Skip to main content

Posts

බුදුදහම වැළඳ ගැනීම සහ අතහැරීම

බරපතල විද්‍යා උදාහරණ දෙන්න මං දන්නේ නැහැ. අනෙක එහෙම දුන්නත් විද්‍යා-උගතුන්ට මිස අනෙක් අයට තේරුම් ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ නිසා, ඉතාම ප්‍රාථමික උදාහරණයකින් වැඩේ පටන් ගන්නම්. අපි ගමු ආකිමිඩීස් නියමය. දැන් අප විද්‍යාව ඉගෙන ගන්න කොට අපට උගන්වනවා ආකමිඩීස් නියමය: වස්තුවක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් හෝ තරලයක ගිලී ඇතිවිට එමගින් විස්ථාපනය කරනු ලබන තරලයේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් තරලය මගින් වස්තුව මත ඇතිකරයි. දැන් මේක ආකිමිඩීස් නිර්මාණය කරපු දෙයක්ද? නැහැ.. එතකොට ආකිමිඩීස් කළේ මේ ලෝකේ 'ආකිමිඩීස් ඉපදුණත්, නැතත්' තියෙන දෙයක් සොයා ගැනීම. ආකිමිඩීස් මෙය ලෝකයට හෙළිදරවු කරන්නට පෙර වෙන කිසිකෙනෙකු මේ බව හෙළිදරවු කළා කියා කියන්න අපට සාක්ෂ්‍ය නැහැ. ඒ නිසා අපි සලකනවා 'ආකිමිඩීස්' තමා මෙහි ආදිකර්තෘ කියා. දැන් ආකිමිඩීස් මෙහෙම කිව්වාම අපි ඒක ඇත්තයි කියා පිළිගන්නවාද? නැහැ. ඒක අපිත් කරල බලනවා. ආකිමිඩීස් ජීවත් වුණේ අඩුම තරමේ මීට අවුරුදු 2500කට විතර උඩදී. එදා සිට ඉතා විශාල පිරිසක් මේක අත්හදා බලලා තියෙනවා. ඒ හැමෝම එකම නිගමනයකට එන නිසා තමා අප ඒක 'සත්‍යයි' කියා නිගමනය කරන්නේ. මං
Recent posts

බුද්ධ චරිතය අවිචාරවත් ලෙස ප්‍රශ්න කිරීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ සැබෑ ජීවනකථාව නිවැරදිව දන්නා කෙනෙකු මේ මිහිපිට නැත. උන්වහන්සේ ඉපදුණේ කොහේද, කුමන කලෙකද, අම්මා තාත්තා කවුද, විවාහ වුණේ කවද්ද, ගිහිගෙය අතහැරියේ කවද්ද, කොහොමද, මේ ආදි දහසක් ප්‍රශ්නවලට නිශ්චිතව පිළිතුරු සැපයිය හැකි කෙනෙකු නැත. විවිධ පුරාවිද්‍යා සාධක, පශ්චාත් සාහිත්‍ය සටහන් ආදිය පාදක කර ගනිමින් උන්වහන්සේගේ චරිතකථාව විවිධ භූමිප්‍රදේශ අළෙලා ප්‍රතිනිර්මාණය කිරීමට අනාදිමත් කාලයක සිට විවිධ පාර්ශ්වයන් උත්සාහ ගන්නා බව පෙනේ. භාරතීය කථාව එබඳු ප්‍රතිනිර්මාණයක් වන අතර එය ලෝකයේ වැඩියෙන්ම පිළිගැනුණ කතාවත් වෙනවා. එයට අභියෝග කරමින් මෑත කාලයේදී ලංකාව පාදක කර ගත් කථාවක් ගොඩනැඟුණු බව කවුරුත් දන්නවා. ලංකාවේ කතාවට වඩා තරමක් ශක්තිමත් පසුතලයක් ඇති කතාවක් තායිලන්තයේත් තියෙනවා. බුදුදහම ව්‍යාප්ත වී ගිය සෑම රටක්ම අඩු වැඩි වශයෙන් තමන්ගේ රටේ බුදුහාමුදුරුවන් උපන් බව කියා ගැනීමට උත්සාහවත් වී ඇති බව තේරෙන්නේ එවැනි රටවල් කීපයක සංචාරය කළ අයෙකුටය. එය එක්තරා ආකාරයක උමතුවක් මිස වෙන කිසිවක් නොවේ. කෙසේ වෙතත් මට මෙහිදී කියන්නට අවශ්‍ය වන්නේ අවසාන වශයෙන් මේ සියල්ල ‘කතන්දර’ පමණක් වන බවය. ඉදිරිපත් වන සාධක

