Skip to main content

දාර්ශනිකයා සහ පිස්සා

දාර්ශනිකයා සහ පිස්සා අතර ඇත්තේ කෙස් ගහකටත් වඩා පොඩි වෙනසකි. මේ නිසා අප සමාජයේ සිටින දාර්ශනිකයන් (විශේෂයෙන් ම මූණුපොතේ) පිස්සන්ගෙන් වෙන් කර හදුනා ගැනීම අපහසු බව මගේ වැටහීම විය. නමුත් මෑතකදී මා කළ අධ්‍යයනයකට අනුව දාර්ශනිකයකු සහ පිස්සකු අතර කැපී පෙනෙන වෙනස්කම් කීපයක් ද ඇති බව අනාවරණය විය. මේ සටහන ඒ වෙනස්කම් ගැනය.

01. දාර්ශනිකයා තමා සියල්ල දන්නා අයෙක් යැයි නොසිතයි. පිස්සා එසේ සිතයි.

02. දාර්ශනිකයා තමාගේ අතින් වරදක් වූ විට එය හදුනාගෙන හෝ වෙනකෙනෙක් පෙන්වා දුන් පසු පිළිගෙන නිවැරදි කර ගනී. පිස්සා තමාගේ වරද සාධාරණීකරණය කරයි.

03. දාර්ශනිකයා අනුන්ගේ දැනුම අගයයි. පිස්සා අනුන්ගේ දැනුමට ගරහයි.

04. දාර්ශනිකයා මුලින් ඉගෙනගනියි, පසුව සිතයි. පිස්සා මුලින් සිතයි, පසුව තමාගේ සිතුවිලිවලට ගැලපෙන පොත් ටිකක් හොයාගෙන කියවයි.

05. දාර්ශනිකයා හා පිස්සා අතර ඇති ලොකුම වෙනස නම් දාර්ශනිකයාට ඥානවිභාගයක් ඇත. එනම් තමා දැනුම ලබා ගත්තේ කෙසේ දැයි තමාම විමසා බලන අතර වෙන කෙනෙකු ඒ ගැන විමසූ විට නිවැරදිව පැහැදිලි කර දෙයි. තමා දැනුම ලබා ගත් අයුරින් වෙන අයෙකුටත් එම දැනුමම ලබා ගත හැකි බව ඔහු පිළිගනියි. පිස්සාට ඥානවිභාගයක් නැත. ඔහු තමාගේ දැනුමට සමානව හෝ එයට වඩා ඉහළට වෙනකෙනෙක් නැගී සිටිනවාට අකමැතිය.

මූණුපොතේ හෝ වෙවා මඟතොටේ, පාසලේ, සරසවියේ, බස්රියේ, ආපනශාලාවේ හෝ වෙනත් ඕනෑම තැනක හෝ වේවා අපට හමුවී 'පොරටෝක්ස්' දාන අය දාර්ශනිකයන් ද පිස්සන් ද යන්න නිවැරදිව හඳුනා ගන්න. ඉදින් ඔහු / ඇය පිස්සෙක් බව වැටහුණහොත් නිහඩව තමාගේ මිත්‍රත්වය ඉවත් කර ගන්න. ඒය තමාගේ ජීවිතය වෙනුවන් කරන අනාගත ආයෝජනයකි.

Comments

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ

පාසල්වියේ අධ්‍යාපනය සහ ආදරය - පළමු කොටස

මුලින්ම මේ ලිපිපෙළ ලිවීමේ අරමුණ පැහැදිලි කරන්නම්. ඔබ වැඩිහිටියන්ගෙන් ඇහුවොත් පාසල් යන කාලයේ ආදර සම්බන්ධතා පවත්වාගෙන යාම ‘හොඳද‍’ කියා ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් අදටත් කියන්නේ ‘ඒක හොඳ නෑ. ඉස්කෝලේ යන කාලේ ඕව කරන්න ගිහිං ඉගෙනීම කඩාකප්පල් කර ගන්නවා’ වැනි පිළිතුරකි. එය එසේ වුවද අදටත් පාසල් යන බොහෝ දූවරු සහ පුත්තු ප්‍රේම සම්බන්ධතා ඇති කර ගෙන සිටිති. දෙමාපියන් වාරණ යොදන විට රහසින් හෝ සිදු කරති. අවසානයේදී ඔවුන් දෙදෙනා අතර සිදු වන කිසියම් හිත් අමනාපයක් නිසා, දෙමාපියන් මැදිහත් වීමෙන් සිදු කරන බාධාවක් නිසා, එහෙමත් නැතිනම් වෙනත් වැරදි අවබෝධයක් නිසා ඔවුහු තමන්ගේ මුළු මහත් ජීවිතයම අවුල් කර ගනිති. අදටත් අපට එහෙන් මෙහෙන් වගේ පාසල් යන දරුවන් පාසල් දිවිය අතරමඟ නවතා යුග දිවියක් ආරම්භ කරන්නට පෙළඹුණු කතා අසන්නට ලැබේ. මේ තත්වය යටතේ පාසල්වියේ ඇති වන ආදර සම්බන්ධතා සහ ඒවා තිබියදී අධ්‍යාපනය කඩ නොවී පවත්වාගෙන යන්නේ කෙසේද වැනි කරුණු ගැන කතා කිරීම තවදුරටත් තහනම් මාතෘකාවක් නොවිය යුතු බව මගේ විශ්වාසයයි. මේ නිසා මේ පිළිබඳව තාත්තා කෙනෙකු, වැඩිහිටියෙකු සහ ගුරුවරයෙකු වශයෙන් මා දකින්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම මෙම ලිප