන්තියෙ වෙනම පැත්තකය. පිරිමි ළමයා ඉඳගෙන සිටින්නේ අනෙක් පිරිමි ළමයි සමග පන්තියේ අනෙක් පැත්තේය. ඇයි එහෙම වෙන් කළේ කියන්නවත් මේ දරුවන් දන්නේ නැත. බැරිවෙලාවත් දරුවෙකු මේ පිළිබඳව ප්‍රශ්න කළොත් ‘දැන් ඕයගොල්ල ලොකුයි නේ පුතේ.. ලොකු වෙනකොට ගෑනු ළමයි පිරිමි ළමයිගේ අස්සෙ ඉඳගන්න හොඳ නැහැ...’ වැනි උත්තරයක් දී ළමයාව නිහඬ කිරීම සාමාන්‍ය පිළිවෙතයි. ‘ගින්දරයි පුළුනුයි එකට තිබ්බාම ඇවිලෙනවා’ වගේ කතා අපේ රටේ ජන විඥානයට කිඳා බැස ඇත්තේ බුදුබණටත් එහා යමින්ය. එකි ජනවිඥානයෙන් පීඩා විඳින වැඩිහිටියන්ගේ කිළිටි හිතයි මේ දරුවන්ව වෙන් කරන්නේ යන්න කිසිවෙකු කියන්නේ නැත.
මේ තත්වය සීමාවෙන් ඔබ්බට යන්නේ ගැහැනු දරුවෙකු ‘මල්වර’ වීමත් සමගය. පිරිමි දරුවෙකුගේ වෘෂණකෝෂ තුළ ශුක්‍ර නිෂ්පාදනය ආරම්භ වීමත් ගැහැනු දරුවෙකුගේ ඩිම්බ මෝරා පිටවීම පිණිස ඔසප් චක්‍රය ආරම්භ වීමත් ජීවවිද්‍යාත්මකව බැලූ කල එක සමාන වැදගත්කමක් ඇති සිදු වීම් දෙකකි. එහෙත් ගැහැනු ළමයෙකු සම්බන්ධයෙන් පමණක් විශේෂිත වූ සංස්කෘතික වැදගත්කමක් ආරෝපණය කර අමුතුම චාරිත්‍ර විධි සිදු කිරීමක් සිදු වේ. අනුරාධපුරයුගයේ ලංකාවේ මෙබඳු චාරිත්‍රයක් තිබී නැත. පාලි අටුවාව කියන පරිදි ගැහැනු දරුවෙකුගේ උපත සියලු වීදි සරසා උත්සවශ්‍රීයෙන් සැමරීම කළ යුතු බව පමණක් දැක්වේ. අනෙක් අතට දකුණු ඉන්දීය ද්‍රවිඩ සංස්කෘතිය සමග මෙය අතිශයින් බැඳී පවතී. භූගෝලීය වශයෙන් දකුණු ආසියාතික කලාපයේත් අප්‍රිකානු ගෝත්‍රික සමාජ තුළත් දකුණු ඇමරිකානු ගෝත්‍රික සමාජ තුළත් ලෝකය පුරා විසිරුණු විවිධ නොදියුණු ජනසමාජ තුළත් ගැහැනු දරුවෙකුගේ ඔසප් චක්‍රයේ ආරම්භය විවිධ ආකාරයෙන් සමරන බව පෙනේ. මේ හැර ලෝකයේ ඉදිරියට පැමිණ තිබෙන බොහෝ ජාතීන් තුළ මෙම සංස්කෘතිකාංගය නැත. මෙම සංස්කෘතිකාංගය තරුණ දුව පුතාගේ මනසට සිදු කරන බලපෑම අතිවිශාලය. ගැහැනු දරුවෙකු අමතන අම්මා හෝ වැඩිහිටි කාන්තාවක් ‘දුවේ, ඔයා දැන් ලොකු ළමයෙක්... වේගයෙන් දුවන්න එපා... හයියෙන් කතා කරන්න එපා... ඉඳ ගන්න කොට කකුල් ළං කර ගෙන සාය අතින් හදා ගෙන ඉඳගන්න... වැඩිය පිරිමි ළමයි එක්ක කතාබහට යන්න එපා... පිරිමි ළමයි විතරක් ඉන්න තැනකට තනියෙන් යන්න එපා...’ වැනි දහසකුත් දෑ ඒ දරුවාගේ හිතට ඇතුළත් කරයි. ඇතැම් විට එහෙම කියන්නේ ඇයිද කියාවත් නොතේරෙන දරුවා ‘මං දැන් ලොකු කෙල්ලක්’ වගේ හැඟීමක් ඇති කරන්නට මේ නිසා පෙළඹේ. මල්වර චාරිත්‍ර ආරම්භයේ සිටම මෙතෙක් මිතුරන් ලෙස ඇසුරු කළ පිරිමි යහළුවන් පමණක් නොව එක කුසේ උපන් පිරිමි සහෝදරයාවද කුඩා කල සිට ආදරයෙන් වඩා ගෙන තමාව හුරතල් කරමින් බලා ගත් තාත්තාව පවා මල්වර වියට පත් ගැහැනු දරුවාගේ ඇසුරෙන් සහ නෙතුමානයෙන් ඉවත් කරයි. මේ තුළින් එල්ල කරන මානසික බලපෑම නිසා ‘අපි කෙල්ලො, කොල්ලො කියන්නේ වෙනම සත්තු ජාතියක්’ වැනි හැඟීමක් ගැහැනු දරුවා තුළ ඇති වෙයි.
