ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...
The Writings of Liyana Rāla