මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි.
ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන බවයි. තවද, කිසිවිටෙකත් මෙය ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරුන්වහනසේලාගේ මතය බව පෙන්වා දීද නැත. මේ මතය වඩා නිවැරදි බව පෙනෙන්නේ භාරතයේ පහළ වූ අනෙක් බෞද්ධ සම්ප්රදායයන් ථේරවාදය යන්න ඒ අයුරින් වටහා ගෙන තිබුණු බව පෙනෙන නිසාය. අනෙක් අතට චීනය වැනි ඈත පෙරදිග රටක පවතින බුදුදහම අද දක්වාම විස්තර කරන්නේ ආනන්ද, කාශ්‍යප ආදි තෙරවරුන්ගේ සම්ප්රදායය ලෙසයට. මේ පරස්පර තත්වය වටහා ගත් නූතන විද්වත්හු ඉතා නිවැරදිව - බුද්ධඝෝස මතය අනුව යමින් - බුදුහාමුදුරුවන් දේශනා කළ බවට හඳුනා ගන්නා දේශන ‘මුල් බුදුසමය’ ලෙසත් පාලි අටුවා, ටීකා සහ සිංහල සන්න ආදියෙහි ඇතුළත් බුදුදහම ථේරවාදය ලෙසත් සලකති. මා ථේරවාදය ලෙස අදහස් කරන්නේද එයයි.
අනෙක් අතට, ථේරවාදය එක්තරා ගුරුකුලයක්, සම්ප්රදායයක් නියෝජනය කළද මහායානය යනු එබඳු ගුරුකුලයක් හෝ සම්ප්රදායයක් හෝ නොවෙයි. මහායානය යනු විවිධ සම්ප්රදායයන් ගොඩක එකතුවකි. මහායාන සූත්‍ර’යි සම්මත සූත්‍රවලද එක සමාන මතයක් උගන්වන්නේ නැත. උදාහරණයක් ලෙස සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයෙන් උගන්වන මහායානයත් ප්රඥාපාරමිතා සූත්‍රවලින් උගන්වන මහායානයත් දෙකකි. මහායානයේ ඇතුළට කිඳා බැස බැලූ විට එහි විචිත්රත්වය ඉතා විශාලය. ඇතැම් මහායානිකයන් රහත්බව පිළිගන්නේම නැති අතර තවත් මහායානිකයන් සියලු මාර්ගඵල පිළිගන්නා බව පෙනේ. ඇතැමෙක් බුදු වී මිස නිවන් දැකීමක් නැති බව පෙන්වන අතර තවකෙක් රහත් වී සංසාරගමන නතර කළ හැකි බව පෙන්වති. ඇතැමෙක් මේ දෙකම සත්‍යය බවද පෙන්වති. මේ නිසා කිසියම් පුද්ගලයෙකු තමා මහායානිකයෙකු බව හඳුන්වා දීමේදී ‘මොහු බුදුවීම පමණක් පිළිගන්න, රහත්බව පිළිගන්නේ නැති අයෙකි’ ආදි වශයෙන් විග්රහ කිරීම අතිශය වැරදි සහගතය.
