ලෝකයේ දිනෙන් දින බුදුසමය ගැන අධ්‍යයන සිදු වේ. මේ නිසා කාලයක් තිස්සේ පැවැත ආ ආකල්ප දැන් දැන් වෙනස් වෙමින් පවතී. නමුත් ලංකාව යනු තවමත් ආධ්‍යාපනික වශයෙන් නො දියුණු තත්වයක පසු වන පසුගාමී අධ්‍යාපනයක් ඇති රටකි. හැම විටම ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළ කල් ඉකුත් වූ දැනුම පමණක් ගෙන ඇවිත් පාසල් පද්ධතිය තුළත් දහම්පාසල් පද්ධතිය තුළත් ව්‍යාප්ත කිරීම අපේ අධ්‍යාපන බලධාරීන්ගේ අරමුණ වී ඇති බව පෙනේ. මේ තත්වය ක්‍රමයෙන් විද්‍යා හා තාක්ෂණ විෂයධාරාව තුළ වෙනස් වන බව පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. නමුත් ශාස්ත්‍රවිෂයධාරාව තුළ එහි වෙනසක් දකින්නට තබා එවැනි දියුණුවක් ඇති කරන්නට හිතන අයෙකුවත් නැති තරම්ය. ඔවුන් කරන්නේ හැකි තාක් දුරට ශාස්ත්‍රවිෂයධාරාව අගාධයට ඇද දැමීමය. අද ලංකාවේ සා/පෙ සිංහල කරන දරුවන්ට ලංකාවේ මුලින්ම සිව්පද ආරින් ලියවුණ පද්‍යකෘතිය ‘සඳකිඳුරු දා කව’ බව ඉගැන්වීම එයට හොඳ උදාහරණයකි. එයට හේතුව වී ඇත්තේ කුරුණෑගල යුගයේ සිටි සිංහල බෝධිවංශය ලියූ විල්ගම්මුල නායක හාමුදුරුවන් සහ මහනුවර යුගයේ සිටි එම පරපුරට අයත් භික්ෂුව, දෙදෙනෙකු නොව එක් අයෙකු බව පාසල් පොත් හැදූ බලධාරීන් සහ මහාචාර්යවරු සිතීමය. කුරුණෑගල යුගයේ...
The Writings of Liyana Rāla