Skip to main content

Posts

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප...

ආත්මයේ කථාව: භාරතීය පිටපත

ලෝකයේ ආරම්භය කෙසේ සිදු වීද යන ගැටලුවට පුදුමයට මෙන් භාරතීයයන්ගෙන් අපට ලැබෙන පැරණිම පිළිතුර ස්වභාවවාදී පිළිතුරකි. එනම් මේ විශ්වයත් එහි ඇති සියල්ලත් ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ බවකි. මේ පිළිතුර කුමන කාලයකදී කවුරුන් විසින් ඉදිරිපත් කරන ලද්දේද යන්න හරියටම තහවුරු කර ගත නොහැක. එහෙත් පුද්ගලයෙකු වශයෙන් මෙම මතය දැරූ පැරණිම දාර්ශනිකයා නම් කපිලය. එකී කපිලට වාසස්ථානය වූ පුරවරයේ (කපිලවාස්තුවේ) හැදී වැඩුණ සිද්ධාර්ථයන්ට මුල සිටම බලපෑවේ මෙම කපිලගේ චින්තනයය. වරින් වර මතු වූ දේවවාදී විග්‍රහයනට විරුද්ධ වීමෙන් බුදු වූ සිද්ධාර්ථයන් මෙම ස්වභාවවාදී මතය පෙරදැරිව සිටි බව හැඟවේ. එහෙත් කපිලගේ ඉගැන්වීම් අද වන විට සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බැවින් කපිලයන්ගේ ඉගැන්වීම් මොනවාද සිද්ධාර්ථයන්ගේ ඉගැන්වීම් කෙතෙක් දුරට එයින් ඔබ්බට ගොස් ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැක. අපට නිශ්චිතව කිව හැකි දෙයක් නම්, ‘ගෞතම’ යනු සිද්ධාර්ථයන්ගේ පෙළපත් නාමය බව ථේරවාදීන් ගෙනෙන කථාව, බ්‍රාහ්මණමූලාශ්‍රයයන්ගෙන් තහවුරු නොවන බවත් අශ්වඝෝෂ හාමුදුරුවන් පවා එය නොපිළිගන්නා බවත් ය. ඔවුන් පෙන්වන පරිදි ගෝතමගේ පුතා වන්නේ කපිලය. ඒ අනුව ඔහු...

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

විවාහය - ගෝත්‍රවාදයෙන් ඔබ්බට

ලංකාව කියන දූපත ඇතුළේ සිංහල කතා කරන සමාජය තුළ විවාහය පිළිබඳ කුමක් කතා කළත් එය පිළුණු වුණු මාතෘකාවක්. ඇයි තාමත් විවාහයේදී කුලය බලන්නේ? කේන්දර ගළපන්නේ මොකටද? ආදරය කර විවාහ වීම හොඳද නැතිනම් යෝජිත විවාහ සාර්ථකද? සමලිංගික විවාහවලට අනුමැතිය දීම හොඳද? මේ ආදි වශයෙන් අනේකප්‍රකාර මාතෘකා ඕනෑ තරම් සයිබර් අවකාශයේ කතා කර ඇති. මේ මොහොතේත් කතා කෙරෙනවා ඇති. හැබැයි මේ මාතෘකා පිළුණු වුණත් නැවත නැවත කරළියට ගෙන ආ යුතුයි කියායි මා සිතන්නේ. ඇයිද යත්, අදටත් ග්‍රහයන්ට බයේ විවාහ නවත්වන, කුලයෙන් අඩුයි කියා විවාහ යෝජනා ප්‍රතික්ෂේප වන, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙන රටක් මෙය. මෑතකදී සිදු වුණු හදකම්පා කරන අත්දැකීම් කීපයක් නිසා මේ ‘විවාහය’ කියන මාතෘකාව නැවත ඇද ගන්න ඕනෑ කියන හැඟීම සෑහෙන කාලයක් මගේ හිතේ තිබුණා. මේ ලියන්නේ ඒ නිසා. මං ඇත්තටම අද කතා කරන්නේ, සිංහල කතා කරන ලාංකේය සමාජය තුළ, ‘විවාහ වන්නේ ඇයිද’ යන ප්‍රශ්නය ගැනයි.