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

ථේරවාදී ත්‍රිපිටකය ජාතික උරුමයක් වීමේ වැදගත්කම

එ කෙචි භංතෙ භගවතා බුධෙන භාසිතෙ සර්වෙ සෙ සුභාසිතෙ වා ස්වාමීනි, භාග්‍යවත් වූ බුදුන් වහන්සේ විසින් යම් කිසිවක් දේශනා කරන ලද ද ඒ සියල්ල සුභාෂිත ම වේ. අශෝක අධිරාජයෝ -භෛරාට් සෙල්ලිපිය. හැඳින්වීම ‘මා පිටකසම්පදානෙන’ යනුවෙන් කාලාම සූත‍්‍රයේ දී පිටක යන පදය භාවිත වූයේ කිසියම් ආගමිකග‍්‍රන්‍ථ (scriptures) හැඳින්වීමට බව අටුවාව ලබා දෙන ‘පිටකතන්ති’ යන තේරුම අනුව අපට සිතා ගත හැකි ය. එහෙත් විනය පිටකයේ ද පෙළේ බොහෝ තැන්වල ද අපට නිතර හමු වන්නේ ‘පිටක’ යන පදය ‘භාජනය/පැස’ යන තේරුමකින් භාවිත වූ බව ය. ‘පිටක’ යන පදයෙන් මෙලෙස භාජන යන්න අදහස් වූයේ නම් එය ආගමිකග‍්‍රන්‍ථ සඳහා භාවිත වූයේ කෙසේ ද යන්න විමසිය යුතු කරුණකි. වී. ට්‍රෙන්ක්නර් පඬිතුමාගේ අදහස වූයේ මෙහි පිටක යන්නෙන් අදහස් වන්නේ වැඩබිමක පස් ආදිය පුරවාගෙන යාමට භාවිත කරන තාච්චි වැනි භාජන සඳහා බව ය. එවැනි තැනක තාච්චියට පස් පුරවා අතින් අත හුවමාරු කර ගෙන යාම පෙරදිග මිනිසුන් අතර පවතින බැවින් ඒ අයුරින් ම ‘පිටක’ යන්නෙන් කිසියම් ධර්ම කොට්ටාසයක් එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක් වෙත පවරමින් ඉදිරියට ගෙන යාමක් අදහස් වේ. වින්ටර්නිට්ස් පඬිතුමාගේ අදහස

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප

ආත්මයේ කථාව: භාරතීය පිටපත

ලෝකයේ ආරම්භය කෙසේ සිදු වීද යන ගැටලුවට පුදුමයට මෙන් භාරතීයයන්ගෙන් අපට ලැබෙන පැරණිම පිළිතුර ස්වභාවවාදී පිළිතුරකි. එනම් මේ විශ්වයත් එහි ඇති සියල්ලත් ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවකි. මේ පිළිතුර කුමන කාලයකදී කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දේද යන්න හරියටම තහවුරු කර ගත නොහැක. එහෙත් පුද්ගලයෙකු වශයෙන් මෙම මතය දැරූ පැරණිම දාර්ශනිකයා නම් කපිලය. එකී කපිලට වාසස්ථානය වූ පුරවරයේ (කපිලවාස්තුවේ) හැදී වැඩුණ සිද්ධාර්ථයන්ට මුල සිටම බලපෑවේ මෙම කපිලගේ චින්තනයය. වරින් වර මතු වූ දේවවාදී විග්‍රහයනට විරුද්ධ වීමෙන් බුදු වූ සිද්ධාර්ථයන් මෙම ස්වභාවවාදී මතය පෙරදැරිව සිටි බව හැඟවේ. එහෙත් කපිලගේ ඉගැන්වීම් අද වන විට සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බැවින් කපිලයන්ගේ ඉගැන්වීම් මොනවාද සිද්ධාර්ථයන්ගේ ඉගැන්වීම් කෙතෙක් දුරට එයින් ඔබ්බට ගොස් ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැක. අපට නිශ්චිතව කිව හැකි දෙයක් නම්, ‘ගෞතම’ යනු සිද්ධාර්ථයන්ගේ පෙළපත් නාමය බව ථේරවාදීන් ගෙනෙන කථාව, බ්‍රාහ්මණමූලාශ්‍රයයන්ගෙන් තහවුරු නොවන බවත් අශ්වඝෝෂ හාමුදුරුවන් පවා එය නොපිළිගන්නා බවත් ය. ඔවුන් පෙන්වන පරිදි ගෝතමගේ පුතා වන්නේ කපිලය. ඒ අනුව ඔහු

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන