Skip to main content

ප්‍රශ්න ඇසිය යුතු ආකාරය හා බුදුහාමුදුරුවන් පිළිතුරු දෙන ආකාරය

මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත වේ. මින් පළමු කොටස අප යමෙකුගෙන් ප්‍රශ්නයක් අසන විට එය ඇසිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි කරයි. දෙවැන්න නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කළ විට ඒවාට පිළිතුරු දීමේදී අනුගමනය කළ පියවර පිළිබඳ පෙන්වා දෙයි.

01. ප්‍රශ්න ඇසිය යුතු ආකරය

මෙහිදී කරුණු දෙකක් ගැන අපගේ අවධානය යොමු විය යුතු ය.

1. ප්‍රශ්න ඇසීමට පෙර අප ප්‍රශ්න අහන්නේ කුමක් ගැන දැයි දැන සිටිය යුතුය.

එසේ නොමැති නම් අප අසන ප්‍රශ්න එකී විෂයට අදාළ නොවන්න පුළුවනි. බැලු බැල්මටම අදාළයි වගේ පෙනෙන කරුණු එම විෂය ගැඹුරින් විමසා බැලීමේදී අදාළ නැති බව වැටහී යා හැක.

2. අප අසන ප්‍රශ්නය ඉතිහාසයේ මීට පෙර කිසිවෙකු විසින් අසා තියෙන ප්‍රශ්නයක් ද එසේ නම් ඉතිහාසය තුළ එයට දී ඇති පිළිතුරු මොනවාද යන්න සොයා බලා දත යුතුය.


ඉදින් තමාට මතු වූ ප්‍රශ්නය ඉතිහාසයේ මීට පෙරත් මතු වූ ප්‍රශ්නයක් නම් එයට දැනටමත් සාර්ථක පිළිතුරු ලබා දී තිබේ නම්, එවැනි ප්‍රශ්න නැවත නැවත කරළියට ගෙන ඒම නිසා සිදු වන්නේ මානව බුද්ධිය එක තැන පල් වීමක් පමණි.

තමන්ට මතු වූ ප්‍රශ්නය එම විෂය සම්බන්ධයෙන් සැබෑවටම අදාළ ප්‍රශ්නයක් නම් සහ එයට ඉතිහාසය පුරාවට කිසිදු සාධාරණ පිළිතුරක් ලැබී නැත්නම්, එකී ප්‍රශ්නය අනිවාර්යයෙන් ම මතු කළ යුතුමය.

හැදෑරීමට ඇති නොහැකියාව, පොත්පත් කියවන්නට ඇති කම්මැලි කම, ඉගෙන ගන්න වුවමනාවක් නැති කම වැනි පෞද්ගලික දුබලතා වසා ගැනීමේ උපායක් ලෙස නොයෙකුත් ප්‍රශ්න මතු කරන්නන් ඇත්තටම කරන්නේ අනෙකාට ඇණයක් වීම පමණි. එවැනි තත්තවයන් තේරුම් නොගෙන එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට වෙර දරන විද්‍යාර්ථියෙකු සිදු කරන්නේ සැබෑවමට තමාට තව හොද පොතක් කියවන්නට තියෙන කාලය විනාශ කර ගැනීමකි.

අපි ‍හැමෝම හොද අධ්‍යයනයකින් පමණක් කටයුතු කරන්නේ වේ නම් අපේත් අනෙකාගේ කාලය විනාශ නොකර මානව ප්‍රජාව ඉදිරියට ගෙන යාමට සක්‍රීයව දායක විය හැක.