ද්විකෝටිය සහ දෙ-ඇගයුම

බුදුදහම තර්කශාස්ත්‍රීය ලෙස ඉහළ තැනක ඇති බව පෙන්වීමට බොහෝ බෞද්ධ උගතුන්ද බෞද්ධ පසුබිමක් ඇති තර්කශාස්ත්‍රය උගන්වන, ඉගෙන ගන්නා අයද නිතර පවසන දෙයක් නම් බටහිර තර්කශාස්ත්‍රය ද්විකෝටිය මත පදනම් වී ඇති අතර බුදුදහම චතුෂ්කෝටිය මත පදනම් වී ඇති බවකි. ඔවුහු තවදුරටත් පෙන්වා දෙන්නේ මේ නිසා බුදුදහමේ එන ඉගැන්වීම් බටහිර තර්කශාස්ත්‍රීය විග්‍රයන්ගෙන් සනාථ කළ නොහැකි බවය. ඇතැමෙක් මෙයටම බුදුදහම ‘අතක්කාවචරය’ එනම් තර්කයට ගෝචර නොවේ යන සාම්ප්‍රදායික ථේරවාදී විග්‍රහයද ඈඳා ගනිති. බුදුදහමේ ‘අතක්කාවචර’ බව වෙනමම සාකච්ඡා කළ යුතු කරුණක් බැවින් එය මොහොතකට පසෙකින් තබමු. ඉහත කී ද්වීකෝටි, චතුෂ්කෝටි කතාව සම්පූර්ණ අසත්‍යයකි. තර්කශාස්ත්‍රය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නැති අයෙකුගේ ප්‍රකාශයකි. මේ නිසා මෙම අසත්‍යය තවදුරටත් විකාසය වීම වැළක්වීම පිණිස අදාළ සංකල්ප පිළිබඳ විමසීම පිණිස ලියමි.

ජීවිතය මේය'යි කියා දුන් ආච්චි අම්මා ඇයය

සිංහලෙන් හිතපු දෙමළෙන් කතා කරපු රෙද්දයි හැට්ටෙයි ඇඳපු ඇම්.ජී.ආර්ට පෙම් කරපු ආච්චි අම්මා ඇයය. යාපනයේදී මල්වර වී දෙමළ කොල්ලෙකුට බහදුන් වරදට සිංහල අයියා කොළඹට එක්කං ආ ආච්චි අම්මා ඇයය. මැරයෙකුට පෙම් කොට ගැබ්බර වී බොරැල්ලේ හැටේ වත්තට සෙට් වුණ කාසල් එකේ ටෙම්පරියක් කළ ආච්චි අම්මා ඇයය.

මධ්‍යමකසම්ප්‍රදායයට හැඳින්වීමක්

ව්‍ය.ව. 2වන සියව‍‍‍සේදී පමණ ජීවත් වූ නාගාර්ජුනපාදයන්‍‍ගේ චින්තනය පාදක කොට ගෙන බුදුදහම තුළ ඉස්මතු වූ දාර්ශනික ප්‍රවාහය මධ්‍යමකසම්ප්‍රදායය ලෙස හඳුන්වමු. මේ විෂය පිළිබඳව සිංහල කතාකරන ලෝකය දැනුම්වත් කිරීමට දායක වූ ප්‍රධාන ලේඛකයෝ දෙපළ නම් මොරටුවේ සාසනරතන හිමි සහ අසංග තිලකරත්නය. ඔවුන් දෙදෙනා මේ විෂය පිළිබඳ එකිනෙකට නොගැළපෙන අර්ථවිවරණ දෙකක් ඉදිරිපත් කරන නමුත් මැදිහත් තැනක සිට බැලුවහොත් ඔවුන් දෙදෙනාගේම ලේඛන මෙම විෂය පිළිබඳ ප්‍රමාණවත් කරුණු සාකච්ඡා කළ කෘති වෙයි. ඒසා පුළුල් කරුණු ගොනු කිරීමක් සිදු නොකර මේ විෂය ඉගැනීමට කැමැත්තක්, උනන්දුවක් දක්වන අයෙකුට මධ්‍යමකසම්ප්‍රදායය ගැන සරල මෙන්ම නිවැරදි හැඳින්වීමක් කිරීම පිණිස මෙය ලියැවේ. දැනටමත් මොරටුවේ හිමියන්ගේ සහ අසංග තිලකරත්නයන්ගේ කෘති කියවා ඇති ‍අයෙකු මේ හැඳින්වීම කියවති’යි නම් තවත් කරුණක් සිහිපත් කළ යුතුවේ. මොරටුවේ හිමියන් ඉදිරිපත් කර ඇති අර්ථවිවරණ, මට අනුව, සාවද්‍ය ලෙස ථේරවාදී ඉගැන්වීම් සමග මුසු කරන අතර ඔහුගේ විවරණය තුළ වේදාන්තදර්ශනයේ පෙනෙන මායාවාදයට සමාන ආකෘතියක් දිවයයි. මෙය මධ්‍යමකදර්ශනය ගැන වැරදි තැනක සිට බැලීමකි. අයෙකු තවමත් මධ්‍යමකදර්ශනය මාය...