Skip to main content

Posts

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ...

මෙත්තාගමනයේ පසුවිපරම

අපි දන්න දේවල් ගැන කතා කරමු. තිරයෙන් පිටුපස වුණ දේවල්, ගොසිප් අඩවිවලින් අහුලා ගත්තු දේවල් කතා නොකර අපේ ඇස් දෙකෙන් දැක්ක කන් දෙකෙන් අහපු දේවල් ගැන කතා කරමු. බොබසේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය ද? අපි දන්නේ නැහැනේ. බොබසේ කළේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ද? අපි දන්නේ නැහැනේ. හෙළ උරුමය කළේ රට පාවා දීමක් ද? අපි කොහොමද හරියටම කියන්නේ. මේ නිසා අපි දන්න අපට තහවුරු කර ගත හැකි දේවල් අපි කතා කරමු. 01. මහින්දව එළවා දැමීමේ සාර්ථක වෙඩිමුරය පත්තු කළේ බොබසේ. තිස්වසරක ත්‍රස්තවාදී අරගලය හෝ යුද්ධය නිමා කළ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මේ රටේ මිනිසුන් බහුතරයකට රජකු වාගේ දැනුණා. සැලකුවෙත් කතා කළේත් ගරු බුහුමන් දැක්වූයේත් ඒ වගේ. මහින්ද මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ටික කලකින් එම හැඟීම ඇතුළු වුණා. මෙහෙම හිටපු රජතුමාව වසර දහයක් යන තැන එපා වුණේ කොහොම ද? කොටි ත්‍රස්තවාදයෙන් අනතුරුව මේ රටේ ඇති විය හැකි ප්‍රධානම උවදුර ලෙස මුස්ලිම් ජාතිවාදය ඇවිස්සී ඇති බව රටට ම ඒත්තු ගැන්වූයේ බොබසේනාවයි. එය රට පුරා පිළිකාවක් මෙන් පැතිරී යන බවත් ඔවුන් බෞද්ධ උරුමය විනාශ කරමින් මේ රට ‘සපරිස්ථානයක්’ කරන්න යන බව ජනතාවට ඒත්තු ගැන්වූය...

බුද්ධභාෂිත යනු මොනවාද?

මෙයට පෙර, වතාවක් මා ලියූ සටහනක රතන, කරණීයමෙත්ත, ධජග්ග, තිරෝකුඩ්ඩ, මහාසමය, ආටානාටිය යන සූත්‍ර පසුව ත්‍රිපිටකයට එකතු කළ ඒවා බව පෙන්වීය. මේවාට අමතරව අග්ගඤ්ඤ සූත්‍රයත් පසුව එකතු කරන ලද්දකැයි ඇතැමුන් කියන නමුත් එය පිළිගැනීමට තරම් සාධක නැත. නමුත් පායාසිරාජඤ්ඤ සූත්‍රය පසුව එකතු කළ බව තහවුරු කර ගත හැක. සූත්‍ර වශයෙන් නොගත්තත් ජාතක, අපදාන, බුද්ධවංස, චරියාපිටක වැනි ඛුද්දක නිකායට අයත් බොහෝ පොත් ද පසුව ත්‍රිපිටකයට ඈඳා ගත් ඒවාය. චන්ද පරිත්ත, සුරිය පරිත්ත ආදී ලෙස පරිත්ත යන නාමය යටතේ ඇති සියල්ලත් මේ ගණයටම අදාළය. මේවා ත්‍රිපිටකයට පසුව එකතු කළ බව කියන්නේ ඒවායේ අන්තර්ගතය පිළිගැනීමට නොහැකි නිසා නොවේය. තමන්ට යමක් පිළිගන්නට නොහැකි වූ පමණින් එය පසුව එකතු කළ එකක් යැයි කීම අතිශය අශාස්ත්‍රීය ක්‍රමයකි. මේවා පසුව එකතු කළ බව කියන්නේ කරුණු 3ක් පාදක කර ගෙනය.

ගැහැනිය - කෑල්ලක්, බඩුවක් සහ මවක්

(දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි. අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න) ‘ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන’ යන කාව්‍යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය. උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව්‍ය සාහිත්‍යයේ එන මෙම කවිපදය දනිති. එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු ‘වේසියක්, බඩුවක්’ ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය. නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය. දැන් එයට කාලය එළඹ ඇත. පිරිමීනු ද පතන - අවසර, කල්, රහස් තැන මිස නොලැබෙන බැවින - ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය. මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය. පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර (ඒ කියන්නේ කැමැත්ත), කල් (ඒ කියන්නේ සුදුසු කාලය), සහ රහස් තැන (ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන) යන තුන පතනවා. නමුත් ඔවුන්ට ඒවා ලැබෙන්නේ නැහැ. ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන්. අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා.

පුනර්භවය

මේ භවයෙන් අනෙක් භවයට යන 'ගන්ධබ්බ' ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.(සැ.යු. අන්තරාභවය නොවේ). මහාතණ්හාසංඛයසූත්‍රයේදී 'ගන්ධබ්බස්ස පච්චුපට්ටිතෝ හෝති' කීවේ ඒක. දැන් ප්‍රශ්නයක් තියෙනවා, ආත්මයක් නැත්නම් මේ ඊළඟ භවයට යන ගන්ධබ්බයා කවුද? එය පටිසන්ධි විඤ්ඤාණය බව අටුවාව කියනවා. දැන් අපි නිරවුල් කර ගමු මේ පටිසන්ධි විඤ්ඤාණය ගැන. විඤ්ඤාණය යන පදය බුදුරජාණන් වහන්සේ අර්ථ තුනකට භාවිත කරනවා. 1. ඉන්ද්‍රිය බද්ධ විඤ්ඤාණය , 2. මානස ප්‍රත්‍යක්ෂය 3. විඤ්ඤාණ ස්කන්ධය.