සෑබෑවටම දැන ගැනීම උදෙසා හිතවත් කමට යමක් අහගෙන ඉගෙන ගැනීම මෙයට අදාළ නොවේ. නමුත් ඇත්තටම ඉගෙන ගැනීමට කැමති කෙනා ප්‍රශ්න කළ යුත්තේ 'x' යනු කුමක් ද කියා නොව, 'x' කුමක් ද කියා මා ඉගෙන ගන්නේ කෙසේ ද යනුවෙනුයි

2. බුදුරජාණන් වහන්‍ෙසේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය

යම් ප්‍රශ්නයක් බුදුහාමුදුරුවන් ඉදිරියට පැමිණි විට උන්වහන්සේ මුලින්ම කරන්නේ එම ප්‍රශ්නය විශ්ලේෂණය කිරීමයි. එය මෙසේය.

(1).................................... ප්‍රශ්නය
............................................|
................... -------------------------------------
................... |............................................|
.................ඒකංස ...................................අනේකංස
..................................................................|
.............................................----------------------------------------
.............................................|..............................................|
(2)......................................විභජ්ජ.......................................ඨපනීය
.............................................|
(3)....................................පටිපුච්ඡ


(1) පළමු පියවරේදී එය එකවර පිළිතුරු දිය හැකි (ඒකංස) ප්‍රශ්නයක් ද නැති නම් පුළුල් විග්‍රහයකින් පසුව (අනේකංස) පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් ද කියා විමසා බැලේ. එය එකවර පිළිතුරු දිය හැකි නම්, ඇත, නැත යනාදි ලෙස පිළිතුරු ලබා දේ. නැතහොත් අනේකංස ප්‍රශ්නයක් නම් දෙවන පියවරට යයි.

(2) මෙහිදී ප්‍රශ්නය කොටස්වලට වෙන් කර වෙන වෙනම පිළිතුරු දිය ප්‍රශ්නයක් ද නැති නම් උත්තර නොදී ඉවත් කළ යුතු ප්‍රශ්නයක් ද කියා සලකා බැලේ.

උත්තර නොදී නිහඬව සිටීමත් පිළිතුරු දීමේ ක්‍රමයක් ලෙස උන්වහන්සේම පෙන්වා දී ඇත. මෙයට සැබැවින්ම හේතුව වන්නේ ප්‍රශ්නය ඇසීමේදී පිළිතුර ගැන යම් අපේක්ෂාවක් ඇති නිසාය. උදා. ලෙස 'යේසුස් වහන්සේගේ දරුවා කළුපාට ද?' කියා ප්‍රශ්නයක් ඇසුවොත් එයට ඔවු කිව්වත් නැහැ කිව්වත් අප වක්‍රව පිළිගන්නවා යේසුස් වහන්සේට දරුවෙකු සිටි බවට. නමුත් ඇත්තටම ඔහුට දරුවෙකු නැත්නම් අප කිව යුත්තේ 'මේ ප්‍රශ්නය යේසුස් වහන්සේට අදාළ නැහැ, මොකද උන්වහන්සේ විවාහ වුණේ නැහැ' කියලා කියන එක. එහෙම කියද්දීත් ප්‍රශ්න අහපු කෙනා පෙරළා කියනවා නම් 'අනේ පල යන්ඩ, උන්වහන්සේ මරිය මද්දලේනා එක්ක සමබන්ධයක් තිබ්බා, අර ඩාවින්සි කෝඩ් එකෙත් කියන්නේ" කියලා එතකොට අපට කියන්න තියෙන්නේ 'අනේ ගිහි...**** ගනිං කියලා'. නමුත් බුදුහාමුදුරුවන් අපට වඩා ශිෂ්ට සම්පන්න දාර්ශනිකයෙකු නිසා උන්වහන්සේ කරන්නේ මේ වගේ ප්‍රශ්න අහන ලපටියන්ට උත්තර නොදී නිහඬව සිටීමයි. ඒනිසයි උන්වහන්සේ කියන්නේ නිහඬ වීම පිළිතුරු දීමක් බව.

(3) ඊළඟ පියවර එන්නේ ප්‍රශ්නය බෙදා වෙන් කර පිළිතුරු දිය යුතු බව වටහා ගත් විට. එහිදී එම ප්‍රශ්නයේ සෑම කොටසකටම පිළිතුරු දීම කළ හැකි නම් එසේ කළ යුතුයි. නමුත් අප පිළිතුරු දිය යුත්තේ එහි කොටසක් වෙත පමණක් නම් ඒ බව තහවුරු කර ගැනීම පිණිස ප්‍රශ්න කරන්නාව පෙරළා ප්‍රශ්න කළ යුතු වෙයි (පටිපුච්ඡ). එහි දී ලැබෙන පිළිතුර අනුව ඉදිරි පිළිතුරු දීම සාර්ථක වෙයි.

Comments

  1. ඇත්තටම සර් මම දන්නෙ නෑ මේක අහන එක හරිද වැරදිද කියල නම් යේසුස් තුමාට එහෙම සම්බන්දයක් තිබුනද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ථේරවාදියා හා මහායානිකයා වෙන් වන තැන

මහායානය ගැන ලියන සෑම වාරයකදීම මා මුහුණ දෙන එක්තරා අවාසනාවන්ත අත්දැකීමක් වෙයි. එනම් මගේ ලිපි කියවන පාඨකයාගේ මනසේ දැනටමත් මහායානය සහ ථේරවාදය ගැන පැලපදිංචි වූ චිත්‍රයක් තිබීමත් ඒ චිත්‍රයට අනුව මා ලියන දේ තේරුම් ගැනීමට යාමත්ය. මේ නිසා මාත් මගේ පාඨකයාත් අතර බැම්මක් බිහිවී ඇත. එය බිඳ දැමීම පිණිස මෙය ලියන්නට සිතීමි. ඉතින් මේ ලිපිය කියවන ඔබ, කරුණාකර ඔබේ භාජනය හිස් කර ගන්න. ඔබ උගත් සහ ඔබ දැනට සිතා සිටින මත මොහොතකට පසෙකින් තියන්න. මෙම ලිපිය සාර්ථකව කියවා තේරුම් ගැනීමට ඔබට එය මහත් උපකාරයක් වේවි. ථේරවාදය යන පදය අද බොහෝ විට භාවිත වන්නේ පාලියෙන් ලියා ඇති බුදුසමය හැඳින්වෙන පදයක් ලෙසටය. මේ අවබෝධය සම්පූර්ණයෙන්ම වැරදිය. ථේරවාදිය ගැන ලියූ ටීකාචාර්යයන්වහන්සේ ථේරවාදය යනු ආනන්ද, කාශ්‍යප ආදි මහතෙරවරුන් මතක තබා ගෙන පැමිණි දහම බව පෙන්වා දී ඇත. මෙම අර්ථකථනය මෙරට මිනිසුන්ට හඳුන්වා දෙන්නේ පොලොන්නරු යුගයෙන් පසුවය. අප අනුරාධපුරය දක්වා ගොස් විමසා බැලුවහොත් බුද්ධඝෝස හාමුදුරුවන් ඇතුළු මුල් කල යතිවරුන් පෙන්වා දී ඇත්තේ ථේරවාදය යනු බුද්ධවචනය මහතෙරුන්වහන්සේලා 'තේරුම් කළ අයුරු’ මිස ‘මතක තබා ගෙන පැමිණි’ අයුරු නොවන ...

නිවැරදිව හිතන්න කියා දෙන තර්කශාස්ත්‍රය

අපි හිතමු. අපි හිතන සත්වයෝ වෙමු. භාෂාව උගත්දා සිටම අපි හිතමු. හිතීම යනුවෙන් ඇත්තටම අප කරන්නේ තනිවම කතා කිරීමකි. අප කතා කරන්නේ අපට අපේ පංචෙන්ද්‍රියයන්ගෙන් ලැබුණු අරමුණු ගැනය. අප එහෙම කතා කරන්නේ අපට පංචේන්ද්‍රියයන්ගෙන් ලැබෙන අරමුණු හැම විටම පැහැදිලි අදහසක් ලබා නොදෙන නිසාය. පාර මඩ වී ඇති බව සිතන්න. අපට පෙනෙන්නේ එපමණකි. ඒත් එපමණක් දැන ගෙන සෑහීමකට පත් වන්නට අපට නොහැකිය. පාර මඩ වුණේ කෙසේද කියා සොයා බලන්නට සිත වෙහෙසේ. වැස්සක් වැටුණා නම් පාර මඩ වීමට ඉඩ ඇත. ඒත් වැස්සක් වැටුණා නම් ගහකොළද තෙමී යා යුතුය. වැස්සෙන් ගහකොළ තෙමී ගියත් වැස්ස වැටුණේ බොහෝ වේලාවකට පෙර නම් දැන් ඉර එළිය වැටී තිබෙන නිසා ගහකොළවල වතුරු වියළී ගොස් තිබිය හැක. ඒත් එසේ විය නොහැක. දැන් ඉර එළිය හොඳට ඇති නමුත් අද උදේ සිටම අහස වළාකුළුවලින් බර වී තිබිණි. ගහකොළ වියළෙන්නට තරම් ඉර එළියක් වැටුණේ නැත. ගහකොළවල වතුරු ගෑවුණු බවක්ද නැත. එහෙනම් වැස්සක් වැටී නැත. වැස්සක් වැටුණේ නැති නම් පාර මඩ වුණේ කෙසේද ? එහෙම නම් පාරට කවුරුන් හෝ වතුරු දමා ඇත. ඒත් මේ සා පාර මඩ වීමට වතුරු දැමිය හැක්කේ කවුරුන්ටද ? මෙය කිසියම් පුද්ගලයෙකුට වතුර භාජනයක් හෝ දෙ...

පාංසුකූලය කියන්නේ මොකද්ද?

ප්‍රශ්නය: මැරුණු කෙනා වෙනුවෙන් දෙන "පාංශුකූලය " යන්නෙහි තේරුම පහදන්න - කල්පනා ඒකරත්න... පළමුවෙන්ම කියන්න ඕනේ නංගා, කෙනෙක් මැරුණාම පාංශුකූලයක් (පාලියෙන් පාංසුකූල) දෙන්න කියලා බුදුහාමුදුරුවන් කොතැනකවත් දේශනා කරලා නැහැ. දැනට සිංහල ගෙවල පවත්වා ගෙන යන පාංසුකූල චාරිත්‍රය හින්දූන්ගෙන් ගත් 'ශ්‍රාද්ධය' කියන චාරිත්‍රයේ අන්ධානුකරණයක්. දෙවැනියට කියන්න ඕනේ අත්තනායක මුදියන්සේලාගේ හේරත් මහතා අර දොරමඩලාවට ඇවිත් ඔය පාංසුකූලය කියන එකෙන් හැදෙන සිංහල පදය වන 'පවුල්' යනුවෙන් පවුල් සිවුර ආදී ලෙස යෙදෙන පදයයි ව්‍යවහාරයේ යෙදෙන පවුල (family) යන පදයයි එකතු කරලා දීපු මහා පොර අර්ථකථනය කිසිම වාග්විද්‍යාත්මක පදනමක් නැති එකක්. පාංශු කිව්වේ පසට. කූල යන පදය යෙදෙන්නේ එකතු වීම, මිශ්‍ර වීම යන අර්ථයකට. යම් දෙයට අනුව එකතු වන විට තමයි අප අනුකූල (අනු + කූල) කියා කියන්නේ. ඒ අනුව පස් සමග මිශ්‍ර වීම, එකතු වීම තමයි පාංශුකූල කියා කියන්නේ. ශාසනික අර්ථය මෙහෙමයි. යමක් පස්වලට එකතු වන්නේ ඒක අප භාවිතයෙන් ඉවත් කළහමයි. අමුසොහොන කියන සංකල්පය එදා තිබුණනේ. අඩුකුලේ උදවිය මැරුණහම ඒ අයව රෙද්දකින් ඔතලා ගිහින් ස...