මහායානය ආරම්භ වූයේ භාරතයේය. එහෙත් අද වන විට එය ජීවමානව පවතින්නේ චීනය, ජපානය, කොරියාව, මොංගෝලියාව, ටිබෙටය වැනි රටවලය. මේ නිසා මේ රටවල පවතින බුදුසමය දෙස බලා මහායානය යනු මෙබඳු එකකි’යි නිගමනයකට පැමිණීමට ඇතැමෙක් පෙලඹුණද එයද වැරදි සහගතය. එසේ වන්නේ කරුණු දෙකක් නිසාය. පළමුව, මා මුලදීද දැක්වූ පරිදි මහායානය එක් සම්ප්රදායයක් නොවන අතර භාරතයේ බිහිවූ සියලු මහායාන බෞද්ධ සම්ප්රදායයන් ඈත පෙරදිගට සංක්‍රමණය වූයේද නැත. සංක්‍රමණය වූ ඇතැම් බෞද්ධ සම්ප්රදායයන් ඒ ඒ රටවල පෝෂණය නොවී නොවැඩී ඒ කාලයේදීම නැතිවී ගොස්ද ඇත. මේ නිසා අද අපට පෙනෙන මහායාන බෞද්ධ සම්ප්රදායයන් එදා භාරතයේ තිබූ සියල්ලම නොවේ. දෙවැනිව, චීනය ආදි රටවලට ගිය බුදුදහම එම රටවල පැවති විශ්වාස සමග මිශ්‍රවීමද සිදුවී ඇත. චීනයේදී තාඕ සහ කොන්ෆියුසියස් යන දර්ශනය සමගත් ජපානයේදී ශින්තෝ ආගමික විශ්වාස සමගත් මිශ්‍ර වීම ප්‍රකටම උදාහරණ වේ. මේ රටවල් මුල් මහායානයම නිරූපණය කරන බව කිව නොහැකිය. මට අනුව, මහායානය යනු අද වන විට මිය ගොස් ඇති දහමකි. එය භාරතයේ ඉපදී භාරතයේම අතුරුදන් වී ඇත. අද අපට මහායානය සෙවිය හැක්කේ ඔවුන් ලියූ කෘති මඟින් පමණි.
තවද, මහායානය යනු එක් ආගමික සම්ප්රදායයක් නොවන්නා සේම නිකාය භේදයක්ද නොවේ. පසුගිය දශක දෙකක් පමණ කාලයකදී මහායානය ගැන ලෝකයේ තිබූ දැනුම අතිශයින් වෙනස් විය. ඒ පිළිබඳ තොරතුරු සෙවූ මට ඒ දිනවල හාර්වඩ්වල සිටි මා මිත්‍ර ජස්ටින් ෆයිෆීල්ඩ් සහ කියොතෝවල සිටි ඔහුගේ මිතුරෙකුගෙන් මට ලැබුණු සහයෝගය මා කෘතඥ පූර්වකව මෙහිදී සඳහන් කළ යුතුය. මෙම අලුත්ම දැනුමට අනුව එකම විහාරස්ථානයේ ථේරවාදී, මධ්‍යමක, විඥානවාදී හෝ සර්වාස්තිවාදී මත දැරූ තෙරුන්වහන්සේලා එකට වාසය කොට ඇත. ඔවුන් අතර දාර්ශනික සංවාද විවාද ආදිය ඇති වී ඇත. ථේරවාදය අපට කියන දෙවන සංගායනාව සහ සංඝභේදය හැරුණු කොට ඉතිහාසය අපට ඉදිරිපත් කරන වෙනත් විනය භේදයක් නැත. ථේරවාදීන් ගෙන එන මෙම දෙවන සංගායනාව පිළිබඳ තොරුතුරු පවා අද බොහෝ උගතුන් පිළිගන්නේ නැති බවද මම මෙහි සඳහන් කරනු කැමැත්තෙමි. එක් භික්ෂුවක් ථේරවාදයේ සිට මහායානයට යාම හෝ මහායානයේ සිට ථේරවාදයට යාම රාමඤ්ඤ නිකායෙන් ඉවත් වී සියම් නිකායේ මහණ වන්නාක් මෙන් කරුණක් නොවන්නේය. එම භික්ෂුව තමන්ගේ මහණ උපසම්පදාව ඒ අයුරින්ම පවත්වාගෙන හුදෙක් තමන් හිතන අයුරු පමණක් වෙනස් කර ගැනීමෙන් මෙය සිදුවේ. ඒ ඇයිද යත් මහායානය යනු අප හිතන විදිහේ වෙනසක් පමණි.
