Skip to main content

Posts

Showing posts from January, 2015

සිංහල යනු කවුද කුමක් ද? - ජාතික චින්තනය 2

ජාතික චින්තනය 1 ලිපියෙන් ජාතිකවාදය ගොඩ නැඟෙන්නේ සම්මුතිජාතිය පදනම් කර ගෙන බව අප කතා කළා. එහිදී අප තව දුරටත් කතා කළා සිංහල කියන්නේ සම්මුතිජාතියක් කියලා. දැන් අපි කතා කරමු මේ සිංහල කියන සම්මුතිජාතියේ ස්වභාවය මොකද්ද කියලා. ප්‍රශ්නය: මුලින්ම අහන්න ඕනේ සිංහල, සිංහළ, සිහළ, හෙළ යන මේවායින් කියන්නේ එකද්ද නැත්නම් කීපයක් ද? පිළිතුර: ඔය අතරින් හෙළ කියන පදය අපේ පැරණි මුතුන් මිත්තන්ව හැඳින්වීමට යොදනවා. අනෙක් පද සමාන අර්ථ ලෙස තමා භාවිත වෙන්නේ. ප්‍ර: මොකද්ද සිංහල කියන එකේ තේරුම? පි: දැන් අපට මහා වංශය කියනවා නේ ‘සීහං ලූනාතීති සීහලෝ’ කියලා. ඒ කියන්නේ සිංහයෙක්ව මැරුව නිසා සිංහල වෙනවා කියලා. නමුත් මේ කතාව මහානාම හාමුදුරුවන් ඔය විජයගේ කතාව කියන්න ඕන නිසා ගොතපු එකක්. ‘සිංහයෙක්’ මැරුව නිසා සිංහල වෙනවා නම් ‘දේවල’ කියන්නේ දෙවිකෙනෙක් මැරුව කෙනාට වෙන්න ඕනැ. අනෙක ‘ල’ කියන්නේ මැරුවා කියන අර්ථයටම නෙවේ. පරාජය කළා කියන අර්ථයත් ඒක ඇතුළේ තියෙනවා. රාහුල කියන්නේ රාහුව පරාජය කළා කියන තේරුමට. ඒ අනුව රාහුල කියන පදය ‘සඳ’ යන්නට සමාන වචනයක් වෙනවා. මං හිතනවා, කුමාරතුංග මුනිදාස මහත්තයා කියන සිවු හෙළයන් එකතු වී සී හ

මෙත්තාගමනයේ පසුවිපරම

අපි දන්න දේවල් ගැන කතා කරමු. තිරයෙන් පිටුපස වුණ දේවල්, ගොසිප් අඩවිවලින් අහුලා ගත්තු දේවල් කතා නොකර අපේ ඇස් දෙකෙන් දැක්ක කන් දෙකෙන් අහපු දේවල් ගැන කතා කරමු. බොබසේ පිටිපස්සේ හිටියේ ගෝඨාභය ද? අපි දන්නේ නැහැනේ. බොබසේ කළේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ද? අපි දන්නේ නැහැනේ. හෙළ උරුමය කළේ රට පාවා දීමක් ද? අපි කොහොමද හරියටම කියන්නේ. මේ නිසා අපි දන්න අපට තහවුරු කර ගත හැකි දේවල් අපි කතා කරමු. 01. මහින්දව එළවා දැමීමේ සාර්ථක වෙඩිමුරය පත්තු කළේ බොබසේ. තිස්වසරක ත්‍රස්තවාදී අරගලය හෝ යුද්ධය නිමා කළ හිටපු ජනාධිපති මහින්ද මහත්තයා මේ රටේ මිනිසුන් බහුතරයකට රජකු වාගේ දැනුණා. සැලකුවෙත් කතා කළේත් ගරු බුහුමන් දැක්වූයේත් ඒ වගේ. මහින්ද මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාටත් ටික කලකින් එම හැඟීම ඇතුළු වුණා. මෙහෙම හිටපු රජතුමාව වසර දහයක් යන තැන එපා වුණේ කොහොම ද? කොටි ත්‍රස්තවාදයෙන් අනතුරුව මේ රටේ ඇති විය හැකි ප්‍රධානම උවදුර ලෙස මුස්ලිම් ජාතිවාදය ඇවිස්සී ඇති බව රටට ම ඒත්තු ගැන්වූයේ බොබසේනාවයි. එය රට පුරා පිළිකාවක් මෙන් පැතිරී යන බවත් ඔවුන් බෞද්ධ උරුමය විනාශ කරමින් මේ රට ‘සපරිස්ථානයක්’ කරන්න යන බව ජනතාවට ඒත්තු ගැන්වූය