Skip to main content

ඊනියා යන පදයේ භාවිතය - අරුත් පහදුව 1


සිංහලෙන් මූණු පොතේ සහ බ්ලොග් ලියන මගේ හිතවතුන් වෙනුවෙන් මම අලුත් වැඩක් ආරම්භ කරන්න සිතුවෙමි. නිතර අපට හමුවන සිංහලභාෂාමය වැරදි නිවැරදි කර ගන්න සරල පිටිවහලක් සැපයීම එම කාර්‍ය්‍යයි. ව්‍යාකරණය, අක්ෂරවින්‍යාසය පමණක් නොවේ විවිධ භාෂාශෛලීන් සහ සම්ප්‍රදායයන් ගැනත් මෙහිදී කතා කරන්නට මම අපේක්ෂා කරමි. ඉදින් ඔබට හමුවන එවැනි ගැටලු වෙතොත් කරුණාකර එය මට දන්වා එවන්න. මම ඒවා එකතු කර මෙවැනි අරුත් පහදුව සටහනකින් එය පැහැදිලි කරමි. මෙය එම ලිපි පෙළේ පළමු වැන්නය.

ඊනියා යන පදය ඔබ සැම අසා ඇති යැයි සිතමි. නමුත් බොහෝ අයෙකු මෙහි අර්ථය නිවැරදිව දැන භාවිත කරන බවක් නොපෙනේ. ඊනියා සමාජවාදය, ඊනියා කාන්තා නිදහස වැනි යෙදුම්වලදී මෙය භාවිත වන්නේ 'අන්තවාදී' හෝ 'ආදානග්‍රාහී' වැනි අර්ථයකිනි. තවත් සමහරුන් එය 'ඉහත දක්වන ලද', 'එසේ කියන ලද' වැනි අර්ථවලිනුත් එය භාවිත කරන බව පසුව මට දැන ගන්නට ලැබුණි. නමුත් එවැනි අර්ථය මේ පදයේ නැත. ඊනියා මෙන්ම මීනියා යන පදයත් විද්‍යාචක්‍රවර්තී විසින් බුත්සරණ ලිවීමේදී යොදා පද දෙකකි. ඊනියා යන්නෙහි අර්ථය 'එම න්‍යාය' යන්නයි මීනියා යනු 'මෙම න්‍යාය' යන්නයි. න්‍යාය යන පදය මෙහි යෙදෙන්නේ ආකාරය යන තේරුම ලබා දීමට. ඒ අනුව, ඊනියා යන පදය 'එබඳු' 'එම ආකාරය' යන්නටත් මීනියා යන්න 'මෙබඳු' 'මෙම ආකාරය' යන්නටත් හුවමාරු කළ හැකි යෙදුමකි. ඉදින් 'ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඊනියා කතිකාවක් ගොඩනඟන්න එපා' කියා කියත් නම් ඔය කියන්නේ මොන 'නියා' (මොන ආකාරයේ) කතිකාවක් ද කියා පෙරළා ප්‍රශ්න කළ යුතු වේ.

යම් විස්තරයක් සිදු කර ඉන් අනතුරු 'ඊනියා බුදුගුණ' කියා යොදනවා නම් හිතන්න, එහි අර්ථය කුමක් විය යුතු ද කියා. 'එබඳු' ස්වරූපයන්ගෙන් යුතු බුදුගුණ යන්නයි එහි අර්ථය. අද බොහෝ අය උපකල්පනය කරන අයුරින් එහි නිශේධාත්මක අර්ථයකුත් නැති බව මෙයින් වැටහී යා යුතුයි.


තවත් ගැටලුවක් ඇත. මෙය පද දෙකක් ද එකක් ද යන්නයි. ඇතැම් අයෙකු 'ඊ නියා' යනුවෙන් තවත් අයෙකු 'ඊනියා' යනුවෙන් ද ලියන බව පෙනේ. ඇත්තටම පද බෙදීම ගැන ලංකාවේ නිශ්චිත සම්මතයක් නැත. නමුත් මා හිතන්නේ මුල් පදයේ ප්‍රකෘති ස්වරූපය ක්ෂීණ වන අවස්ථාවක එය තනි පදයක් ලෙස ලිවිය යුතු බවයි. උදාහරණයක් ලෙස 'මෙය ළඟට' යන පදයේ මෙය යන්න 'මී' ලෙස ක්ෂය කර යොදයි. එවිට එය 'මීළඟ' යනුවෙන් එක් කොට ලියයි. මෙලෙසම 'එය ළඟට' යන පදයේ ද 'එය' යන්න ක්ෂය කළ විට 'ඊළඟට' කියා ලියයි. මේ ආකාරයෙන් ම 'මීනියා', සහ 'ඊනියා' යන පදත් තනිපදයක් ලෙස ලිවීම නිවැරදි බව මගේ හැඟීමයි.

Comments

  1. හොඳ පැහැදිලි කිරීමක් පදයේ අර්ථය පැහැදිලි කරගැනීමට හැකියාව ලැබුණා

    ReplyDelete
  2. හොඳ අරුත් පහදුවක්!

    ReplyDelete
  3. පැහැදිලි කිරීමට ස්තූතියි.

    ReplyDelete
  4. DR DAWN නම් පෙම්වතා පැය 48ක් ඇතුළත බොහෝ දෙනෙකුට තම හිටපු පෙම්වතුන් ගෙන්වා ගැනීමට උදව් කර ඇති ආකාරය පිළිබඳ සාක්ෂි කිහිපයක් මම කියෙව්වා, එය සැබෑවක්ද, මේ මිනිසාට මගේ පෙම්වතා නැවත ගෙන්වා ගැනීමට ඇත්තටම උදව් කළ හැකිද කියා මම සිතමින් සිටියෙමි. මම ගොඩක් ආදරෙයි. මම මගේ පෙම්වතාට බෙහෙවින් ආදරය කරන නිසාත්, අපි මාස කිහිපයක් වෙන්ව සිටින නිසාත් මම ඔහුව සම්බන්ධ කර ගැනීමට තීරණය කළෙමි. ඇත්තටම මට එයාව ගොඩක් මගහැරුණා, මම එයාව ආපහු ගන්න අනිත් හැම ක්‍රමයක්ම උත්සාහ කළා ඒත් බැරි වුණා. මම DR DAWN හා සම්බන්ධ වූ අතර ඔහු මට පැවසුවේ මගේ හිටපු හිටපු අය ඉදිරි පැය 48 තුළ නැවත මා වෙත පැමිණෙන බවයි.
    මා පුදුමයට පත් කරමින් මගේ හිටපු පෙම්වතා හරියටම පැය 48 කින් ආපසු පැමිණියේය, වෛද්‍ය DAWN ට ස්තූතියි,
    ඔහුට ඔබට උදව් කිරීමටද හැකිය
    *ගැබ් ගැනීමට අකුරු කරන්න.
    * නැවත එක්වීමට අක්ෂර වින්‍යාසය.
    *ඕනෑම ලෙඩක් සුව කරන්න.
    * වාසනාව සඳහා අක්ෂර වින්‍යාසය.
    * ධනය සඳහා මන්ත්‍ර කරන්න.
    සහ වෙනත් අය.
    dawnacuna314@gmail.com හරහා ඔහුව සම්බන්ධ කරගන්න
    Whatsapp: +2349046229159

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ...

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...