ථේරවාදයේ සහ මහායානයේ වෙනස ලෙස අද බොහෝ දෙනා පෙන්වන්නට උත්සාහ කරන බෝසත් සංකල්පය, බෝසත් වන්දනාව වැනි කරුණු ඇත්තෙන්ම මේ විෂය පිළිබඳ ඉතා සිල්ලර කාරණා වෙයි. මේ සියලු සංකල්ප අඩු වැඩි වශයෙන් සෑම සම්ප්රදායයකම පවතී. මතු බුදු වන බව සලකමින් නාථ දෙවියන් වැඳීම, පත්තිනි දේවිය වැඳීම වැනි දේ ථේරවාදයේ පෙනෙන බෝසත් වන්දනාවේම නෂ්ටාවශේෂ වේ. වර්තමානයේදී මේ කිසිවක් ථේරවාදය හෝ මහායානය වෙන් කර දැකීමේ කරුණු ලෙස නොසැලකේ. එසේ නම් මේ සංකල්ප දෙක වෙනස් වන්නේ කෙසේද?
මා මුලින්ම පෙන්වූ පරිදි මහායානය යනු හිතන ආකාරයකි. කල්පනා කරන ආකාරයකි. මේ නිසා ථේරවාදියා සහ මහායානිකයා වෙන් වන්නේ ඔවුනොවුන් හිතන, කල්පනා කරන ආකාරයෙන් මිසක වෙන කිසිවකින් නොවේ. මෙය ඉතා නිවැරදිව උදාහරණයකින් පෙන්වා දිය හැකිය. (මෙම උදාහණයට ‘ගැහැනිය’ යොදා ගැනීම නිසා යම් ගැහැනියකගේ හිත රිදේ නම් මම මුලින්ම සමාව ඉල්ලා සිටිමි).
මොහොතකට සිතන්න කිසියම් කාමරයක වෙනත් කිසිවෙකු නැති වේලාවක යම් පිරිමියෙකු ඉදිරියේ ඉතාම රූමත් නිරුවත් කතක් සිටින බව. ඉදින් මේ පිරිමියා මානසික රෝගියෙකු නොවේ නම්, ඔහුට එම නිරුවත් කත දැකීම නිසා රාගය හට ගනියි. යම් හෙයකින් මේ පිරිමියා සැබෑ ථේරවාදියෙකු ලෙස හික්මීම ලද අයෙකු නම් ඔහුට රාගය හට ගන්නේ නැත. එසේම එම පිරිමියා මහායානය තුළ මනා හික්මීමක් ලද අයෙකු නම් එවිටද ඔහු තුළ රාගය හට ගන්නේ නැත. බැලූ බැල්මටම ප්‍රතිඵලය එකකි. එහෙත් ථේරවාදියා සහ මහායානිකයා රාගය නැති කිරීමට සිදු කළ ක්‍රියාවලිය විමසා බැලුවහොත් එතැන ඇත්තේ සම්පූර්ණ වෙනස් ක්‍රියාවන් දෙකකි.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ සුබ නිමිත්ත අයෝනිශෝමනසිකාරයෙන් ගැනීම නිසා රාගය හට ගන්නා බවකි. ඉදින් ථේරවාදියාට සහ මහායානිකයාට රාගය හට නොගත්තේ නම් එයින් කිය වෙන්නේ ඔවුන් යෝනිශෝමනසිකාරයෙන් බැලූ බවකි. යෝනිය යනු යමක් උපදින, හට ගන්න ස්ථානයය. ‘යෝනිශඃ’ යනු ‘හට ගත් තැන පටන්’ යන අර්ථය දෙන පදයකි. ඒ අනුව, යමක් හට ගත් තැන පටන් මෙනෙහි කර බැලීම යෝනිශෝමනසිකාරය වේ. ථේරවාදියාගේ සහ මහායානිකයාගේ යෝනිශෝමනසිකාරය මෙබඳුය.