අනෙක් අතට මෙම මල්වර චාරිත්‍රය පිරිමි ළමයින්ටත් දැඩි බලපෑමක් එල්ල කරයි. හැමදාම සෙල්ලම් කරන්නට ආපු එහා ගෙදර නංගි දැන් එන්නේ නැහැ, ගේ අස්සේ හිර කර ගෙන ඉන්නවා දැක පිරිමි ළමයෙකු අම්මාගෙන් ඒ ගැන ඇසුවොත්, ‘පුතා බලන්නකො.. තව ටික දවසකින් ඒ නංගි එනවා... කලින් හිටියට වඩා ලස්සන වෙලා හැඩ වෙලා තමා එන්නේ... හැබැයි මීට පස්සේ අර ඉස්සර ගම වටේ දුව දුව සෙල්ලං කළා වගේ එයත් එක්ක සෙල්ලං කරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ’ යනුවෙන් පිළිතුරු දීම සාමාන්‍යයෙන් අපේක්ෂා කළ හැක්කකි. මෙවැනි තව දහසකුත් දේ කනට වැකෙන පිරිමි දරුවා මින් ඉදිරියට හැමදාම දුටු හැමදාම ඇසුරු කළ ගැහැනු දරුවා දෙස බලන්නෙ අමුතු ඇසකිනි. කුතුහලයකිනි. ගැහැනු දරුවා තුළද එය ඉතා දරුණු ලෙස වැඩේ.
මේ කාරණය දිගින් දිගටම ලිවීම ඉතා වෙහෙස කරය. ඒ නිසා මෙපමණක් කියා සෑහීමකට පත් වෙන්නම්. ‘මල්වර’ වීම පිළිබඳ සංස්කෘතිය උදාහරණ කොට ගත්තාට එය පමණක් නොවේ, ඒ හා සමගාමීව පන්සල, පල්ලිය වගේ ආයතනවලිනුත් ඇතැම්විට පාසලේම ඉන්න ගුරුවරු, දහම්පාසලේ ඉන්න ගුරුවරු දැනුවත්ව හෝ නොදැනුවත්ව ළමයින්ගේ හිත් විෂබීජවලින් පුරවන්න ආරම්භ කරන්නේ නව යොවුන් විය ආරම්භ වීමත් සමගය. පාසලේ සාහිත්‍ය සමිතියේදී හෝ ශ්‍රමදානයකදී හෝ ගැහැනු දරුවෙකු පිරිමි ළමයි අතර සිටිනු දුටු විට යකෙකු දැක්කා සේ බිය වී අර ගැහැනු දරුවාට බැණ වහාම ඉවත් වන්න කියන ගුරුවරු කොතෙකුත් ඇත. බාලක පාසල් සහ බාලිකා පාසල් ක්‍රමය යටතේ මේ තත්වය තවත් දරුණු වනවා මිස අඩු වන්නේ නැත. මගේ දුවද යන්නේ බාලිකා පාසලකටය. ඒ වෙන කිසිවක් නිසා නොව අපේ නිවසට ළඟම පාසල එය වන බැවිනි. මටත් මගේ බිරිඳටත් කෙතරම් වුවමනා වුවත් දුවව මිශ්‍ර පාසලකට ඇතුළත් කරන්න, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේදී මට වැඩිම ලකුණු ලැබෙන්නේ බාලිකා පාසලටය. මිශ්‍රපාසලට යන විට බාලිකා පාසල නිසා ලකුණු 5ක් කැපේ. මෙවැනි තත්වයන් නිසා වර්තමානයේ ඇතැම් සංස්කෘතිකාංග රාජ්‍ය මට්ටමින් පාලනය වන බවක් ද පෙනේ. කෙසේ වෙතත් අවසානයේදී සිදු වන්නේ ‘කොහොමද මචාාාං... දාපන් පහක්...’ කියා ‘බුදු ෆිට්’ එකේ ගැහැනු දරුවෙකු ඇසුරු කිරීමට පිරිමි දරුවෙකුට ඇති අවකාශයද පිරිමි දරුවෙකු ඇසුරු කිරීමට ගැහැනු දරුවෙකුට ඇති අවකාශයද අතිශයින් අවහිර වීමය.
මේ ආකාරයේ සංස්කෘතික පසුබිමක් තිබීම නව යොවුන් වියේදී ගැහැනු සහ පිරිමි දරුවන් අතර ආදරණීය ප්‍රේමණීය හැඟීම් ඇති කරවන්නට මහත් පිටුබලයක් සපයයි. එහෙත් මේ ලිපිය කියවා කිසිසේත් අදහසක් ඇති කර ගත යුතු නැහැ හුදෙක් සංස්කෘතික බලපෑම සහ දරුවන්ගේ සිත් තුළට ඇතුළු කරන ආකල්ප පමණක් මේ තත්වය බිහි කරන බව. මෙතෙක් මා පෙන්වා දුන් මේ සංස්කෘතික බලපෑමටම අමතරව ඒ ඒ දරුවන් තුළ හට ගන්නා විවිධ මානසික නැඹුරුවීම්, කායික හෝ මානසික දුබලතා, කුඩා කලදී සිදු වන දැඩි මානසික කම්පනයන්ද මේ තත්වයට හේතු වේ. ඒ පිළිබඳව මා ඉදිරි ලිපියේදී ලියන්නම්.
මේ ලිපියේ දෙවන කොටස තිබෙනවා ද ?
ReplyDeleteDR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
ReplyDeleteමා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159