මෙණ්ඩකනය සහ සිත් රිදවීමේ කලාව

  මෙණ්ඩක කීවේ එළුවාටය. එළුවා යනු සිංහලයාට ද සමාන පදයකි. නමුත් මෙහි එළුවා යැයි කීවේ අං සහිත කකුල් හතරේ එළුවා ගැනය. මෙණ්ඩක යනුවෙන් අදහස් කරන්නේ හුදෙක් එළුවාම නොව එම වර්ගයට අයත් සතුන්ය. එම වර්ගයට අයත් සතුන්ට අං දෙකක් ඇත. ඌ පහර දෙන විට එකවර අං දෙකෙන්ම අනියි. එක අනකින් බේරුණාට පලක් නැත. අනෙක් අන ඇවිත් වදියි. අං දෙකෙන්ම අනින්නේ එකම ඉලක්කයකට වීම එයට හේතුවයි. එලෙස අං දෙකෙන් අනින විට කළ හැකි කාර්යයන් දෙකකි. පළමු වැන්න නම් අං දෙක නොවදිනා ලෙස තමා ඉවත් වී මෙණ්ඩකයාට බොරු ඉලක්කයක් පෙන්වීමය. ස්පාඤ්ඤයේ ගොංපොර තරඟවලදී සිදු වන්නේ මෙයය. රතු රෙද්දක් වනා ගවයාව ගොනෙක් කොට බොරු ඉලක්කයක් වෙත අනින්න සලස්වයි. දෙවැනි ක්‍රමය නොහොත් බුදුරජාණන්වහන්සේගේ ක්‍රමය නම් අනින්න එන විට අං දෙකෙන් අල්ලා මෙණ්ඩකයාව නතර කිරීමයි. එය කිරීමට නම් ඉතා ශක්තිමත් පුද්ගලයෙකු විය යුතුය. කලබල වීමට කාරණයක් නැත. බුදුරජාණන්වහන්සේ මේ කතා කරන්නේ ගොංපොර ගැන නොව ගොන් විලස ප්‍රශ්න මතු කරන මුග්ධයන් මෙල්ල කරන විදිහ ගැනය. සාමාන්‍ය ව්‍යවහාරයේ උභතෝකෝටික ප්‍රශ්න යැයි හදුන්වන මෙම ප්‍රශ්න බෞද්ධ තර්කශාස්ත්‍රයේදී ‘මෙණ්ඩකප්‍රශ්න’ ලෙස නම් කෙරේ. එන...

හරකා, කුකළා සහ සුද්දාගේ අමුඩ ගැහිල්ල

  සිංහල ගොවියා අමුඩේ ගැහුවාම ඉදිරිපසින් ලේන්සුවක් එල්ලුවා සේ සම්පූර්ණ ලිංගේන්ද්‍රිය ද අවට ප්‍රදේශය ද වැසී යයි. (අමුඩය දැකල නැති අය විශ්වකෝශයක් බලන්න). නමුත් ඔහුගේ තට්ටම් දෙක නොවැසී හුදෙක් ගුදමාර්ගය පමණක් වැසී යයි. මේක දැකපු සුද්දා (ඉංග්‍රීසියෙන්) 'අමුඩ ගහන එක මහ ලොකු දෙයක් ද මෙන්න මෙහෙමනේ අමුඩ ගහන්නේ කියා', ඉන වටේ නූලක් ගැටගසා ලේන්සුවක් ගෙන ඉස්සරහින් එල්ලා ගත්තලු. බැලූ බැල්මටම වැඩේ හරි. නමුත් හුළඟට ලේන්සුව උඩ යන විට සුද්දාගේ 'සැට් එක' එළියේ ය. තමාට වැරදුණ බව සුද්දාට තේරුණේ එවිටය. නිවැරදි හැදෑරීමක් නැතිව කරන දේ බලාගෙන සිට තමාටත් කරන්න පුළුවන් යැයි කියා අනාගන්නා අයට සුද්දාගේ අමුඩ ගැහිල්ල මතක් කර දෙන්නේ ඒ නිසාය. බුදුදහමට අනුව සියලු සතුන් ඝාතනය කිරීම වරදකි. පාපයකි. නමුත් මස් කෑම ගැන විරෝධයක් පළ කොට නැත. ත්‍රිකෝටිපාරිශුද්ධිය ගැන දේශනා කර තිබේ. මේ ගැන අපි පසුව කතා කරමු. එහෙනම් ඇයි මේ හරකාට විශේෂ තැනක්. ඇයි කුකුළා පව් නැද්ද කියා අසන තත්වයට අද ප්‍රශ්නය දුර දිග ගොස් ඇත. එයට එකම හේතුව අනගාරික ධර්මපාලතුමාගේ ගවමස් විරෝධය නැවත ගෙන එන්නට වෙර දැරූ අපේ බෞද්ධයන් හැදෑරීමකින් තොරව අමු...