තමා ඉදිරියේ සිටින නිරුවත් කාන්තා රූපය දැකීමෙන් රාගය හට ගන්නා බව ථේරවාදියා කල්පනා කරයි. අනතුරුව එම කාන්තාරූපය පිළිබඳව හට ගත් ‘ලස්සන, රූමත්’ ආදි සියලු සංකල්පනා (ප්‍රපඤ්ච) එයට හේතු වූ බව ඔහු තේරුම් ගනී. මේ ලස්සන ආදි සංකල්පනා ඇත්තද? කොහෙද ඒවා තියෙන්නේ යනුවෙන් ඉන් පසුව ඔහු සිතයි. ලස්සන ඇත්තේ හිසේ ද? හිස ගලවා බලයි. ලස්සන ඇත්තේ අතපයවලද? ඒවාද ගලවා බලයි. ලස්සන ඇත්තේ ඇස්වලද? ඇස් උගුල්ලා බලයි. මෙලෙස එම ස්ත්‍රියගේ කිසිදු ශරීරාවයවක ලස්සන නැති බව ඒවා වෙන් වෙන්ව ගලවා බැලීමෙන් දැන ගනී. මෙයින්ද සෑහීමකට පත් විය නොහැකිනම්, ඇයගේ හමද ගලවා බලයි. දැන් ඇත්තේ මස් ගොඩක් සහ ලේ, මූත්‍රා ආදියෙන් ගැවසී ගත් ශරීරයකි. මස් ආදි සියල්ල ගලවා තබා ඇට සැකිල්ලද ගෙන බලයි. කෝ කොහෙද ලස්සන තියෙන්නේ? ඔහු තමාගෙන්ම ප්‍රශ්න කරයි. මෙයිනුත් නොනැවතී ඇතැම් විටෙක ඔහු මෙම ස්ත්රියව ස්ත්‍රීරූපය, හදයරූපය ආදි ලෙස සියුම් පරමාණු දක්වාම කඩා බලයි. අවසානයේදී ඔහුට ඉතිරි වන්නේ පෘථිවි, ආප්, තේජස්, වායු යන මහාභූතයන් පමණයි. මේ ආකාරයට තමා ඉදිරියේ සිටින රූමත් ස්ත්රියව විශ්ලේෂණය කරන ඔහුට ඇයගේ කිසිදු තැනක ලස්සනක් නැති බවත් ලස්සන හෝ රූමත් බව යනු මායාවක් බවත් වැටහෙයි. මේ තුළින් ඔහුගේ රාගය නැති වී යයි.
අදටත් ථේරවාදය උගන්වන එකම ක්‍රමය මෙයයි. මහායානිකයාගේ ක්‍රමය මෙයට වඩා වෙනස්ය.
තමා ඉදිරියේ ඇති ස්ත්‍රිය නිසා තමාට රාගයක් ඇති විය යනුවෙන් ඔහුද හඳුනා ගනී. ඉන් අනතුරුවය ‘මට රාගයක් ඇති විය’ යන කරුණ ඔහුගේ විමර්ශනයට ලක් වෙයි. මට කොහොමද රාගයක් ඇති වෙන්නේ? මට රාගයක් ඇති වෙන්න නම් ‘මම’ කියා අයෙකු සිටිය යුතු නොවේද? ‘මම’ කියා අයෙකු කොහෙද සිටින්නේ? යනාදි ලෙස ප්‍රශ්න කරමින් ඔහු තමාගේ අවබෝධය ප්‍රශ්න කරයි. මේ ප්‍රශ්න කිරීමේ සහ පිළිතුරු සෙවීමේ අවසාන ප්‍රතිඵලය ලෙස ඔහු ‘මම’ කියා අයෙකු නැති බවත් ‘මට’ කියා රාගයක් නැති බවත් තේරුම් ගනී.
ඇත්තටම මෙතන වුණේ කුමක්ද? ථේරවාදියා තමා ඉදිරියේ ඇති ගැහැනියව පතුරු ගහන අතර මහායානිකයා ගැහැනියට ඇයගේ පාඩුවේ ඉන්නට ඉඩ හැර තමාගේ මොළය පතුරු ගහන්නට පටන් ගනී. මේ ආකාරයට බාහිර අරමුණත් සමග ගැටෙන නිසා ථේරවාදියාට (සර්වාස්තිවාදියාට පවා) මහා අභිධර්ම සාහිත්‍යයක් ඇත. එහෙත් මහායානිකයාට ඇත්තේ මොළය කලඹන සූත්‍ර සමූහයක් පමණි. කෙසේ වෙතත් මේ ක්‍රම දෙකෙන්ම අවසානයේදී රාගය නැති වේ.
