‘දොරමඩලාව‘ කියන්නේ මේ රටේ පොදු ජනවිඥානය අවුල් කරන්න අතිශයින් දායක වුණු රූපවාහිනී වැඩසටහනක් බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මං එහෙම කියන්නේ කිසියම් විෂයක්ෂේත්‍රයක ප්‍රවීණයන් ගෙන්වාගෙන ඒ අයගේ ප්‍රවීණත්වයට අදාළ විෂය හරහා ප්‍රශ්න මතුකරමින් වැඩසටහන කරනවා වෙනුවට බොහෝවිට සිදුවන්නේ කුමන හෝ ක්ෂේත්‍රයක යමක් කමක් උගත් අය ගෙන්වා ගෙන මොනවා හෝ දෙයක් ගැන කතා කිරීම ඔවුන්ගේ පුරුද්ද වී ඇති නිසා. මේ නිසා, ඉතාම සාර්ථක ලෙස වැරදි වූ අභූත වූත් තොරතුරු සමාජගත කරමින් රටත් සමාජයත් විනාශ කරන්න ‘දොරමඩලාවට‘ ඇත්තේ අපූරු හැකියාවකි. අපගේ බුදුරජාණන්වහන්සේගේ නම වන ‘ගෞතම‘ (පාලියෙන් ලියන විට ගෝතම) යන්න විකෘති කරමින්, මැදගොඩ අභයතිස්ස, සුමනපාල ගල්මංගොඩ, අත්තනායක එම්. හේරත් වැනි අය සිදු කළ මහා වියවුලක් නිරවුල් කිරීමටයි මං මේ ලිපිය ලියන්නේ. මං අද මේ කියන්න සූදානම් වන ගැටලුව පාසල්, දහම්පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාලය මට්ටම දක්වා ඔඩු දුවා ඇති පිළිලයක් වන නිසා මා ඉදිරිපත් කරන නිවැරදි කිරීම වඩා සාර්ථකව සමාජය වෙත ගෙන යාමට ඔබ සැම උපකාරී කරන බව මම විශ්වාස කරමි. ඔවුන් පෙන්වා දී ඇති පරිදි, ගෞර් (හෙවත් පාලියෙන් ‘ගෝ‘) ය...
The Writings of Liyana Rāla