ආදරය හරි අමුතු දෙයක්.. ඒක හිත ඇතුළට රිංගන්නේ දඟකාර කිරිකැටියෙක් මවු දෙතන තුඩු අතර අත් ගසා හුරතල් වෙනවා වගේ. ඒක හිත ඇතුළේ පදිංචි වෙන්නේ දුරුත්තේ හීතලට ඇද වැටෙන බෝපතක් වැලිමළුව සිප ගන්නවා වගේ.. මේ පුදුම ආදරය කවදා කොයි වෙලේ පීදෙයි ද කා වෙනුවෙන් පීදෙයි ද කියා සිතා ගන්න බැරි බඩවැටියේ තලමල වගේ.. ආදරයටත් වඩා පුදුමයි ගැහැනු ළමයෙකුගේ හිත. මට හිතෙන්නෙම, ඇල කණ්ඩිය දිගේ පිපුණු කුමුදු මල් යායට පිනි ඉහළ ඒ මත්තෙන් සඳ එළිය කැටි ගැහුණ වගේ නේද ඒ හිත කියා. වරෙක ඒ හිත බලා ගෙන ඉන්නවා පහන් තරුව දෙස, වරෙක සඳවටොර දෙස, පුංචි සමනලුන් දෙස.. ඒ හැම තැනකටම ඒ හිත ලෝබ නැතිව දන් දෙන්න ඇය හරි ආසයි. නමුත් පිරිමි ළමයෙකුට ඒ හිත දෙන්න ඇය හරිම ලෝබයි.. නමුත් කවදා හරි දවසක, කොයියම් හෝ මොහොතක ඒ හිත දීලා ම දානවා ආයේ ඉල්ලන්නේ නැතිව ම ඉන්න.. අන්න එදාට ලස්සන කතාවක් ගොඩ නැඟෙනවා. ඒ කතාව ඇත්තටම හරිම ලස්සනයි.. ඇය ඒ කතාව තුළ හැමදා ජීවත් වෙනවා. නමුත් අහල පහල ඉන්න බොහෝ දෙනාට ඒ කතාව ලස්සන වෙන්නේ හිත දන් දුන්නේ කාට ද කියා දැන ගන්න ලැබුණාට පසුවයි.. බන්දුල නානායක්කාරවසම් එහෙම ලස්සන නැති කතාවක් අහිංසක ගැහැනු ළමයෙකුගේ හිතට මුවා වෙලා අප ...
The Writings of Liyana Rāla