මුල් සූත්‍ර විමසා බැලුවහොත් මේ ක්‍රම දෙකම නිවැරදි බව කියන්නට අපට ඕනෑ තරම් සාධක හමු වේ. එම නිසා මේ ක්‍රම දෙකේ ගුණ අගුණ විමසා බැලීමට මම කිසි කලෙකත් ඉදිරිපත් නොවෙමි. ඒ පිළිබඳ තර්ක කිරීමට අකමැත්තෙමි. එසේම මා සමග එකඟ වෙන්න’යි මා කිසි කලෙකත් ඔබට නොකියමි. මේ ලිපිය අවසන් කිරීමේදී හුදෙක් මගේ පෞද්ගලික මතය පමණක් තබා මම නතර වෙමි.
මට දැනෙන පරිදි ථේරවාදියා කරන්නේත් කරවන්නේත් එක් සංකල්පයකින් බේරීමට වෙනත් සංකල්පයක් ඔළුවට එබීමකි. ලෝකයේ යම් ලස්සන දෙයක් වේ නම් එහි ලස්සන බැලීමෙන් රාගය ඇති වන නිසා ථේරවාදියා කරන්නේ ‘මෙතන ලස්සන නැහැ... මෙතන තියෙන්නේ කැතක් විතරයි’ යනුවෙන් හිතට බලෙන් ඇතුළත් කර, ඉදිරියේ පේන දේ විකෘති කර බැලීමට පෙලඹවීමකි. අසුභභාවනාව, මරණානුස්සතිය වැනි දේ තුළින් කරන්නේ එයය. මට මෙය පෙනෙන්නේ, ඇලීම ඇති කරන රාගය නැති කිරීමට ගැටීම ඇති කරන ‘පිළිකුළ’ බලෙන් එබීමක් ලෙසටය. එය එක් ක්ලේෂයක් නැති කර වෙනත් ක්ලේෂයක් පෝෂණය කිරීමකි. මහායානය මට උගන්වන්නේ වෙනත් දෙයකි. ථේරවාදයේ මෙන් සමථ භාවනා හතළිහක් මහායානයේ නැත. මහායානයට ඇත්තේ එකම ආනාපානසති භාවනාව පමණි. ආනාපානසති භාවනාව මඟින් මහායානය උගන්වන්නේ සිතේ ඇති එක් සිතුවිල්ලක් ඉවත් කිරීමට වෙනත් සිතුවිල්ලක් එබීම නොව, කිසිම සිතුවිල්ලක් ඔබන්නේ නැතිව සිතට හිතන්නේ නැතිව ඉන්න අවස්ථාව ලබා දීමය. සිත ස්වභාවයෙන් ප්‍රභාස්වර බවත් මිනිසාගේ කාමය සංකල්පීය බවත් වැටහෙන්නේ එවිටය. මට නම් ථේරවාදීක්රමය තුළ සියලු කෙලෙස් නැති වන බවක් පේන්නේ නැත. ඔවුන් විදර්ශනා වැඩීම යනුවෙන් අදහස් කරන්නේද මෙය අනිත්‍යයි, අරක අනිත්‍යයි යනුවෙන් ලෝකයේ අනිත්‍යය, කණගාටුව, අවලස්සන දකින අයෙකු බවට පුද්ගලයාව පත් කිරීමකි. මහායානිකයා විදර්ශනාව ලෙස දකින්නේ ‘කිසිවක් නොසිතා සිටීම’ය. සංසාරය සහ නිවන යනු දෙකක් නොව එකක් බව වැටහෙන්නේ එවිටය.

ඉතා හොඳ විවරණයක් ඉදිරිපත් කිරීම ගැන අපමණ පින් මෙන් ම, මෙතරම් ගැඹුරු පණිවිඩයක්, අතිශය සරල ලෙස ඉදිරිපත් කිරීම බෙහෙවින් අගයමි. මවිසින් සිංහලයට පෙරලා, නොබෝදිනෙකින් සරසවි ප්රකාශනයක් ලෙස එලි දකින්නට නියමිත "බුදුදහම, එක ගුරුවරයයි, සම්ප්රදාය ගණනාවක්" කියන අති පූජ්‍ය දළයි ලාමාගේ පොතේ දැක්වෙන්නෙ ථෙරවාදය යන යෙදුම මුලින් ම හමුවන්නේ පාලි දීපවංසයේ බව ය. මෙහි අවසන් පරිච්චේදය, කැමති නම් අති පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හාමුදුරුවන් වහන්සේගේ නිවනේ නිවීම පොත් ටික සමග සංසන්දනාත්මකව කියවා ගන්නේ නම්, එහි දැක්වෙන මට පෙනෙන පටලැවිලි විසඳෙනු ඇතැ'යි සිතමි. තෙරුවන් සරණයි.
ReplyDeleteථේරවාදය යන යෙදුම අපට ත්‍රිපිටකයේ පවා හමු වෙනවා. 'ඤාණවාදංච වදාමි, ථේරවාදංච වදාමි' යන අවස්ථාවේදී. එහෙත් එහිදී අප අද දකින තේරුමෙන් නෙවේ යෙදෙන්නේ. දීපවංසය සහ සමන්තපාසාදිකාව යන දෙකින් කුමක් මුලින් ලීවේද යන්න ගැටලුවක්. එහෙත් මා ස්ථිරව දන්නවා ථේරවාදය යන්නට පැරණිම අර්ථ විවරණය හමුවන්නේ සමන්තපාසාදිකාවේ.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔබ ගුරුවරයෙකු හෙයින් සරල පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි. සංකල්පීය වශයෙන් මහායානය හෝ තේරවාදය පිලිබද මා පැහැදිලි කිරීමට නොයමි.නිවන හෝ නිවීම යනු සංකල්පීය වශයෙන් අප බදුනකට (බදුනද සංකල්පයකි) යම් දෙයක් දැමුවායැයි සිතා ඉන්පසු එය තදින් වසා අවකාශයට ගොස් එය විවර කර මුදාහැරියා යැයි සිතීමයි.තවදුරටත් විස්තර කිරීම අනවශයයි බුද්ධිමතුන්ට තේරුම් ගතහැක.
ReplyDeleteතමා ඉදිරියේ ඇති ස්ත්‍රිය නිසා තමාට රාගයක් ඇති විය යනුවෙන් ඔහුද හඳුනා ගනී. ඉන් අනතුරුවය ‘මට රාගයක් ඇති විය’ යන කරුණ ඔහුගේ විමර්ශනයට ලක් වෙයි. මට කොහොමද රාගයක් ඇති වෙන්නේ? මට රාගයක් ඇති වෙන්න නම් ‘මම’ කියා අයෙකු සිටිය යුතු නොවේද? ‘මම’ කියා අයෙකු කොහෙද සිටින්නේ?
ReplyDeleteTherawaadaye raagaya nathi karana widiya liyapu widiyata Mahayanaye nathi karana widiya tikak madi. udaharana deka widiyata wenasa hoya ganna thamanwa pathuru gahana widiya dana ganna thawa wistharaathmakawa mahayaanaye wena de kiyanna puluwanda?
Thanks sir...
ReplyDeleteසරල පැහැදිලි කිරීමක්. ස්තුතියි.
ReplyDeleteගැබුරින් විමසා බැලුවොත් ඔබ කියනා දේ ද සත්‍යක් ඇත.
ReplyDelete+++++
ReplyDeleteඔබගේ පැහැදිලි කිරීම පිළිබඳ මධ්‍යස්ථව සිටිමි.හොඳක් නරකක් නොකියමි,එහෙත් යෝජනාවක් කරමි.ථේරවාදයේ ඇති.මරණානුස්සති.අසුභය,අනිත්‍ය,දුක්ඛ,අනත්ත සංඥා ගැන ටිකක් ගැඹුරින් සිතාබලා එයින් සිදුවන ප්‍රතිඵලය ගැන අවබෝධය ක් ඇතිකරගන්න උත්සාහවන්ත වන්න.තමාට සරල වන හැමදේම හරිමදේ නොවන අතර තමාට නොවැටහෙන හැමදේම වැරදි දේ නොවන නිසාය.මධ්‍යස්ථව සිට සිතන්න විවේකීව
ReplyDeleteපටිච්ඡ සමුප්පාදය ගැන විමසුමක් කරන්න එහි ඵලයට හේතුව විමසීමයි කරන්නෙ ථේරවාදයේ දහම වන්නෙත් එයයි.ඇතිවන හේතු දැකීම තුළින් මමත්වය ගොඩ ගැගෙයි.මෙය ගැඹුරුම අවස්ථාවන්ය.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete"බැලූ බැල්මටම ප්‍රතිඵලය එකකි. එහෙත් ථේරවාදියා සහ මහායානිකයා රාගය නැති කිරීමට සිදු කළ ක්‍රියාවලිය විමසා බැලුවහොත් එතැන ඇත්තේ සම්පූර්ණ වෙනස් ක්‍රියාවන් දෙකකි."
ReplyDeleteථේරවාදය කියා හෝ මහායානය කියා හෝ එසේත් නැතිනම් වෙනයම් හෝ නිකයක් කියා හෝ වන මේ සියලු බෙදීම් ඒ ඒ නිකාය මූලකව ගොඩ නගා ගත් දර්ශනයක් මත පදනම් වී තිබේ. යම් තැනක දර්ශනයක් නිර්මාණය වේ ද ඊට හේතු වන්නේ කැළම නොදන්නා අගෝචර යමකි. යමෙක් මතුපිටින් බලා මේ පිළිබඳ නිගමන ගැනීම බුද්ධිගෝචර ක්‍රියාවක් නොවේ.
සාහිත්‍යමය අධ්‍යයනය හා විමර්ශනාත්මක බුද්ධි ගවේෂණය වනාහී එකක් ම නොවේ. මෙය අපි සියලුම දෙනා තේරුම් ගත යුතු වන්නමෝ වෙමු. හුදෙක් බාහිර අර්ථය නොගෙන කර්මස්ථානයක් වැඩෙන ආකාරය තේරුම් ගැනීමට උත්සාහවත් නොකට කරන ප්‍රකාශයක් ලෙස ඉහත උපුටා දැක්වූව සැළකිය හැකි ය. ලියනරාළ දුටු ථේරවාදියා කාන්තාව පට්ට යන්නෙ වුව ද ථේරවාදියා යනු මේ පළමු සංඝායනාවෙන් ලත් ත්‍රිපිටකය (ලංකාවට පැමිණි තෙවන සංගායනාවේ ත්‍රිපිටකය) හා ඒ වටා නිර්මාණය වූ තදාශ්රිත ග්රන්ථ සතු දර්ශනය පදනම් වූවක් ලෙස ගන්නේ නම්,
ඔහු ලිය පට්ටගැසීමට යන්නේ නොවේ. ඔහු තම සිතෙහි ඇති වන සිතිවිල්ල හඳුනා ගන්නෙක් වේ.
භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රධානතම දේශනාව වන සතිපට්ඨාන දේශනාව වනාහී නිවන කරා යන අරිඅටමගයි. ඒ හැර අන් මගක් නිවන කෙරෙහි යොමු වීම අභව්‍යය ය. මෙය අප ශ්‍රද්ධාවෙන් අදහා ගන්නකි. ශ්‍රද්ධාව කිසි සේත් ම මහායාන ථේරවාද නිකාය භේදයෙන් වුව ද පලුදු වන්නක් නොවේ. ඒ ශස්තෲන් එකම නිසාවෙනි.
හොඳ අදහසක්..
DeleteDR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
ReplyDeleteමා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
*ගැබ් ගැනීමට අකුරු කරන්න.
* නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
*ඕනෑම ලෙඩක් සුව කරන්න.
* වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
* ධනය සඳහා මන්ත්‍ර කරන්න.
සහ වෙනත් අය.
dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
Whatsapp: +2349046229159